Saturday, December 17, 2011

මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..?



1.ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය

සෑම ...යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.
2. ඇන්තනිගේ කම්මල් නියමය
ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.

3. කොවෑක්ගේ න්‍යාය
වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.

4. කැනන්ගේ කර්මවාදය
අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.

5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.

6. බෙල්ගේ නියමය
ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.

7. රූබිගේ සමාසද සිද්ධාන්තය
ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.

8. විලොබීගේ නියමය
ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.

9. සැඩ්‍රාගේ ජීවමිති නියමය
කැසීමේ සැරබව අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.

10. බ්‍රෙඩාගේ නීතිය
සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය.

11. ඕවන්ගේ නියමය
උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.

12. වූලිගේ නියමය
ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.

Saturday, December 10, 2011

රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා


ලක්‍ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට ක...වුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?

රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා

විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

මේ ගීතයට පාදක වුන සිදුවීම මේකයි
කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්‍රමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.

ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!

''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''

බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.

''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''

තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.

අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.

රණවිරුවන් නැවතත් ආමිකාරයන් වන සමයක අප වෙනුවෙන් ඔවුන් කල කැපකිරීම් සිහිපත් කිරීම සදහා මෙය එලකිරි වෙබ්(www.elakiri.com) අඩවියෙන් උපුටා පල කරන ලදී.

Wednesday, July 13, 2011

වැදගත් තොරතුරු 2ක්

  1. අත්හදා බැලීමේ කාමර(trial rooms) තුල සැගවුනු කැමරා ඇති දැයි දැන ගැනීම
මේ සදහා ඔබ එ කමරය අසලට ගොස් ඔබගේ ජ0ගම දුර කතනය ඉවතට ගෙන ඇමතුමක් ගත හැකි දැයි බලන්න.ඒ කියන්න ඒ අසල දුරකතනය වැඩ කියන එක.දැන් ඇතුලට ගිය විට දුරකතන ඇමතුමක් ගත නොහැකි නම් ඒ තුල සැගවුනු කැමරාවක් තිබීමට හැකිය,මන්ද  interference of fiber optic cable during the signal transfer.



     2.  2-WAY MIRROR  ඇත් දැයි දැන ගැනීමට. මෙවැනි දර්පන toilets, bathrooms, hotel rooms, changing rooms වල තිබීමට හැක.මෙම දර්පන වලින් එක් පසකින් විනිවිද පෙනීමටත් අනික් පස දර්පනයක් ලෙසත් යොදා ගැනේ,බැලූ බැල්මට මෙය කණ්නාඩියක් ලෙස ක්‍රයාකරත් අනිත් පසින් තව කෙනෙකුට නැරබිය හැකිය,මෙම තිර අදුනා ගැනීම සදහා කුඩා පරීක්ෂණයක් කල හැක.මේ සදහා ඔබේ ඇගිලි තුඩක් පරාවර්තනය වන දර්පනය මත තබන්න.එවිට සැබෑ දර්පනයේ ඇගිලි තුඩ හා එහි ප්‍රතිබිම්බය අතර කුඩා ඉඩක් පවතී,හේතුව රිදී ආලේප කර ඇතේ පසු පසින් වීමයි නමුත් 2-WAY MIRROR වල ඇගිල්ල තැබූවිට ඇහිල්ල හා ප්‍රතිබිම්බය අතර ඉඩක් නොපවතී.මන්ද එහි ආලේප කර ඇත්තේ මතුපිටිනි.

 මෙම කරුනු ඔබේ සහෝදරියන් හා පෙම්වතියන් ඇතුලු කාන්තාවන් දැනුවත් කරන්න.

