Saturday, July 28, 2012

ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම සිංහල කථාව

1948  අද වගේ දවසක(1948-07-28) තමා ලංකාවේ පාර්ලිමේන්තුවේ පලවෙනි සිංහල කථාව පවත්වලා තියෙන්නේ, පාර්ලිමේන්තුවේ සිංහලෙන් කථාව පවත්වන්න එදා විශේෂ අවසරයක් ගන්න උනා,මේ කථාව කරේ එවකට ආණ්ඩු පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ(UNP) ඇමති වරයෙක් විසිනි.ඒ පළත් පාලන ඇමති වරයා හා සභා නායකතුමා උන ගරු S.W.R.D.බණ්ඩාරනායක තුමා විසිනි.ඒ එම ආණ්ඩුවේ මුදල් ඇමති වරයා වූ J Rජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද 1948-49 වර්ෂය සදහා ඉදිරිපත් කල අයවැය සදහා ආණ්ඩු පක්ෂ කතාවක් ලෙසටය.මෙම කථාව විනාඩි 20කට සීමාවිය.
         මෙම කථාව මෙරට දේශපාලනයේ හැරවුම් සිදිදියක් ලෙස මම කිවොත් එය නිවැරදිය.මන්ද මෙරට දේශපාලනය එවකට පැවතියේ ඉංග්‍රීසි දත් ප්‍රබු පවුල් අතර පමණි.ඒ පාර්ලිමේන්තුව තුල භාවිතා වූ එකම භාෂාව වූයේ ඉංග්‍රීසි වීමය.මෙම කතාවෙන් පසු පාර්ලිමේන්තුව තුල සිංහල කතාකළ හැකි තත්වයක් තියන බව පෙනුම්කල නිසා පසුව පාර්ලිමේන්තුව සදහා ඉංග්‍රීසි නොදත් සිංහල දෙමල මුස්ලිම් වැසියන්ටද ඒමට හැකිවිය.නමුත් කනගාටුවට කරුණ නම් දැන් එය සිංහල නොව ශුද්ධ සිංහල දක්වා වර්ධනය වී ඇත.එකල පාර්ලිමේන්තුව තුල තුබූ ගාම්භීරත්වය,එහි තුබූ උතරිතත්වය දැන් මොකෝ වෙලා තියෙන්නේ කියල ටීවී එකේ පාර්ලිමෙන්තුවේ විවාද පෙන්නද්දී දැකල ඇතිනේ.සමහර විට බණ්ඩාරනායක මහත්තය දැන් හිටිය නම් ඒ කලේ මෝඩ වැඩක් කියලත් හිතන්න තිබ්බ,      
              කෙසේ නමුත් අපේ භෂාව අපේ රටේ උත්තරීතර ස්ථානයේ කතාකිරීමට පුළුවන් වීම ගැන අපි සිංහලයන් වශයෙන් සතුටු විය යුතුවේ.මොකද සිංහල රජ්‍ය භාෂාව වන එකම රට ලංකාව නිසාය.මේ නිසා මේ සදහා පුරෝගාමීව කටයුතු කල බණ්ඩාරනායක මැතිතුමාට ස්තුතිවන්ත විය යුතුය.

එදා කල සම්පූර්ණ කථාව පහත ලින්ක් එකෙන් pdf 1ක ලබා ගන්න.කතාව ඔක්කොම කියවන්න.    

සම්පූර්ණ කථාව - http://www.4shared.com/office/mT5vZ-Qu/1st_sinhala_speach_in_srilanka.html?refurl=d1url

