Thursday, September 5, 2013

නිර්වාන චිත්‍රය


මේක 2004 අවුරුද්දේ කෙම්බ්‍රිජ් සරසවියේ සිදු උන හරිම අපුරු සිදුවීමක් , මේ කතාව අපිට කිව්වේ බෞද්ධයෙක් නම් නෙමෙයි Алёна ( අලියොන ) කියල රුසියානු ජාතික කතෝලික කාන්තාවක් . සරසවියේ සිසුන් විවිද රටවලින් පැමිණියත් ඔවුන් ඉතා සතුටින් ඉදල තියනවා. නොයෙකුත් ක්‍රීඩා කරමින් සිටින අතර මෙම මිතුරු කැල දිනක් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වල තියනව . හැබැයි මෙහි මාතෘකාව බොහොම අපුරු මාතෘකාවක් . එහි නම තමයි '' ඔබේ විස්වාසයට අනුව යා හැකි හොදම තැන '' ඉතින් සියලුම සිසුන් තමන්ගේ ආගමට අනුව ස්වර්ගය සිතුවම් කළා .
බොහෝ වෙහෙස මහන්සි වී අනෙකුත් සිසුන් චිත්‍රය සිතුවම් කලත් බෞද්ධ සිසුවා බොහොම පහසුවෙන් සිනාසෙමින් සිටියා.
අවසානයේ සියලුම චිත්‍ර ප්‍රදර්ශනය උනා ..
විවිද වර්ණ වලින් ස්වර්ගය දිස්වෙද්දී බෞද්ධ සිසුවාගේ කැන්වස් රෙද්ද පමණක් සුදු පාටින් හිස්ව පැවතුනා .
ඔහුගේ චිත්‍රය නම් කර තිබුනේ NIRWANA නමින් .
ඔහු රැස්ව සිටි පිරිස අමතා මෙසේ පැවසුවා මම උපතින් කතෝලික හැබැයි දැන් මම බෞද්ධ . මම දන්නා හැටියට අපි ඔක්කොටම යන්න පුළුවන් හොදම තැන නිර්වාණය . මම හිතන්නේ එතන අදින්න කිසිවක් නැහැ .
මම හැමෝටම කියනවා ඔබ ඇදපු ස්වර්ගය දිහා දවසක් බලා ඉන්න ඔබට ස්වර්ගය එපා වේවි . නමුත් කිසිවක් නැති තැන කුමක් එපා වෙන්නද ?
.............................................................................................................................................................................
ඔබ දන්නවාද ප්‍රදර්ශනයෙහි හොදම චිත්‍රයට හිමි ත්‍යාගය ඔහුට හිමි වූ බව .
ඔහු නමින් නිකොලස් නම් ප්‍රංශ ජාතිකයෙක් විය .



Source URL :
https://www.facebook.com/photo.php?fbid=509958389062757&set=a.315518415173423.76776.243561322369133&type=1&theater

4 comments:

  1. මොනා කියන්නද හිතා ගන්න බෑ..
    ඇත්ත. මේ කතාවෙන් ගොඩක් දේ ඉගන ගන්න පුළුවන්. ගන්න තියෙන දේ වචනයෙන් විස්තර කල නොහැකි උනත් හිතට දැනෙනවා ඒ හා මුහු උණු අපුරු හැගීමක්..


    ////// මම දන්නා හැටියට අපි ඔක්කොටම යන්න පුළුවන් හොදම තැන නිර්වාණය . මම හිතන්නේ එතන අදින්න කිසිවක් නැහැ .
    මම හැමෝටම කියනවා ඔබ ඇදපු ස්වර්ගය දිහා දවසක් බලා ඉන්න ඔබට ස්වර්ගය එපා වේවි . නමුත් කිසිවක් නැති තැන කුමක් එපා වෙන්නද ? ///////


    නමුත් කිසිවක් නැති තැන කෙසේ එපා වෙන්න ද ?

    Bora Diyaka Induwara

    ReplyDelete
  2. වඩා වැදගත් දේ එය ඔවුන් තේරුම් ගැනීම.

    ReplyDelete
  3. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete