Sunday, October 3, 2010

සිංහලෙන් ගණන් කිරීම

දශ දශයෙක් නම් -----> සියයෙක
දස සියයෙක් නම් -----> දහසෙක
සියක් දහසෙක් නම් -----> ලක්ෂයෙක
ලක්ෂ සියයෙක් නම් -----> කෝටියක
කෝටි සියයෙක් නම් -----> ප්‍රකෝටියක
ප්‍රකෝටි සියයෙක් නම් -----> කෝටි ප්‍රකෝටියක
කෝටි ප්‍රකෝටි සියයෙක් නම් -----> නහුතයක
නහුත සියයෙක් නම් -----> නින්නහුතයෙක
නින්නහුත සියයෙක් නම් -----> හුතනහුතයෙක
හුතනහුත සියයෙක් නම් -----> ඛම්‍භයෙක
ඛම්භ සියයෙක් නම් -----> විෂ්කම්භයක
විෂ්කම්භ සියයෙක් නම් -----> අකෙෂෟභිණියෙක
අකෙෂෟභිණි සියයෙක් නම් -----> බින්දුවෙක
බින්දු සියයෙක් නම් -----> අද්බුදයෙක
අද්බුද සියයෙක් නම් -----> නිරබ්බුදයෙක
නිරබ්බුද සියයෙක් නම් -----> අබබයෙක
අබබ සියයෙක් නම් -----> අටටයෙක
අටට සියයෙක් නම් -----> අහහයෙක
අහහ සියයෙක් නම් -----> කුමුදයෙක
කුමුද සියයෙක් නම් -----> සෞගන්ධියෙක
සෞගන්ධි සියයෙක් නම් -----> උත්පලයෙක
උත්පල සියයෙක් නම් -----> පුණඩරීකයෙක
පුණඩරීක සියයෙක් නම් -----> පදුමයෙක
පදුම සියයෙක් නම් -----> කථානයෙක
කථාන සියයෙක් නම් මහා -----> කථානයෙක
මහා කථාන සියයෙක් නම් -----> අසංඛ්‍යයෙක

සද්ධර්මාලංකාරය ඇසුරෙනි.


උපුටා ගැනීම එලකිරි.කොම් වෙතින්

Monday, July 19, 2010

කව්ද මේ හෙන්රි පේදිරිස්?

ගාල්ලේ දන්ගෙදර ඩී.ඩී පේදිරිස් යුවලට දාව 1888 අගෝස්තු 16 වන දින උපත ලැබූ හෙන්රි පේදිරිස් අධයාපනය ලැබුවේ කොළඹ ඇකඩමිය හෙවත් රාජකීය විදුහලෙන් හා ශාන්ත තෝමස් විදුහලෙනි.පාසල් වියේදී ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය.
ධනවත් ව්‍යාපාරිකයන් වූ  පේදිරිස් යුවලට අවශය වූයේ තම පුතුට ඉහළ අධ්‍යාපනයක් ලබාදී තම සියලු ව්‍යාපාර ඔහුට පවරා දීමටය.එහෙත් ඔහු එකල පැවති නගරාරක්ෂක හමුදාවට ස්වේච්ඡා සේවකයෙකු ලෙස එක්විය.ඒ එහි පළමු ලාංකිකයා ලෙසය.ඔහුට අශ්ව විද්‍යාව පිළිබද තිබූ මනා හැකියාව නිසා ඔහු කෙටි කලකින්ම(අවුරුද්දක් ඇතුලත) එහි කැප්ටන් තනතුරට උසස් වීමක් ලබාගැනීමට හැකිවිය.එම නිසා ඔහු කෙරෙහි බොහෝ අය ඊෂ්‍යා කරන්න විය.
මේ අතරතුර 1915දී ගම්පොළ දී පෙරහැරක් පැවැත්වීමේ සිද්ධියක් මුල් කරගෙන බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර ආරවුලක් පැන නැග්ගේය.ගම්පොළින් ආරම්භ වූ මෙම සිද්ධිය නොබෝ දිනකින්ම කොළඹට ද ව්‍යාප්ත විය.වික්ටෝරියා පාලම(පෑලියගොඩ පාලම) අසලින්  කොළඹට පැමිනෙමින් තිබූ උද්ඝෝෂණ කණ්ඩායමක් පාලනය කිරීමට තරුණ කපිතාන් හෙන්රි පේදිරිස්ට පැවරිනි.අසුපිටින් මෙහි ගිය හෙන්රි උද්ඝෝෂකයන් සමග සාකච්ඡාකොට උද්ඝෝෂණය සාර්ථකව විසිරුවාහරින ලදී.නමුත් කටකථාවක් මගින් පැතිර ගියේ ඔහු අසු පිටින් ගොස් මෙම කණ්ඩායමට සහය වූ බවය.මෙය අසන්නට වූ සුද්දන් ඔහුව අත් අඩංගුවට ගත්හ.
1915 ජූලි 01 වැනි දින තුන්දෙනෙකුගෙන් සමන්විත යුධාධිකරණ විනිසුරු මඩුල්ල නියම කරේ හෙන්රි පේදිරිස් ව වෙඩිතබා ඝාතනය කළ යුතු බවය.පසු දින එනම් ජූලි 02 වෙනි දින වෙඩිතබා ඝාතනය කිරීමට කටයුතු සූදානම් කර තිබුනද දේෂීය ජනතාවගේ විසේසයෙන් ප්‍රභුන් හා උගතුන්ගේ විරෝධතා නිසා එය ජූලි 08 වන දිනට කල් දමන ලදී.මහජන උද්ඝෝෂණ වැඩිවන්නට වූ නිසා එය ජූලි 07 වන දිනට නියම කෙරිනි.
තමාගේ මරණය නියත  වශයෙන්ම දැනගත් ඔහු තමා ඝාතනය කිරීමට පෙර ඉලීම් 5 ඇති බව පාලකයන්ට දැන්වීය.එනම්
1.තම මව් පියන් අවසන් වරට බැහැදැකීමට අවසර ගැනීම.
2.මහා සංඝරත්නයට අටපිරිකර පූජා කොට ආගමික වතාවත් ඉටුකිරීම.
3.සුද්දන් ලවානොව පංජාබ් සොල්දාදුවන් ලවා තමාට වෙඩිතැබීම.
4.තම හමුදාවේ නිලධාරීන් සමග තේ පැන් සංග්‍රහයකට සහභගී වීම.
5.තම සිරුර පවුලේ සොහොන් භූමියේ මිහිදන් කිරීම.
යන ඒවාය.
නියමිත දින එනම් ජූලි 07 සුද්දන් ඔහුට මංචු දමා මුහුන ලේන්සුවකින් ආවරණය කීරීමට සුදානම් විය.එයට තරයේ විරුද්ධ වූ ඔහු කියා සිටියේ "මට උබලාගේ ලේන්සු වුවමනා නෑ.මම මරණයට බය නෑ"යන්නය.මොහොතකින් එල්ල වූ වෙඩි උන්ඩයකින් ඔහුගේ ළය සිදුරු වී ගියේය.
තම පුතුගේ මරණයෙන් අතිශය කම්පාවට පත්වූ පේදිරිස් යුවල තම පුතු බේරා ගැනීමට වියදම් කිරීමට සූදානම් සියලු මුදල් එක්කර කොළඹ හැවලොක් ටවුමේ ඉසිපතනාරාම විහාරය අංග සම්පූර්ණ විහාරයක් ලෙසින් කරවා පූජා කළහ