Saturday, June 4, 2011

වැදගත් හෙළිදරව් කිරීමක්

මේ දින වල එහෙමෙ ගමන් බිමන් යෙදුනු නිසා බ්ලොග් එකේ පොස්ට් 1ක් ලියන්න හිතන් හිටියට වේලා වක් නැති උනා,මම කියන්න යන කාරණය අහම්බෙන් මම දැක්ක දෙයක් නමුත් මේක අපේ  රටේ පාරිබෝගිකයන්ට ඉතා වැදගත් වනවාට සැකයක් නෑ,ඔයාල  හැමෝම සුපරි වෙලද සැල් වලින් බඩු අරන් තියනවනෙ හැබැයි ඔයාල ගොඩක් බඩු ගන්න වෙලාවක ටිකක් දිග බිලක් ලැබුනම බිලේ තියන බඩු තියන වද කියල බල නව ඇරෙන්න බිලේ එකතුව හරිද කියල චෙක් කරල තියනවද?මේ සිද්ධිය උනේ කුරුණෑගල නගරයේ සතොස වැලදසැලේ,මම පසුගිය සෙනසුරාදා දිනක ගෙදරට උවමනා බඩු අරගෙන ගෙන නිවසට පැමිනියෙමි.ගෙදර පුටුවකට වෙලා ඉදගෙන ඉන්න ගමන් නිකමට වගේ මට පහලට පහලට තියන ඉලක්කම් එකතු කරන්න පුලුවන්ද කියල බලන්න ට්‍රයි කරල බලන්න හිතුන මොකද ස්ටැට් වලටත් එකතු කරන ඒව කරේ කැල් එකන්නෙ,දැන් ඉතින් මම මේ ඉලක්කම් ටික එකතු කරල බැලුව 94+78+51+48+168+130+78.75+39+130 මාර සීන් එක මම පලවෙනි පේලිය එකතු කරද්දිම වැරදි අය එකතු කරල බැලුව ඒත් වැරදී එන්නෙම 816.75 බිලේ තියෙන්නෙ 858.75 කියල දැන් මටම ලැජ්ජා හිතුන තාම 2කෙ පන්තියේ වැඩක් වත් බෑනෙ කියල මම හිතුවෙ බිල පරිගනකයෙන් එකතු වෙලා තිබුන නිසා මට වැරදුනා කියල,දැන් අතින් එකතු කරල හරි කිය්ල හිතන් ඉන්න උත්තරය එන්නෙ නැති නිසා කැල් 1ක අරන් එකතු කරා එතකොට ආවෙත් මම අතින් එකතු කරපු උත්තරයම තමා,ඊට පස්සෙ තමා දන්නෙ වැරදිලා තියෙන්නෙ සතොසෙ පරිගනකයට කියල දැන ගත්තෙ.වෙනස බැලුවම මට රු42ක් පාඩුයි,ඊට පස්සෙ බැලුව ගත්ත බඩු ඔක්කොම තියනවද කියල ඒ ටික නම් හරි,ඊට පස්සෙ හිතුන රුපියල් 42ට අය ගිහින් වෙලාවයි පෙට්රල් නාස්ති කරන්නෙ නැතිව අමතක කරල දැම්ම,පරිගනකයටත් වරදින තැන් තියනව කියල හිතා ගෙන ඔයාලත් එකක් 2ක් වත් එකතු කරල බලන්න ,මම බිලේ රූපයක් දාල තියනව ඔයාලට මට වැරදිල කියල හිතෙනව නම් එකතු කරල බලන්න. ඔය වගේ බිලින් සිස්ටම් නිසාද දන්නෙ නෑ සතොස පාඩු ලබන්නෙ  

Tuesday, May 17, 2011

Funny Story

ඔන්න දවසක් මුදලාලිලා දෙන්න්ක් සෙට් වෙලා තම තමන්ගේ ගෝලයින් ගැන කතා වෙනව.උබ දන්නෙ  නෑ මට ඉන්න එකා ගැන කතා කරල වැඩක් නෑ .සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නෙ කියල.කිරියා......කිරියා......ඒ සද්දෙ ඇහිලා කිරියා එතනට දුව ගෙන ආවා.මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියෙ කාර් සේල් 1කෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.රුපියල් 10ය අතට ගත්තු කිරියා හනික හන්දිය පැත්තට දිව්වා.බලපන් මූ කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10ට කොහෙන්ද බන් කාර් දෙන්නෙ.ඔය කීවට මගෙ එකත් ඔය වගේමයි ඔන්න බලාපන් කලුවා.. කලුවා....මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්න වද කියල..කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා..කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.ඔන්න බලාපන් මේක කොච්ච්ර මෝඩයෙක්ද කියල..මෙහෙම ටික වෙලාවක් යනකොට කලුවයි කිරියයි මගදී හම්බ උනා. ආ කිරියා උබ කොහෙද යන්නෙ කලුව ඇහුව බලපන් බන් උබට කියන්න අපේ මහත්තය ඉන්නව නේද ඕක හෙන මෝඩය වෙන එකෙක් නම් මෙලහකටත් අස් වෙලා ගිහින් බලපන් මූ අද මට රුපියල් 10 දීල කියනව කාර් 1ක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් පෝය දවසෙ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නෙ.ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමා.මූ මට කත කරල කියනව ගිහින් ඌ ගෙදර ඉන්න වද කියල බලල වරෙන් කියල ඔය ගස් ගෙම්බ ලග ෆෝන් 1ක් එකක් තියනව කෝල් එකක් දීල බලන්න බැරිද මාවම කන්න හදන්නෙ...............


