Saturday, November 30, 2013

ETF / EPF ගැන දන්නවද..?

බොහෝ දෙනෙක් සිතන්නේ ජීවිතේ සැදෑ සමයේදී තමුන්ට ඉතිරි වෙන්නේ EPF හා ETF එක විතරයි කියලා. ජීවිත කාලෙන් වැඩි කොටසක් යම් සේවා ස්ථානයකට කඹුරා තමුන් නිදහස් වන කාල සීමාවෙදි ගන්නා මේ මුදල් ගැන තෘප්තිමත් වුණත්, මේ මුදල් ලබාගන්න ගියාම මුහුණ පාන්න වන අකරතැබ්බ ගැන නම් කාටත් පැහැදීමක් නැතුව ඇති.
ETF හෝ EPF කාර්යාල කියූ සැණින් ඕනෑම කෙනෙකුගේ සිහියට නැගෙන්නේ එම කාර්යාල තුළ සිදුවන්නට වන රස්තියාදුව ගැනයි. ETF හෝ EPF ගැන හරිහැටි අවබෝධයක් නැති කෙනෙකුට මේ කාර්යය තවත් අපහසුයි. ඒ නිසාමETF හා EPF ගැන මූලික දැනුවත් කිරීඹක් හා අනවශ්‍ය කාලය කා දැමීමකින් තොරව ඔබේ කාර්යය සිදු කරගන්නා අයුරු ගැන කරුණු පැහදිලි කිරීමක් වටිනු ඇතී. ඒ වගේම ETF හා EPF යනු ජීවිතයේ සැඳෑ සමයේදී ලබාගත හැකි මුදලක් පමණක් ලෙස සිතා සිටින පිරිසටත් මේ කරුණා කාරණා වැදගත් වේවි.

1958 වර්ශයේ අංක 15 දරණ පාර්ලිමේන්තු පනත යටතේ EPF හෙවත් සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කර ඇත. රාජ්‍ය ආයතනවල මෙන් ස්තීරභාවයක් පෞද්ගලික ආයතනවල සේවයේ යෙදෙන සේවකයන්ට නොමැති නිසාම ඔවුන්ට ස්ථාවරභාවයක් සකසාදීමේ අරමුණ වෙනුවෙන් මෙම ෑඡත‍ හෙවත් සේවක අර්ථසාධක අරමුදල ස්තාපිත කර තිබේ.

ඕනෑම සේවා ආයතනයක සේවකයන් මෙන්ම සේවා යෝජකයෙකුද සිටිය. සේවකයාගේ වැටුපෙන් මෙන්ම සේවා යෝජකයාගේ ඉපැයීම් වලින් කොටසක්ද මෙම EPF අරමුදලට බැරවීම සිදුවේ. එනම් සේවකයාගේ වැටුපෙන් 8% මුදලක්ද, සේවා යෝජකයාගෙන් 12% ක්ද සේවක අර්ථසාධක අරමුදලට මාස්පතා බැර වේ.

සේවයට බැඳී දින 14ක් ඇතුළත තමුන් EPF අරමුදල සඳහා අදාළ ආයතනය හරහා ලියාපදිංචි කරවාගත යුතුය. මෙය සේවාදායකයා සතු වගකීමකි. මෙම ලියාපදිංචියේදී තමුන්ට A,B හා H ලෙස පත්‍ර තුනක් හිමි වේ. එහි A පත්‍රයේ සඳහන් කළ යුත්තේ තමුන්ගේ පෞද්ගලික විස්තර වන අතර B පත්‍රයේ සඳහන් කළ යුත්තේ තමුන්ගේ පෞද්ගලික විස්තර වන අතර එය තමුන්ට හිමිවන සාමාජික පත්‍රයයි. H පත්‍රය තුල හදිසි අවස්ථාවක තමා මියගියහොත් එහි භාරකාරත්වය පැවරීම වැනි කරුණු සඳහන් කිරීඹට තිබේ. මෙහිදී A, B හා H යන පත්‍ර පුරවා කම්කරු කාර්යාලයට භාරදිය යුතුව තිබේ. මෙම කාර්යය තම ආයතනය හරහා සිදුකරනු ලබයි. මෙහිදී B කාඩ්පත දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ආයතනයට භාරදිය යුතුය. A හා H පත්‍ර දෙපාර්තමේන්තුවේ තබා ගතයුතුයි. B පත්‍රය තමන්ට හිමිවීමට නියමිත වුවත්, එය බොහෝ සේවකයන් අතින් අස්ථානගත වන නිසා බොහෝ ආයතන එම කාඩ්පත තබාගෙන සේවකයා ස්ථීරව සේවයෙන් ඉවත් වන දිනට ලබාදීමට කටයුතු සලසා ඇත.