Wednesday, July 25, 2012

හදිසි ශල්‍යකර්මය

හදිසි ශල්‍යකර්මයකට රෝහලට කැඳවුණු වෛද්‍යවරයා ශල්‍යාගාරයට ඇතුළුවුනේ කඩිනමින්. සැත්කමට භාජනය වීමට නියමිත දරුවාගේ පියා, වෛද්‍යවරයා පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා හිටියා. වෛද්‍යවරයා දුටු ගමන් එයා වෛද්‍යවරයා වෙත කඩා පැන්නා. ඇයි ඔයා එන්න මෙච්චර වෙලා ගත්තේ? මගේ පුතාගේ ජීවිතය අනතුරේ බව දන්නෙ නැද්ද? කිසිම වගකීමක් නැති හැටි!
වෛද්‍යවරයා සිනහමුසුව මෙහෙම කිව්වා. මම හිටියේ රෝහලේ නෙවෙයි. පණිවිඩේ ලැබුණු ගමන් තමයි මම ආවේ. දැන් ඉතින් කලබල නොවී ඉන්නකෝ…!”
කලබල නොවී ඉන්න?! කලබල නොවී ඉන්නෙ කොහොමද?! ඔයාගේ පුතාට මෙහෙම දෙය වුනොත් ඔයා කලබල නොවී ඉන්නවද?!” පියා තරහින් කෑ ගහුවා.
තවමත් සිනහමුසුව ඉන්න වෛද්‍යවරයා පියාට උත්තර දුන්නේ මෙහෙම. මිනිස්සු ඉපදෙනවා. ඒ වගේම මැරෙනවා. වෛද්‍යවරයෙකුට ඒක නවත්තන්න බැහැ. ඒත් ඔයා ඔයාගේ පුතාට කරදරයක් වෙන්න එපා කියලා අධිෂ්ඨාන කරන්න. අපි එයාව බේරගන්න හැම දෙයක්ම කරනවා.
මහ ලොකුවට උපදෙස් නම් දෙනවාපියා තමාටම කියා ගත්තා.
සැත්කමට පැය කිහිපයක් ගත් වුනා. වෛද්‍යවරයා ශල්‍යාගාරයෙන් පිටතට ආවේ සතුටින්
ඔයාගේ පුතාගේ වෙලාව හොඳයි. එයාගේ ජීවිතය බේරුණා!වෛද්‍යවරයා එයාගේ වාහනය වෙත දුවමින් කිව්වා. ඔයට දැනගන්න දෙයක් තියනවා නම් නර්ස්ගෙන් අහන්න.එහෙම කියලා වාහනයට නැගපු එයා හදිස්සියෙන් වගේ පිටත් වුණා.
ඇයි එයා එච්චර ආඩම්බර? මගේ පුතාගේ තත්වය ගැන අහන්කන්වත් ඉන්නේ නැතුව එයා යන්න ගියා.පියා වෛද්‍යවරයා ගැන හෙදියට කිව්වේ එහෙම.
හෙදිය ඔහුට පිළිතුරු දුන්නේ හැඬුම්බර මුහුණින්. එයාගේ පුතා ඊයේ සිද්ද වෙච්ච ඇක්සිඩන්ට් එකකින් මැරුණා. ඒ පුතාගේ අවසන් කටයුතු අද. ඔයාගේ පුතාගේ ජීවිතේ බේරගත්තට පස්සේ එයා ඉක්මනට ගියේ එයාගේ පුතාගේ ආදාහන කටයුතු ඉවර කරන්න
————
කවදාවත් කිසිකෙනෙකුට චෝදනා කරන්නවත් බණින්නවත් උත්සුක වෙන්න එපා. ඒ, ඔබ ඒ පුද්ගලයාගේ ජීවිතය ගැන හෝ එයාගේ කරදර බාධක ගැන දන්නේ නැති නිසා.
———–
- අන්තර්ජාලය ඇසුරෙනි
 