උපුටා ගැනීමකි.

Tuesday, April 19, 2011

AB Negative ලේ ඕනා.....

මට ලැබුනු ඊමේල් පනිවිඩයකි.මහරගම පැත්තෙ ඉන්න අය පිනක් දහමක් කර කර ගන්න.ඔබ දෙන ලේ වලින් මේ ලමය තව දවසක් ජීවත් වෙයි.

A 13 year old student of Ananda College Colombo who is suffering from
Leukemia needs blood transfusion urgently
Please pass this massage to everyone you know & help to save this child's life

Patient's Name                    : Anjana Lakshan Piyaratne
Hospital                              : National Cancer Hospital , Maharagama
Ward                                  : Ward No 17
Patients Blood Group           : AB - Negative
Blood Group(s) required        : Only AB - Negative
Amounts Required                : As much as possible
Location to be donated          : Blood Bank, Cancer Hospital , Maharagama

For further details please contact
Mr. K. Piyaratne (father) - 0722148919

Wednesday, April 13, 2011

ඔබේ වෙලාවත් හරිද බලන්න

අපේ අඩුව දැන්ලු සම්මත වෙලාව බාවිතා කරන්නෙ,වෙනදා එක එක ඔපිස් වල එක එක වෙලා වෙන්න ඇති තියෙන්න ඇත්තෙ ඒක අපිට වෙලාවට වැඩක් කර ගන්න බැරිවෙලා තියෙන්නෙ,මේ ලින්ක් 1කට ගිහින් ඔබේ ගෙදර ඔරලෝසු වලත් මේ වෙලාව හදා ගන්න.පරිගනකයේ නම් වෙලාව හරියට යනව ඇති, 
http://www.sltime.org/sinhala/
ඒ කෙසේ වෙතත් මේක හොද වැඩක්,මේක රජයේ කන්තෝරුවලට ඉක්මනටම ඕනා.........