මේ ආකාරයෙන් කම්කරු කාර්යාලයට ලැඛෙන දත්තවලට අනුව සියලු සේවකයන්ට ගිණුම් අංකයක් ලැබේ. එම ගිණුම් අංක සැකසෙන්නේ මේ ආකරයටය. සියලුම සේවා යෝජක ආයතන සඳහා කම්කරු දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි අංකයක් ලැබේ. උදාහරණයක් ලෙස සේවා ස්ථානය ගාල්ලේ පිහිටා ඇතිනම් එම ආයතනයේ අංකය වනුයේ, ආයතනයට ලබා දෙන අංකය දිස්ත්‍රික් අක්ෂරය XX/G සේවා ස්ථානයේ පළුම සේවකයාට XX/G1 ලෙස ඔහුගේ ෑඡත‍ ගිණුම් අංකයක් සැකසේ. ඒ අනුව දෙවැනි සේවකයාට XX/G2 ලෙසත් සේවක ගිණුම් අංක සැකසීම මහබැංකුවට මාස්පතා EPF මුදල් යැවීම සිදුවේ.

අර්ථසාධක අරමුදල (EPF) ලබාගත හැකි ක්‍රම කිහිපයක් තිබේ.

01. ඔබේ සේවාව අවසන් වී නිසි වයස් සීමාව සම්පූර්ණ වූ පසුව, එනම් කාන්තාවක් නම් වයස අවුරුදු 50 සපිරුණු පසුව, පිරිමියෙකු නම් වයස අවුරුදු 55 සපිරිණු පසුව.

02. විවාහ පදනම මත (එනම් සේවයෙන් ඉවත් වී මාස 03ක් ඇතුළත විවාහය ලියාපදිංචි කර තිබීම හෝ විවාහ ලියාපදිංචි කර වසර 05ක් ඇතුළත සේවයෙන් ඉවත් වුවහොත් අදාළ විවාහක කාන්තාවට මෙම මුදල ලබාගත හැකිය.)

03. තවදුරටත් රැකියාවක් කරගත නොහැකි තරමට අබලදුබල වූ විට රජයේ රෝහලකින් ඒ බව තහවුරු කළ සෞඛ්‍ය 307 කම්කරු කාර්්‍යාලයට ලබාදීම මගින් මෙම අරමුදල ලබාගත හැකිය.

04. විදෙස් රටකට යාම සඳහා ස්ථීර වීසා ලැබුණු අවස්ථාවක.

05. ස්ථීර විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියාවක් ලැබුණු විට.

06. රාජ්‍ය ප්‍රතිපත්තියක් යටතේ හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ සංස්ථාවක් EPF මුදල ලබාදිය යුතු යැයි අමාත්‍ය මණ්ඩලය තීරණය කළහොත් අදාල මුදල ලබාගත හැකිය.

ඔබ විමසිලිමත් විය යුත්තේ.

ඔබ එක් ආයතනයකින් ඉවත්ව තවත් ආයතනයක සේවයට යයි නම් එවැනි අවස්ථාවලදී පෙර ආයතනයේ මුදල් දෙවැනි ආයතනයේ ගිණුමට ඒකාබද්ධ කරගත යුතුය. එසේ නොමැති නම් ඔබ සේවය කරන සෑම ආයතනයක්ම ලියාපදිංචි B කාඩ්පත සුරැකිව තබාගැනීමට සැලකිලිමත් විය යුතුය. යම් ලෙසකින් ඔබට EPF මුදල්ද හිමි බව කියමින් සේවට බඳවාගෙන B කාඩ්පත ලියාපදිංචි නොකරන ලද ආයතනයක් වුවහොත් එම මුදල් ලබා ගැනීමට වෙහෙසක් දැරීමට සිදුවේ.
එබැවින් ආයතනයෙන් ලැඛෙන B කාඩ්පත සුරැකිව ළඟ තබා ගන්න. යම් ලෙසකින් B කාඩ්පත ලියාපදිංචි කර නොතිබුණහොත් EPF මුදල් ගැනීමට අදාළ ආයතනයේ සේවය කළ බවට පිළිගත් ලිඛිත සාක්ෂියක් කම්කරු කාර්යාලයට ලබාදීමට ඔබට සිදුවේ.
EPF මුදල් ලබාගැනීමට පැමිණීමේදී ඔබේ කාලය අනවශ්‍ය ලෙස කා දැමීමේ චෝදනාවට පිළීතුරු.