Tuesday, July 24, 2012

අද වගේ දිනක 2

මෙය පෙර ලිපියේම කොටසක් ලෙස ගත හැක. 2001-07-24 කියන දිනෙත් මෙරට ඉතිහසයේ කළු පැල්ලමක් එක්කල දිනයක් විය.එනම් අදින් වසර 11කට පෙර. එදින මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයක් ජාතික ආර්ථිකයේ තවත් වැදගත් ස්ථානයක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපටල හා කටුනායක ගුවන් හමුදා කදවුරට එල්ල උන.එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා 2ක්,මිග් වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක්,MI 17 වර්ගයේ හෙලිකොප්ටරයක්,MI 24 වර්ගයේ ප්‍රහාරක හෙලිපොප්ටරයක්.K8 වර්ගයේ ගුවන් යනා 3ක් විනාශ විය.ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් A330s එයාර් බස්2ක්,A330s එයාර් බස් 1ක්,A320s එයාර් බස්1ක් විනාශ වූ අතර යානා කිහිපයකට දැඩි අලාභ හානි සිදුවිය.මෙහිදී ජිවිත හානි 20 ක් සිදුවූ අතර මරාගෙන මැරෙන කොටි 13 දෙනෙකුගේ මල සිරුරු හමු විය.ප්‍රහාරයෙන් සිදු වූ පාඩුව කොටි 400 කට වඩා වැඩිවිය. ඉන් පසු ගුවන් තොටුපලේ කටයුතු සියල්ල නතර විය.සියලුම ගුවන් යානා සිංගප්පුරුව හා ඉන්දියාවේ ගුවන්තොටුපල කරා යොමු කළේය.දහස් ගණනක් මගින් මෙරට අතර මන් විය.ලොව ගුවන් සිතියමෙන් ලංකාව තාවකාලිකව ඉවත් විය.ඒ සියලුම ගුවන් සමාගම් මෙහෙයුම් කටයුතු නැවැත්විය.ඒ වෙලාවේ තමා පාලකයින්ට විකල්ප ගුවන් තොටුපලක වැදගත් කම ඔලුවට ආවේ.ඒ වෙද්දීදිත් බලයේ හිටියේ මේ ආණ්ඩුව නිසාම වසර 11ක් ගතවී විකල්ප ගුවන් තොටුපලක් ජන ශුන්‍ය කලාපයක උවද නුදුරු දවසක මෙහෙයුම් කටයුතු ආරම්භ වෙන 1 ක ගැන සතුටු විය හැක.කෙසේ වෙතත් මේ ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය රින අගයකට වැටුණි.එ‍කට රාජ්‍ය නායකයාව සිටි ජනාධිපතිනිය හා රජය මෙයට විසදුම් හොයනවා වෙනුවට අද වගේම එදත් චන්ද ලබා දුන්න, පාර්ලිමේන්තුව විසුරුවාහැර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්තුවා. රටටම කෙලවෙලා තිබ්බ වෙලාවේ පාර්ලිමේන්තුවේ බලය විපක්ෂය සතුවිය.බලයට පත් නව රජයේ ප්‍රධානම කටයුත්ත උනේ මෙරට ආර්ථිකය නැවත ගොඩ ගැනීමය.ඒ සදහා ශ්‍රී ලංකාව නැවත ලෝක ගුවන් සිතියමට ඇතුළු කල යුතු විය.ඒ සදහා ප්‍රධානම බාධකය උනේ රට ත්‍රස්ත වදය විසින් ගිලගෙන පැවතීමයි.රජයේ අනවශ්‍ය වියදම් සියල්ල කප්පාදු කළේය.තාවකාලිකව රජයේ රුකියා දීම නැවැත්විය.රජයට අකමැත්තෙන් උවද දේශපාලන වාසි අතහැර පොහොර සහනාධාරය පවා අහිමි කළේය.ඒ වන විට හමුදාවද භෞතික අතින් ශක්තිය අඩුවෙලා තුබුණේ උදාහරණ ලෙස මේ ප්‍රහරයම ගත හැක.එහි ප්‍රතිපලයක් ලෙස තමා සටන් විරාම ගිවිසුම ඇතිවන්නේ.එය රටේ සේනාධිනායිකව පවා අනුමත කළේය(සටන් විරාම ගිවිසුම පිළිබද වගකීම ඇත්තේ ජනාධිපතිතුමියටය.ඒ රටේ නායකයා වන බැවිනි).ඉන් පසු රට ටිකින් ටික ස්ථාවරවී ආර්ථිකය යහපත් අතට හැරුණි,ගුවන් සමාගම් නැවත මෙරට තුල මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.විදේශ අයෝජය මෙරටට ගල ආවේය.අපි කුමන දේශපාලන මත දරුවත් සටන් විරාම ගිවිසුම හරහා හොද හා නරක ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවිය.ලිදේ සිටි ගෙම්බන් සේ සිටි කොටි සාමාජිකයින් හා උතුරේ දෙමල වැසියන් සත්‍ය ලෝකය දකින්නට විය,දකුණ ගැන යහපත් ආකල්ප ඇතිවිය,කොටි ඇතුලත අභියන්තර මතභේද ඇතිවිය,එහි ප්‍රතිපලයක් ලෙස සංව්දනයේ නැගෙනහිර බලය බිදී ගියේය.කොටි නැවත යුද්දයකට යානොහැකිව ජාත්‍යන්තරව උගුලක පටලැවිණි.රටේ නායකයාව සිටි ජනදිපතිතුමියගේ අරමුණ මේවන විට සිදුවී අවසානය ඒ රට නැවත යථා තතවයට පැමිණ ආර්ථික වර්ධනය ඉහල ධන අගයකය.දැන් බලලුන් කොස් ඇට බා අහවරය.(වසර 2ක් වැනි කෙටි කාලයක් තුල) කොස් ඇට අනුභව කිරීමට නැවත පාර්ලිමේන්තුව විසුරුවා හැර විධායකය විසින් නැවත බලය ශක්තිමත් කර ගත්තේය.මේ නිසා අදින් වසර 11 කට පෙර සිදු වුනු මේ සිද්දිය කොටින්ගේ ඉරණම තීරණය කල සිදුවීමක් ලෙස ඇතැමෙකුට  කිව හැක.                                                                         

