Saturday, June 4, 2011

වැදගත් හෙළිදරව් කිරීමක්

මේ දින වල එහෙමෙ ගමන් බිමන් යෙදුනු නිසා බ්ලොග් එකේ පොස්ට් 1ක් ලියන්න හිතන් හිටියට වේලා වක් නැති උනා,මම කියන්න යන කාරණය අහම්බෙන් මම දැක්ක දෙයක් නමුත් මේක අපේ  රටේ පාරිබෝගිකයන්ට ඉතා වැදගත් වනවාට සැකයක් නෑ,ඔයාල  හැමෝම සුපරි වෙලද සැල් වලින් බඩු අරන් තියනවනෙ හැබැයි ඔයාල ගොඩක් බඩු ගන්න වෙලාවක ටිකක් දිග බිලක් ලැබුනම බිලේ තියන බඩු තියන වද කියල බල නව ඇරෙන්න බිලේ එකතුව හරිද කියල චෙක් කරල තියනවද?මේ සිද්ධිය උනේ කුරුණෑගල නගරයේ සතොස වැලදසැලේ,මම පසුගිය සෙනසුරාදා දිනක ගෙදරට උවමනා බඩු අරගෙන ගෙන නිවසට පැමිනියෙමි.ගෙදර පුටුවකට වෙලා ඉදගෙන ඉන්න ගමන් නිකමට වගේ මට පහලට පහලට තියන ඉලක්කම් එකතු කරන්න පුලුවන්ද කියල බලන්න ට්‍රයි කරල බලන්න හිතුන මොකද ස්ටැට් වලටත් එකතු කරන ඒව කරේ කැල් එකන්නෙ,දැන් ඉතින් මම මේ ඉලක්කම් ටික එකතු කරල බැලුව 94+78+51+48+168+130+78.75+39+130 මාර සීන් එක මම පලවෙනි පේලිය එකතු කරද්දිම වැරදි අය එකතු කරල බැලුව ඒත් වැරදී එන්නෙම 816.75 බිලේ තියෙන්නෙ 858.75 කියල දැන් මටම ලැජ්ජා හිතුන තාම 2කෙ පන්තියේ වැඩක් වත් බෑනෙ කියල මම හිතුවෙ බිල පරිගනකයෙන් එකතු වෙලා තිබුන නිසා මට වැරදුනා කියල,දැන් අතින් එකතු කරල හරි කිය්ල හිතන් ඉන්න උත්තරය එන්නෙ නැති නිසා කැල් 1ක අරන් එකතු කරා එතකොට ආවෙත් මම අතින් එකතු කරපු උත්තරයම තමා,ඊට පස්සෙ තමා දන්නෙ වැරදිලා තියෙන්නෙ සතොසෙ පරිගනකයට කියල දැන ගත්තෙ.වෙනස බැලුවම මට රු42ක් පාඩුයි,ඊට පස්සෙ බැලුව ගත්ත බඩු ඔක්කොම තියනවද කියල ඒ ටික නම් හරි,ඊට පස්සෙ හිතුන රුපියල් 42ට අය ගිහින් වෙලාවයි පෙට්රල් නාස්ති කරන්නෙ නැතිව අමතක කරල දැම්ම,පරිගනකයටත් වරදින තැන් තියනව කියල හිතා ගෙන ඔයාලත් එකක් 2ක් වත් එකතු කරල බලන්න ,මම බිලේ රූපයක් දාල තියනව ඔයාලට මට වැරදිල කියල හිතෙනව නම් එකතු කරල බලන්න. ඔය වගේ බිලින් සිස්ටම් නිසාද දන්නෙ නෑ සතොස පාඩු ලබන්නෙ