ඔබට මෙම මුදල් ලබාගැනීමට කොයි තරම් හදිසි වුවත් කම්කරු කාර්යාලය හරහා ඔබ විසින් සේවයට පැමිණි මුල් අවස්ථාවේදී A,B,H කාඩ් පත්වල තොරතුරු සමඟ අයදුම්පතේ තොරතුරු නිවැරදි දැයි සොයාබැලීම සිදුවේ. මෙම අවස්ථාවේ අදාළ තොරතුරු වල වෙනස්කම් සිදුවී තිබුණහොත් ඒ වෙනුවෙන් යම් කාලයක් වැය කිරීමට ඔබට සිදුවේ. මේ හේතුව නිසාම ඔබ මතක ඇතිව සේවයට පැමිණි මුල් කාලවකවානුවේදී ඔබට ලැඛෙන A,B හා H යන පත්‍ර ඉතාම නිවැරදිව, පැහැදිලිව, ස්ථීර හා සත්‍ය තොරතුරු ඇතුළත් කර පිරවිය යුතුය. එවිට ඔබට අනවශ්‍ය ලෙස කාලය කා දැමීමක් සිදු කළ යුතු නැත.

ඔබේ අවශ්‍යතා කඩිනමින් ඉටු කරගැනීමට.

දැන් දිවයින පුරා පිහිටා ඇති දිස්ත්‍රික් කම්කරු කාර්යාල 33ක් EPF පහසුකම් සඳහා ස්ථාපිත කර ඇති බැවින් තම පදිංචි ප්‍රදේශයට ආසන්නම කම්කරු කාර්යාල හරහා සේවාවන් ලබාගත හැකිය.

වැඩි විස්තර සඳහා 0112 - 368917 අමතන්න
ප්‍රධාන කාර්යාලය (08 වැනි මහල, කම්කරු දෙපාර්තමේන්තුව, නාරාහේන්පිට) උපදෙස් - D.P.K.R වීරකෝන් කම්කරු කොමසාරිස් - සේවක අර්ථසාධක අරමුදල

1980 අංක 46 දරණ පාර්ලිමේන්තු පනත යටතේ මෙරට සියලුම රජයේ ලියාපදිංචි සේව්‍ය ආයතන තුළ සේවයේ නියුතු සේවා නියුක්තිකයන්ගේ මාසික වැටුපෙන් 3% ක මුදලක් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට බැර කළ යුතුය. ඒ අනුව දැනට ශ්‍රී ලාංකිකයන් මිලියන 3.55ක පමණ පිරිසක් මෙම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට හිමිකම් කියතී.

දැනට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල තුළ සාමාජික ගිණුම් 99 ලක්ෂයක් ඇති අතර, ඉන් සක්‍රීය සාමාජිකයන් ලෙස විසි දෙලක්ෂයක පිරිසක් සිටිතී. මෙහිදී සාමාජික ගිණුම් යනු ඔබ යම් ආයතනයක දින තුනක් සේවය කළඳ, ඉන් ලබන තෙදින වැටුපෙන් 3% ක මුදලක් මෙම අරමුදලට බැර වී සැකසෙන ගිණුමයි.
සක්‍රීය සාමාජිකයන් ලෙස හඳුන්වන්නේ දැනට කලක පටන් සේවය කරමින් වැටුපෙන් 3% ක මුදලක් මෙම අරමුදලට බැරවෙමින් තිඛෙන සාමාජිකයන්ය. මෙම සාමාජිකත්වය ලැබීමත් සමගම ඔඛෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට බැර වන මෙම මුදල නිසා වසර අවසානයේ පොලී මුදලක්ද, ලාභාංශයක්ද ගිණුමට එකතු වේ.
ඊට අමතරව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හරහා ඔබට තවත් ප්‍රතිලාභ 10 ක් ලබාගත හැකි වේ.

01. ස්වයංක්‍රීය ජීවිත රක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (රු. 100,000.00)

02. නිත්‍ය දුබලතා රක්ෂණ වන්දි ප්‍රතිලාභ (රු. 200,000.00)

03. හදවත් සැත්කම් සඳහා මූල්‍යාධාර ලබාදීම (රු. 150,000.00)

04. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා මූල්‍යාධාර ලබාදීම (රු. 150,000.00)

05. අක්ෂි කාච පැළඳීම සඳහා මූල්‍යධාර ලබාදීම (රු. 180,000.00)

06. පහ වසර ශීෂ්‍යත්ව සමත්වන දූ දරුවන් 7,000 කට රු. 150,000.00 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීම

07. රෝහල්ගත වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණය කිරීම (රු. 25,000.00)

08. වියන නිවාස ණය යෝජනා ක්‍රමය (රු. 100,000.00 සිට රු. 1,500,000.00 දක්වා)

09. උසස් පෙළ සමත් දූ දරුවන් 5,000 කට ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රු. 12,000.00 බැගින් මූල්‍යාධාර ලබා දීම.

10. නිත්‍ය දුබලතාවට පත්වන සාමාජිකයන්ගේ 5 වසර ශිෂ්‍යත්වය සමත්වන දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම.

කෙසේ නමුත් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ලබාගැනීම යනු, යම් ආකාරයකට කරදරකාරී කටයුත්තක් යැයි ඇතැමෙක් සිතනී. මේ නිසාම ඒ පිළිබඳව මූලික දැනුමක් ලබා අවශ්‍ය මුදල් ලබාගැනීමට මෙම ආයතනය වෙත පැමිණිම ඔබගේ කාලය ඉතිරි කරගැනීමක් වනු ඇත.

ඔබට ETF (සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල) ලබා ගැනීමට අවශ්‍ය නම් අදාළ කාර්යාලය වෙත පැමිණ මුදල් ලබාගැනීමට පහසුකම් සලසා ඇති අංශයෙන් ඉල්ලුම්පතක් ඉල්ලා එය ඉතාම පැහැදිලිවත්, නිවැරදිවත් (නිවැරදි අක්ෂර හා දත්ත සමගින්) පුරවා එම අංශය වෙත භාර දෙන්න. ඔබේ දත්ත නිවැරදිව පුරවා ඇත්නම් උපරිම සති තුනක කාලයක් ඇතුළත අදාළ මුදල ලබාගත හැකිය.

එසේත් නැතිනම් නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ අදාළ අංශය වෙත රුපියල් 1,000 ක මුදලක් ගෙවා එක් දිනක් ඇතුළත අදාළ මුදල ලබාගැනීමටද පහසුකම් ඇත.

යම් ලෙසකින් ඔබේ මුදල් දත්ත වල අක්ෂරවලින් හෝ විස්තර ලෙසත් නිවැරදි විය යුතු නැත් ඇතොත් ඒ වෙනුවෙන් ඔබට යම් කාලයක් කැපකිරීමට සිදුවේ. උදාහරණයක් ලෙස නිශාන්ත ලෙසින් සඳහන් නම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ නිශ්ශංක ලෙසින් හෝ නිසාන්ත ලෙසින් එක් අක්ශරයකින් හෝ සදොස් වී ඇති නම් එය නිදොස් කර ගැනීමට ඔබ දිවුරුම් ප්‍රකාශයක් රැගෙන යා යුතුය. එවිට අදාළ කටයුතු නැවත පැමිණිමකින් තොරව සිදු කරගත හැකිය.

මෙම කටයුතු සිදුකරගැනීමට ඔබට නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයටම යා යුතු නැත. දැන් මහනුවර, ගම්පහ, කුරුණෑගල, මාතර යන ප්‍රදේශවලද පිහිටි කාර්යාලවලට පැමිණ මෙම කටයුතු සිදුකරගත හැකි වේ.

ඔබට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ලබා ගත හැකි අවම කාලසීමාව වන්නේ වසර පහකි. වසර පහක්වත් ආයතනයක සේවය කර ඉන් ඉවත්ව ඇත්නම් එම මුදල ඔබට අවශ්‍ය නම් නැවත ලබාගත හැකිය. නමුත් ඔබ එම මුදල ලබා නොගනී නම් අරමුදලේ තිඛෙන තුරු පොලී මුදලක් එකතු වීම ඔබට අවාසිදායක තත්වයක් විය හැකිය.

ඔබට වසර පහක් එක් ආයතනයක සේවය කර ඉන් එකතු වූ අරමුදල නැවත ලබාගත්තද, මීළගට සේවය කිරීමට යන නව රැකියාව තුළින්ද ඔබට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට මාස්පතා 3% ක මුදල් ලෙසින් එකතු වී නැවත අරමුදල අලුතින් සැකසීම සිදුවේ.

මෙම අරමුදල අදාළ වකවානුව තුළදී ලබාගැනීමට දැන් අදාළ ශාකා වෙත නොයා අන්තර්ජාල ඇසුරින් ලබාගැනීමටද පහසුකම් සලසා ඇත. ඒ අනුව අන්තර්ජාලය හරහා ලබාගන්නා අයදුම්පත් පුරවා යවා කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව හා ලංකා බැංකුව යන බැංකු තුළ ගිණුම් හිමියන්ට එම ගිණුමට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල බැර වන සේ සලසා ගත හැකිය.

උපදෙස් - K.M.A ගොඩවත්ත
සභාපති (ප්‍රධාන විධායක නිලධාරී) සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය
උපුටාගැනීම එළකිරි සමාජ ජාලයෙන්.....