අද වගේ දිනක

අදින් වසර 16කට පෙර දිනක එනම් 1996-07-24දා මෙරට දුම්රිය ඉතිහාසයේ ඛේදජනකම සිද්දියක් වාර්තා උනි.දැන් අපි නිදහසේ දුම්රියේ බස් 1කේ ගියාට ඒ දවස් වල මෙරට වාසීන්ට ජිවිත අවදානම වැඩිවී තිබුණි.ඒ මෙරට ක්‍රියාත්මක උන බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය නිසාය.ඒකාලේ ජුලි මාසේ කියන්නේ බොහෝ කතාබහට ලක්වන මාසයක් ඒ ඇයි කියල අමුතුවන් කියන්න ඕන නෑ නේ.එදින සවස අලුත්ගම බලා ධාවනය උන බලවේග කට්ටල සහිත කාර්යාල දුම්රිය දෙහිවල ස්ටේෂන් 1කෙදි කොටි විසින් පුපුරවා හැරිය.මේ වෙනකොට දුම්රිය අද වගේම අතුරු සිදුරු නැතිව පිරි තිබුණි.මේ පිපිරීමෙන් ජිවිත 64 නැති වී 400ක් පමන තුවාල ලැබුවා.අද වෙනකොට මේ මියගිය අයගේ පවුල් වලට සදාකාලික රෝගාතුර උන අයට පමණක් මේ දිනය මතක ඇති.අක මැති මතක උනත් මේ අපේ රටේ ඉතිහාසය.නැවත ලක් දෙරණ තුල මෙවන් සුදු වීම් නොවේවායි කියල පතමු.

                     

Wednesday, July 18, 2012

ජංගම දුරකතනයේ IMEI අංකය පැත්තකින් ලියල තියාගන්න

පාවිච්චි කරන ලද දුරකථන මිලදීල ගන්නවා නම් ගොඩක් සැලකිලි මත් වන්න.වහනයක් ගන්නවා වගේ විකුණුම්කරුගේ NID ඇතුලත් ලිපියක් ලබා ගන්න නැති නම් ඔබට නිකරුනේ පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙයි.හොදම දේ තමා තමන්ට ගැලපෙන ගානට අලුත්ම දුරකතනයක් වගකීමක් සහිතව මිලදීල ගන්න එක.  