Saturday, March 26, 2011

දවසේ සිදුවීම 2

ඊයේ දිනය සිකුරාදා දිනයක් බැවින් ගෙදර යෑම තරමක් අපහසුය.වාසනාවකට මෙන් සවස කලින් පිටත් වීමට අවස්තාව ලැබිනි.මිතුරන් කිහිප දෙනෙකුද සමග බස් නැවතුමට වී නියමිත බසය එන තෙක් බලා සිටියෙමු.වෙනදා 4.20ට පමන එන කුරුණෑගල බසය ටිකක් පමා වගේ,එවිට නුවර(17) බසයක් පැමින නැවැත්වීය.නුවර යෑමට බලාසිටි මිතුරන් බෑග් ජනෙල් වලින් ඇතුලේ සිටි අයට ලබාදී හැකි පමනින් බසයේ පාපුවරුවේ එල්ලුනි.අපිත් සමග සිටි මිතුරන් කිහිප දෙනෙක් ඔවුනට මමත් සමග ඊලග බසයේ යෑමට හැකි බැවින් නුවර බලායන මිතුරන්ට එල්ලීමට ඉඩ දීය.4.30 වන විට කුරුණෑගල දෙහිවල බසය පැමිනියේය.බසය තුලටම නැග ගත් අපිට මහත් අස්වැසිල්ලක් වූයේ අපේ බෑග් රාක්කයට දැමීමට හැකි වීම හා නුවර බසයට සාපේක්ෂව අපිට පහසුවෙන් හිටගෙන යාමට හැකි වීමයි.නමුත් කඩුවෙල නගරයේ තිබුනු මාර්ග තදබදය නිසා හා බසයේ බොහෝ මගීන් සිටි නිසා ගොඩාක් දාඩිය දැමීය.කඩුවෙල නැවතුමෙන් තවත් මගීන් නැගි නිසා අපි මැද පේලිය ඔස්සේ බසයේ මැදට ලාගා වීමු.සියබලාපේ හන්දියට එන විට අල්ලගෙන සිටි බටය අතහැර සීට් එක කින් අල්ලාගැනීමට පුලුවන් විය.වාසනාවට එම සීට් 1කේ සිටි තැනැත්තිය දෙල්ගොඩින් බැස නිසා,ඉදගෙන ඒමට හැකි විය.මිරිස්වත්තට එන විට බසයේ තිබූ තදබදය පහව ගියේය.බසය වේගයෙන් පැමිනියද තවත් විසාල මර්ග තදබදයක් නිට්ටබුවට ලගාවන විට තිබිනි.බොහෝ වේලා එම තදබදයේ පැමිනි අප සිතුවේ පාරේ රිය අනතුරක් වත් සිදුවී ඇතැයි කියාය නමුත් තදබදය ඇතිවී තිබුනේ නිට්ටබුව නගරයේ තිලකවර්ධන රෙදිකඩයේ සාකාවක් විවුර්ත කර තිබූ දසුනකි.රෙදි ගැනීමට කඩය තුලට ඇතුලු කර ගන්නේ කොටස් වසයෙනි.අනිකුත් අය පොලිම් සෑදී ඉන්  පිටත රැස්ව සිටියහ.එම කඩේ විවුර්ත කරන නැකතත් සිකුරාදාවකට වැටී තිබුනේ අපේම කරුමෙට තමා.ඉන් පසු බසය ඉතාමත් වේගයෙන් ගමන් කිරීය.අබේපුස්ස සිට කුරුණැගල දක්වා A6 මාර්ගය දැන් කල් ඉකුත් වී ඇත.පසුගිය සමයේ උතුරේ යුද්දය අවාසන වීමත් සමග මෙම මාර්ග බොහෝසේ බාවිතා වේ මන්ද මෙම මර්ගය කොලබ සමග උතුර නැගෙනහිර යාකරන ප්‍රධාන මාර්ගය වීමයි. සවස 7.15 පමන වන විට බසය වදුරාගල(කුරුණෑගලට km 4k 5k) අසන්නයට පැමින නැවතත් මාර්ග තදබදයකට මුහුන දුන්නේය.පැය බාගයක් විතර ගියේය බසය මීටර් 10ක් වත් ඉදිරියට නොගියේය.පසුව අපට දැන ගැනීමට වූයේ වැහැර ප්‍රදේසයේ විසාල රිය අනතුරක් සිදුවී ඇති බැවින් දෙපසටම වාහන් ධාවනය කිරීමට නොහැති බවකි.වාසනාවට මෙන් කුරුණෑගල නගරයට පිවිසීමට මෙම මාර්ගයට සමාන්තරව කුරුණෑගල මීගමුව මාර්ගය ඇත එබැවින් බසය නැවත හරවාගෙන මෙම මාර්ග දෙක යාවන අතුරු මාර්ගයක් වෙත ගියේය.එම මාර්ගයේ කිහිප දුරකි යන්න හැකි උනේ නැවත තදබදයකට මුහුන දීමට සිදු වුනේ එම මාර්ගයේ වාහන 2ක් මරුවීමට ඇති අපහසු තාවය නිසාය ඉතාම අමරුවෙන් ඉදිරියට ගියද පාරේ වාහන සියල්ල හිරවී ඇත,උත්ගත වී ඇති තත්වය සමතයකට පත් කිරීමට විජයබාහු රෙජිමේන්තුවේ යුධ හමුදා සෙබලුන්ගේ හා බස් රත වල පැමිනි මගීන් ගේ සහය ලැබුනි.අපට ඉදිරියෙන් පැමිනි සියලුම වාහන මීගමු පාර තෙක් ඉවත් කරන තුරු බලා සිටීමට සිදුවිය.3Km පමන  ඉදිරියෙන් වූ බස් ලොරි වැනි වාහන ඉවත් කල පසු ගමන් ඇරබූ බස් රතය 9.30 පමන වන විට කුරුණෑගලට පැමිනියේය.අපි අතුරු මාර්ගයේ හිර වී සිටි විට හිතුවේ දැන් පාර clear කර ඇතිව ඇතිකියාය.නමුත්  කොලබ පාරේ කුරුණෑගල නගරයේ සිටම වාහන තදබදයය.එම නිසා පයින් නිවස බලා පැමිනියෙමි මේවන විට පොලිසිස් රතවාහන ඒකකයේ පිරිස් නගරය පුරා යොදවා තිබුනි.මෙම රිය අනතුර නොතිබුනා නම් 7.30 වීමට පෙර නිවසට ඒමට හැකිවන අතර එන බසයේම නිවස අසලින් බැසගැනීමට හැකිවේ.අබේපුස්ස සිට කුරුණැගල දක්වා A6 මාර්ගය කුරුණැගල පොල්ගහවෙල අලව්ව නගර ආසන්නව අබලන් වී ඇති බැවින් කොලබ සමග උතුර නැගෙනහිර පොලොන්නරුව අනුරධපුර යාකරන මෙවැනි වැදගත් මාර්ග ඉක්මනින් පිලිසතර කිරීම ආණ්ඩුවේ වගකීමක් නොවෙද? මෙවන් වාහන තදබද ඉක්මනින් කලමනාකරනය කරගැනීමට නොහැකි තරම් පොලීසිය අසමත් ඇයි?