Thursday, September 5, 2013

නිර්වාන චිත්‍රය


මේක 2004 අවුරුද්දේ කෙම්බ්‍රිජ් සරසවියේ සිදු උන හරිම අපුරු සිදුවීමක් , මේ කතාව අපිට කිව්වේ බෞද්ධයෙක් නම් නෙමෙයි Алёна ( අලියොන ) කියල රුසියානු ජාතික කතෝලික කාන්තාවක් . සරසවියේ සිසුන් විවිද රටවලින් පැමිණියත් ඔවුන් ඉතා සතුටින් ඉදල තියනවා. නොයෙකුත් ක්‍රීඩා කරමින් සිටින අතර මෙම මිතුරු කැල දිනක් චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වල තියනව . හැබැයි මෙහි මාතෘකාව බොහොම අපුරු මාතෘකාවක් . එහි නම තමයි '' ඔබේ විස්වාසයට අනුව යා හැකි හොදම තැන '' ඉතින් සියලුම සිසුන් තමන්ගේ ආගමට අනුව ස්වර්ගය සිතුවම් කළා .
බොහෝ වෙහෙස මහන්සි වී අනෙකුත් සිසුන් චිත්‍රය සිතුවම් කලත් බෞද්ධ සිසුවා බොහොම පහසුවෙන් සිනාසෙමින් සිටියා.
අවසානයේ සියලුම චිත්‍ර ප්‍රදර්ශනය උනා ..
විවිද වර්ණ වලින් ස්වර්ගය දිස්වෙද්දී බෞද්ධ සිසුවාගේ කැන්වස් රෙද්ද පමණක් සුදු පාටින් හිස්ව පැවතුනා .
ඔහුගේ චිත්‍රය නම් කර තිබුනේ NIRWANA නමින් .
ඔහු රැස්ව සිටි පිරිස අමතා මෙසේ පැවසුවා මම උපතින් කතෝලික හැබැයි දැන් මම බෞද්ධ . මම දන්නා හැටියට අපි ඔක්කොටම යන්න පුළුවන් හොදම තැන නිර්වාණය . මම හිතන්නේ එතන අදින්න කිසිවක් නැහැ .
මම හැමෝටම කියනවා ඔබ ඇදපු ස්වර්ගය දිහා දවසක් බලා ඉන්න ඔබට ස්වර්ගය එපා වේවි . නමුත් කිසිවක් නැති තැන කුමක් එපා වෙන්නද ?
.............................................................................................................................................................................
ඔබ දන්නවාද ප්‍රදර්ශනයෙහි හොදම චිත්‍රයට හිමි ත්‍යාගය ඔහුට හිමි වූ බව .
ඔහු නමින් නිකොලස් නම් ප්‍රංශ ජාතිකයෙක් විය .



Source URL :
https://www.facebook.com/photo.php?fbid=509958389062757&set=a.315518415173423.76776.243561322369133&type=1&theater

Monday, July 1, 2013

ගීත රසය..

අපි ගීත රස විඳීමේදී.. එහි පදමාලාව කොයිතරම් හොඳින් ග්‍රහණය කර ගන්නවාද යන්න පිළිබඳ මට ඇත්තේ විශාල ගැටළුවකි.. මා හෝ මගේ හිතවතෙකු ඇතැම් පද මාලා හඳුනා සිටියේ මෙසේය..

1. 
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම් කල්පයකින් මදුරු දැලක් පමණ නැත වරම්...
2. 
අහා හැඩයි රූපේ ඕ නිත්ති බාගෙ සෝබනා..
3. 
යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී ඔබේම කුල හෙයි දත නියවන්නට..
4. 
රන් මසු නෑ කියා .. මා බිළිඳුයි කියා.. කීවා..
5. 
කතරගමට ගියා තමයි කතරගමත් වහලා..
තව කීපයක් තිබුණා.. මතක නෑ.. ඔයාලටත් මේ වගේ මතක ඇති නේ...


එළදෙනටහෙලදෙරණ )ජනජයතු ජය මංගලානි .. පොඩි කාලේ අහුනෙම එහෙම.
"
එපා එපා මස් කන්නට කිරිඅම්මාගේපොඩි කාලේ මට හිතුනෙම ආච්චි අම්මගේ මස් කන්ඩ එපා කියනවා කියල.
දියකිදුරිය සේ ආදරේ...දෝතින් ගෙන ආ.. සාගරේ....
ඇයි දමිත් අසංකගෙ "මගෙ හිත ගාව දණ ගාපු මනමාලියේ...." හරි එක තමා "මගෙ හිත ගාව දඟ දාපු හැඩකාරියේ..." අනිත් එක "ඔබ ආරාධනා වක්කලාදෝ...."
අමරසිරි පීරිස්ගෙ "ඉරි තෑලුනු වලාගිතයෙ තියෙන "යමු යමු යමු අපි ඈවිදයමු ප්‍රේමියේ"කියන එක අපේ එකෙක් කියන්නෙම "යමු යමු යමු අපි ඈවිද යමු පේලියේ " කියල.
රනිදුගේ "හාච්චියක් දෙන්නසිංදුවේ මට ඇහෙන්නේ "තාච්චියක් දෙන්නකියලමයි....
ඇපල් මලක් සිංදුවේ
-
එපා දෑස යන්න මාගේ උනුහුමට ගින්දරී..
-
අස්ථියෙන් අදී කෑලි කැපෙන රළු රා3යේ
වේරලියද්ද
-
වැහි තාර මත දිය දෝරෙ ගැලුවට..
මං පොඩි කාලෙ ඈ....

එවන් අසිරිමත් ජාතිය ජනෙල් උදාරයි

නෙත මා සොයාගෙන ගියෙ ඇයිද නැත නිල් මලේ

බිම්බරක්සෙ නැග කඩ කඩ“ (බිම්බරක් සෙනග)
අකුරු හඬයි පොත් අහසේ (අකුරු හඬයි බොල් අහසේ)
කොටියෙකි මාමේ සීතල වතුරේ

ඇයි අම්මෙ කබරගොයා උගේ සුරතලී කියන්නෙ.....?“ අපේ ගෙදර වගේ බල්ලො පූසො ඉඳල නැද්ද..?? ඊයා.......“
මම:- අම්මෙ කතාකරන පඩිපෙලවල් තියෙනවද...??
අම්ම:- ඇයි??
මම:- නෑ අම්මෙ ඇයි අර නිරෝෂ ඇන්ටි කියන්නෙ ආදරෙයේ පියගැටපෙල පාර කියාවී කියල...
දුහුල් මලක මල් පෙත්තක
සියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවුඩය
සමනලයෙක් අතේ එව්වා
හම්බ වුණාද
ඌව කන්න පරිස්සමින්
කටු පොඩි නොකර
මගේ යාලුවෙක්ට "පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ " කියන එක ඇහිලා තිබ්බේ "පියාගේ නම තිලක්උනේ කියල.. මූ ඉස්කෝලේ ඇවිල්ල අපෙන් අහනවා ඇයි බන් නම තිලක් වෙන්න බැරි කියලා.. ඊට පස්සේ උගේ තත්වය හරිම ශෝචනීයයි
ඇයි "හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට - මම ඇඩුවා ඔබත් එක්ක පැනලා පාරට" (පැන ආ පාපෙට )
එතකොට “තිලොවග රාජා - භව සැරිසරලා “ එකේ “භව රෝගේ “ කියන එක ඇහෙන්නේ ගව රෝගේ “ කියලා. “............ වන බඹරා ආවාසේ “ අම්මේ ...ආවාසේ ඉන්න හාමුදුරුවන්ට කියන කතා ?
සිව් මහ බැබුන්
උන් පෙරහරින්
අපටත් රජෙක් පහලොව ඇතේ
ආ යු බෝ වේවා මහරජානෙනි.

-
අදටද නියම වචන නොදනිමි-

1.
අනේ මං බලාන උන්නා..
ලලිත් ඔබ එතැයි කියා...

2.
මධුමතියේ බඩුම තමා....

3.
නෙතු ලඟ සීතල දැනුනා..කඳුලක් තාලෙට හැඬුවා..
වාහන හැඬුවා ඔබ දන් නෑ...

4.
ඉරි තැලුනු වලං..
උඩු වියන් යටින්..
ඇයි ක්ලැරන්ස්ගේ "සඳක් බැස ගියාසින්දුවේ "දෙළුම් මල් පිපුන දෙවැට දිගේඑකට"නෙලුම් මල්කියල කියපු එකෙකුත් හිටියා .. දෙවැටේ කොහෙන්ද බන් නෙලුම්..
රූප සොබාවට හිත වහ වැටුනට
ආල කථා නොකියන්න හොඳා
ජාඩි ලඳකි මම අවසර පිං කඳ
ඩිංගක් හිත වාවන්න හොඳා

(
ගාඩි ලඳකි)
හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං
ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං
සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං
මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං

ඊමේල් පණිවිඩයකින් උපුටා ගත්තකි.කතෘ අවිනිචිතයි 

Tuesday, June 4, 2013

නිවැරදිව කොන්ඩම් 1ක් භාවිතා කරන ආකාරය සිංහලෙන්

යු ටියුබ් 1කෙ සැරි සරද්දී දැක්කේ.ඔයාලටත් කවද හරි දවසක ප්‍රයෝජවත් වේවි. කුරුදුවත්තේ රොට්‍රැක් එකේ කට්ටිය වැලන්ටයින් එකට ප්‍රොජෙට් 1ක් කරන්න ගිහින් අනා ගත්ත වගේ වීඩියෝ 1ක් නම් නෙමේ.
මේ දේවල් නොදන්න අයනම් බ්ලොග් අවකාශයේ නම් නැතිව ඇති.කෙසේ නමුත් අගය කල යුතු වැඩක් ඉදිරියේදී තවත් ලිංගික අධ්‍යාපන වැඩසටහන් සිංහල මාධ්‍යයෙන් හැදෙන්න ඕනා.     