Wednesday, July 4, 2012

මටෙලෝ කුළුණ

මටෙලෝ කුළුණ

හම්බන්තොට ධිවර වරාය පැත්තේ ගියපු කට්ටියගේ නම් මෙ කුළුණ නෙත ගැටිලා ඇති.මෙ කුළුණ හදල තියෙන්නේ ඉංග්‍රීසි කලේ.1801-1803 අවුරුදු වල මෙය ඉදිකරලා තියෙනේ කැප්ටන් ඩොපර් කියල කෙනෙක්, මෙය කුඩා බලකොටුවක් විදිහට සකස් කරපු විශාල කාලතුවක්කු  රදවනයක් මේවගේ කුළුණු කිහිපයක් ලොව පුරා ඇත.මෙ රුපයෙන් ඒවා තියන තැන් පෙන්වයි.

   අපේ රටේ මේවගේ කුළුණු 2 හදන්න එංගලනතේ ඉදල සුද්දෝ ඇවිත් තියෙන්නේ අනිත් එක ත්‍රිකුණාමලේ ඒ උනාට හදල තියෙන්නේ මේක විතරයි.මෙම කුළුණු හදල තියෙන්නේ ප්‍රංශයෙන් සතුරු ආක්‍රමණ එයි කියල.මෙය කුඩා ප්‍රමාණයේ බල කොටුවක් කියන්නත් පුළුවන් මොකෝ මේකේ 24 දෙනෙකුට විතර ඉන්න පුළුවන්ලු.මෙ මටෙලෝ කුළුණු හදල තියෙන්නේ පොදු සැලැස්මකට අනුවය මෙ තියෙන්නේ ඒ සැලැස්ම
  
මෙ  කුළුණ ආසන්නයේම තමා පැරණි ප්‍රදීපාගාරය පිහිටලා තියෙන්නේ.මෙම මටෙලෝ කුළුණ 1999 දී ප්‍රතිසංස්කරණය කරලා තියනවා දැනට මෙය පුරාවිද්‍යා සංරක්ෂිත ගොඩනැගිල්ලක් ලෙස පවතී.
පැරණි ප්‍රදීපාගාරය


ඔබත් හම්බන්තොට පැත්තේ සංචාරය කරනවානම් මෙ ස්ථානයත් බලන්න යන්න මෙන්න යන පාර,මෙ පාරේ නමත් ටවර් හිල් පාර.
මම  මටෙලෝ කුරුණු ගැන තිබ්බ විකි පිටුව එඩිට් කරා,ලෝකේ අනිත් ඒවා ගැන බලන්න පිවිසෙන්න.
  
  