Wednesday, June 2, 2010

වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම බාගැනීමට

බොහොවිට අපි web page 1k බාගන්නේ File ගිහින් Save As 1කෙන්නෙ.එහෙම බාගත්තහම එන්නෙ අපිට ඒවෙලවෙ පේන ටික නෙ,1කෙ link 1ක් click කරාම යන පිටුවලට යන්නෙ නෙට් තිබ්බොත් විතරනෙ,දැන් මම කියන්න යන software 1කෙන් නෙට් නැති කෙනෙකුට පවා මුලු page 1කම බාගෙන නෙට් නැතුව සියලු දේ බැලිය හැකි 1ක් ගැන ඒකෙ නම තමා "HTTrack Website Copier" මේක නොමිලේ බාගත හැකි ඕපන් සෝස් 1ක්,මේ ලින්ක් 1කට ගිහින් ඔයාලගෙ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන setup 1ක බාගන්න.වැඩ කරන විදිහ කියවල ඉගෙන ගන්න.ඔයාලටත් කරන්න දෙයක් තියෙන්න ඔනනෙ.

www.httrack.com

Sunday, May 30, 2010

සද මත පා තැබීම මිථයාවක් ද?

ඇමරිකානු ගගන ගාමීන් වෙත ඉදිරිපත් වීඇති ප්‍රෂ්ණ

නීල් අම්ස්ට්‍රෝන් සඳ පාතනන විට ඔහුගේ හිස් ආවරණයෙන් තවත් පුද්ගලයෙකුගේ රූපයක් පෙනෙයි.මෙම රූපයේ සිටින්නේ කව්ද?ඔහු සඳ මතට ගොඩ බැස්සේ කෙසේද? යානය ගොඩ බස්වන ලද තැන ගගන ගාමියෙකුගේ පා සටහනක් තිබේ.යානය ගොඩබැස්සවීමට පෙර ගගනගාමියා සඳමත පා තැබුවේ කෙසේ ද? සඳමත සුළගක් නැතිබව පර්යේෂකයෝ කියයි.ගුරුත්වාකර්ෂණ බලය අඩුය.එය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් 1/6 කි.එසේනම් මෙතරම් ගැඹුරු පාසලකුණක් සඳමත සටහන් උනේ කොහොමද? රැගෙන එන ලද චන්ද්‍ර පාෂාණවලට සමාන පාෂාණ ඇන්ටාටිකා ප්‍රදේශයේ පවතී.
නීල් අම්ස්ට්‍රෝන්ගේ ගමනින් පසු කිසිවෙක් සඳමත පාතබා නැත.ඇතටම ඒ කාලේ හදට ගියා නම් ඇමරිකන් කාරයො මේ වෙනකොට හදේ ගෙවල් හදල ඒවට ඔප්පු ලියාගෙනත් ඉදී නේද??...:-)

Saturday, May 29, 2010

අපේ භාෂාව computre 1කට දාගැනීම(sinhala akuru penne ne nedda)

me link 1kata gihin download kara gena install kara ganna.etha kota blog 1ke thiyana sinhala akuru penevi;

මේ link 1කට ගිහින් ඒකෙ කියන විදිහට install කරන්න.

http://www.siyabas.lk/sinhala_how_to_install.html