Sunday, April 21, 2013

රජයේ ත්‍රයි භාෂා ශබ්ද කෝෂය

පරිගණකගත සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ කියනකොටම ඔයාලට මතක් වෙන්නේ මදුර ඩික් එකනේ,හැබයි ඒක ඉස්ටෝල් කරලා බාවිතා කරන්න මදුර ෆොන්ට් 1කත් ඕන නේ,මෑතකදී මදුර ඔන්ලයින් එඩිෂන් 1ක නම් යුනිකෝඩ් විදිහට හදල තිබ්බ.අය මලලසේකර ඩික් එක සුපිරි ඒක හරි විදිහට භාවිතා කරනවා නම් සල්ලි දීල ගන්න ඕනනේ :-)
     නමුත් දැන් රාජ්‍ය භාෂා දෙපර්තුමෙතුවෙන් නොමිලේම හොද ඩික්ෂනරියක් භාෂා තුනම සෙට් කරලා නිකුත් කරලා තියනවා.ඔන්ලයින් වගේම ඔෆ් ලයින් භාවිතා කරන්නත් පුළුවන්.

මේකේ මොබයිල් වර්ශන් එකක් නම් තමා නෑ නිකුත් කලොත් හොදයි.මම ජංගම දුරකතනයේ භාවිතා කරන්නේ භාෂා ඩික් 1ක,ඇන්ඩ්රොයිඩ් මාර්කට් එකෙන් නොමිලේ ගන්න පුළුවන්.

පමා වෙලා හරි ආණ්ඩුවෙන් මේවගේ දෙයක් කරපු 1ක අගේ කරන්න ඕනා.භාෂා දෙපාර්තුමේන්තුවේ අය නිකන් ඉදල අපේ සල්ලි වලින් පඩි ගන්නෙ නැතිව මෙහෙම හරි දෙයක් හරි කරපු එක ලොකු දෙයක්.       

මෙන්න වෙබ් සයිට් 1ක ඔයාලට ඕන නම් ගිහින් ඩවුන්ලෝඩ් කර ගන්න,නැත නම් ඔන්ලයින් පාවිච්චි කරන්න ලින්ක් 1ක සේව් කර ගන්න.

http://www.trilingualdictionary.lk/index.php

Friday, March 1, 2013

හලාල් ඇත්ත නැත්ත

මිට අවුරුදු 2ක 3ක සිට ඊ මේල් වලට පමණක් සිමා වුන මුස්ලිම් ආක්‍රමණ දැනුවත් කිරීම්.දැන් එළිපිටම ෆේස්බුක් හා ජනමාධ්‍ය ඔස්සේ කලින් කතිකාවක් බවවට පත් වී හමාරය.මෙහිදී ප්‍රධාන මාතෘකාවක් වූ හලාල් පිළිබද හා එහි ඉතිහාසය ගැන ලියවුනු පොතක් ජාතික හෙළ උරුමය විසින් පසුගිය දා එලි දැක්වුණි.පහත link 1ක තුලින් ඒ පොත බාගෙන කියවන්න.මෙය කියවද්දී මැදිහත්ව දේශපාලන පාට කන්නාඩි වලින් නොබලා කියවන්ලෙස ඉල්ලා සිටීම.පෞද්ගලිකව හෙල උරුමයේ දේශපාලන මතය සමග එකග නොවුවත් මෙවන් සමාජයමය වගකීම් අගය කලයුතුය.

Book Downloading Links

http://www.4shared.com/office/uSK16_nm/JHU_Publication_-_Halaal.html 


http://www.mediafire.com/view/?g3pawijgms18xzahttp://www.mediafire.com/view/?g3pawijgms18xza
   

 2014 May- http://www.slmuslims.com/images/events/20140525%20-%20HAC%20Halaal%20List.pdf

Friday, January 25, 2013

ඉනියාවන්

සිංහල සිනමාවේ හොද නිර්මාණ බිහිවන්නේ කිහිපයකි. ඉනියාවන් ඒ අතරින් පතර බිහිවූ හොද කාලෝචිත නිර්මාණයක්,මේ ඒගැන කියවුණු හොද විචාරයක්, 

Tuesday, December 4, 2012

"සල්ලි දීලත් හිටගෙන යන්න උන නම්"