Sunday, July 1, 2012

සුපිරි වෙළදසල් වලින් බඩු ගද්දි සැලකිලිමත් වන්න 2

මේ සිදුවිම උනේ ඊයේ මෙහි වැරැද්ද තනිකරම මගේය.මෙවන් වැරදි ඔබ අතින් සිදු නොවන්න වග බලාගන්න,අම්ම කඩේට ගිහින් බඩු වගයක් ගේන්න කිව,සමහර දවස් වල මට ඔහොම ගේන්න කිවම 1ක් 2ක් ගේන්න අමතක වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ගේන්න ඕන ඒවා ටික ප්‍රමානත් එක්ක කොලේක ලියල දෙනවා.ඊයෙත් ඔන්න ඔහොම බඩු ලිස්ට් 1ක් ලියල දුන්න. ලගපාත ඒ බඩු ගන්න තියෙන්නෙ සුපිරි වෙළදසල් 2ක් පමණි.ඉන් 1ක් සතොස(මේකේ බිලින් සිස්ටම් 1 තිබ්බ අවුලක් මිට ඉහත පොස්ට් 1ක දල ඇති )මම ගියේ මම ගියේ අඩුම මිලටත් වඩා අඩුවෙන් කියන සුපිරි වෙළද සලට මගේ ලිස්ට් 1 කේ තිබ්බ පරිප්පු 2kg කියල මම පරිප්පු තියන තැනට ගිහින් කිරන්න ඉන්න කෙනාට කිව කිලෝ 2ක් කියල.එයා කිරන වෙලාවේ මගේ කරුමෙට ඒ ස්ථානයට අවා පාසල් කලේ යාලුවෙක් එයත් එක්ක පොඩ්ඩක් කතාකර එතකොටම අර පරිප්පු කිරපු කෙනා ආ මහත්තය කියල මල්ල ගැට ගහල අර මල්ලේ අලවන ඉස්ටිකරෙත් අලවල දුන්න මගේ කුඩේට, මම මගේ යාලුවත් ඉක්මනට යන්න ඕන පස්සේ හම්බෙමු කියල ගියා කවුන්ටරේට
"කවුන්ටර්න් -__ පොයිට් කාඩ් 1ක් තියනවද?"
"මම - ඔවු මෙන්න"
මම බිල ගෙවල ඉක්මනට ගෙදර අවා.කතාවේ හොදම හරිය එතකොට, අම්ම මම ගෙනාපු බදු මල්ලේ තියන ඒවා කුස්සියේ අස් කරනවා ටිකකින් "චුටි පුතා"මම කුස්සියට ගිය.
අම්ම - මම මෙච්චර කොලේක ලියල දීලත් අඩුවෙන්නේ ගෙනල්ල තියෙන්නේ
මම - කොලේ ලියල තිබ්බ ඔක්කොම ගේනවා.
අම්ම- ඔක්කොම ගෙනල්ල තියනවා
මම - එහෙ නම් එතින්
අම්ම - හොදට අස් ඇරලා බලන්න මම දීපු කොලේ පරිප්පු 2kg කියල ලොකුවට ලියල තියනවා
මම - ඔවු ඉතින් මම 2 kg ගේනවා.
අම්ම - මෙතන කොහෙද 2kg?
මම - දැන් 2kg වලට ඔච්චරයි වෙන්න ඇති මේ තියෙන්නේ ඉස්ටිකරෙකුත් අලවල 2 kg කියල.
අම්ම - අවරුදු ගණක තිස්සේ පරිප්පු උයපු මම දන්නේ නැද්ද 2kg ප්‍රමාණය,
කියල කබඩ් 1ක් ඇරලා ගත්ත කේක් හදද්දී සිනි පිටි වගේ ඒවා කිරන්න ගන්න තරදිය අරන් 1 කේ පරිප්පු මල්ල තියල
අම්ම- මේ බලන්න කියාද කියල,
මාර කෙස් 1ක තරාදියේ 1kg.මම ගිහින් බිල බැලුව එකෙත් 2 kg.දැන් ඉතින් මොන කරන්නද ගිහින් දුන්නට උන් පිලි ගන්නේ නෑනේ.උන් කියයි අපි 1kg අයින් කරලා ගේනවා කියල.
අම්ම - කිරල දෙනකොට පෙනුන්නේ නැද්ද මෙතන 2kg නෑ කියල?
එතකොටයි මට හිතුනේ කිරපු 1කා මම යාලුවත් එක්ක කතාකරපු ටිකට 1 kg 2 kg කියල ලියල හිනා වෙලා කුඩේ ටත් දල දුන්නේ මොකෝ කියල.ඉතින් මේක බිල දාද්දි කවුටරේ හිටපු කෙල්ලට වත් හිතුනේ නෑනේ,මේකට ගිහිල්ල රණ්ඩු වෙන්න බෑනේ වැරැද්ද මගෙ නේ, අපිට පරිප්පු 1kg පාඩුව විද ගන්න 1ක තමා කරන්න උනේ.මේ සිද්දිය ලිවේ මේකෙන් පාඩමක් ඉගෙන ගන්න. ඔයාලත් බඩු කිරල ගද්දි තරාදිය දිහා බලන් ඉන්න ඒ වගේම ප්‍රමාණය ගැන දල අදහසක් තියාගෙන යන්න.