 
මේ සිදුවීම උනේ ඊයෙ බ්ලොග් අවකාශයේ ලියන්න වෙලාවක් ලැබුනේ දැන්.ඊයේ දින කුරුණෑගල සිට කොලබ බලා එන්න යාලුවෙක් එක්ක ගිය දුම්රියපොළට ඉක්මනට එන්න ඕන නිසා අපි නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ ප්‍රවේශ පත්‍ර මිලදිගත්තෙමු.ප්‍රවේශ පතෙහි වෙලාව සටහන් වී තිබුනේ 17.36 (සවස 5.36)කියාය.රවුම් වෙලාවක් නැතිව තිබ්බ නිසා වෙලාවට දුම්රිය එයි කියල අපි හිතුවා.ස්ටේෂන් 1ක කුරුණෑගල නගරයේ සිට 2km විතර දුර නිසා වෙලාවට විනාඩි 2ක 3ක් කලින් වත් යන්න ඕන කියල හිතා ගෙන ත්‍රීවීල් එක කම අවා ස්ටේෂමට.ඒ වෙනකොට දුම්රිය සදහා ප්‍රවේශ පත්‍ර ඉවර වෙලාලු අපි වෙලාවට කලින් ගත්තේ කියල හිතාගෙන ඇතුලට ගියා.බංකු උඩට වෙලා මදුරුවෝ තලතල හියිය දුම්රිය එනකම් නගරාන්තර සීග්‍රගාමී දුම්රිය පැය බාගයක් පරක්කුයි අවේ 6 ට s11 බලවේග දුම්රිය අපේ සිට් තියන පෙට්ටිය ගානටම අපි හිටපු තැනට ඇවිත් නැවත්ත්වා හරියට අපි දෙන්න දැකල නැවත්ත්ව වගේ.අපි සිට් එක හොයාගෙන ගියා මෙන්න අපිදෙනාගෙන් එක සිට් 1කක පොරක් ඉදගෙන අපි අව විතරයි පොර නැගිටලා ගියා.ජනේලයක් ලග හින්ඳ එන්න ඇති කියල අපි හිතුවා.bag එහෙම උඩින් දාල ඉදගන්න හැදුව විතරයි සුද්දෙක් කිව ඉදගන්න එපා තුඩක් තියනවා ඉදගන්න එපා කියලා.හැබෑ නේන්නම් කබියක් සිට් එකෙන් එලියට ඇවිත් ඉද ගත්තනම් මගේ පස්සේ තමා අනෙන්නේ තව පිට ගැස්මටත් බෙහෙත් විදපන්කෝ.සුද්දට ස්තුති කරලා කම්බිය නමන්න ට්‍රයි 1ක් දුන්න කොහෙද එක නැමෙන්නේ එක වනේ දුන්නක්ද කොහේදෝ.යාලුවට නම් ඉදගන්න සිට් 1ක හරි,ලග සිට් 1කක හිටිය සුදිදියෙක්ට මම ගැන අනුකම්පා හිතිලද කොහේදෝ කිව ඉස්සරහ හිස් සිට් 1ක් තියන තැනක් පෙන්නුවා.හිස් සිට් 1ක් නොති බෙන්න ඊයේ හිටගෙන තමා එන්න වෙන්නේ මේ වගේ නගරාන්තර දුම්රිය දවනයට කලින් චෙක් කරලා බැලුවොත් හොදයි නේද?train number 4018,Seat number B-15,B-16
පලි -මේ පින්තුර මම ගත්තුවා නෙමේ 1ක් කුඩහෙට්ටිගේ(rail junction 1ke).  

Thursday, October 4, 2012

වැදගත් කියමන්

ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගතවේ නම් ළදකට එය වියදම් කිරීමට තත්පරයක් ප්‍රමාණවත්ය.
-ඩාවින්චි-


ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුනේ නම් අද ගුරුත්වාකර්ශනයක් නැත.
-අයිසැක් නිව්ටන්-

ළදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය.නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂවය.
-අයින්ස්ටයින්-

පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටුවිට එපා වේ.
-මැක්රෝනි-

ඔබත් කෙනෙකුට ආදරේ කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරා ගනු ඇත. මෙහි විලෝමය සත්‍ය වේ.
-මයිකල් -

ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම් කිසිවක් නැතිවය.
-ඇන්ජෙලෝ-

ඔබගේ පෙම්වතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අතහරිනු ඇත.
-ශාරුක් කන්නන්ගර-

ඔබ ගස්ලබු, යෝගට්, පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම්, ඒවා ගෙදරට ගෙන ඒමෙන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය
-රිතික් රෝෂාන්-

ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,
1. එහි ඇවාට ඇති බැවිනි.
2. තනියම දීප්තියක් විය නොහැකි බැවිනි.
3. හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි.
4. දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි.
5. සෑම මාසයක් පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි.
-බඩ්ලිව් බුෂ්-

විදුලි බුබුල නිවපවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම් ගත් විට නැවත එකක් කිරීමට උත්සාහ නොකලෙමි!
-තෝමස් අල්වා එඩිසන්-