Monday, March 21, 2011

අද දවසේ සිදුවීම

අද සදුදා දිනයක් බැවින් වෙනදාටත් වඩා කලින් අවදිවී බස් නැවතුම් පොල වෙත ගියේ අද උදෑසන බස් වල සෙනග වැඩි බැවිනි මන්ද චන්දය නිසා පසු ගිය සති අන්තයේ ගම් බිම් කරා ගිය පිරිස් වෙන දාටත් වඩා වැඩි බැවිනි.බස් නැවතුම් පොලට කලින් පැමිනි බැවින් පානදුර(17) බස් රියේ ඉදගෙන ඒමට වරම් ලැබුනි,පොඩි නින්දක් දාගෙන බසයේ පැමිනියද ඉදගෙන ඒමට තරම් වාසනාවක් නොතිබිය,බස් රිය අබේපුස්ස මන්සන්දි යේදී පාර මැද බ්රේක් හිර වී කැඩිනි,බස් රියේ ආ පිරිස බැස බසය පාරෙන් ඉවත් කිරීමට උත්සාහ කරද බ්රේක් හිර වී ඇති බැවින් එය කිරීමට නොහැකි විය,පසුව කොන් දොස්තර මහතා විසින් පැමිනි අයගේ මුදල් ආපසු දෙන ලදී. ඊලගට එම මාර්ගයේ පැමිනෙන(17 ගල්කිස්ස) බසයට අපි සිටියෙමු.අවාසනාවක මහත, එම රිය ඩිපෝව(අලව්ව) තුල දීම කැඩී ඇති බැවින් අද දින එම බස් රිය ධාවනය නොවීය,ඊගට ඒමට නියමිතව තිබුනේ 17 කුරුණෑගල - බත්තරමුල්ල බස් රියයි,අපි එහි එන මිතුරෙක් හා දුරකතනයෙන් සම්බන්ධ විට ඔහු පැවසුවේ අද ගල්කිස්ස බස් 1ක නැති නිසා සෙනග බොහෝ වැඩිය කියාය.එම නිසා අපි නැවතුමෙන් ඉදිරියට පැමින බොහෝම අපහසුවෙන් බසයට ඇතුලු විය.බස් රිය තුල හුස්ම ගන්නවත් ඉඩ නැත,ඉද ගෙන ආයට අපේ බෑග් ගොඩවල් බාර දීම නිසා ඔවුනුත් දැඩිසේ අපහසු වෙනි,බස් රිය වරකාපොලට එන විට තවත් අසුභ අරන්චියක් ලැබිනි,මන්ද අද දින වරකාපොලින් ධාවනය වන 17 මොරටුව බසයද නොමැතිය කියාය,එහෙයින් එම මගීන්ද හැකි සෑම අයුරකින්ම මෙම බසයට ගොඩවිය සෑමදාම මෙම බසයේ යන රියදුරු මහතා ගේ හිතවතු රියදුරු දොරෙන් පවා ඇතුලු කර ගත්තේය.හුස්මක් වත් ගන්න නොහැකිව පැමිනි අපට බොහොසේ බස් නැවතුම් වල රැදෙන්න උනේ මගීන්ට බැසීමට තිබූ දුෂ්කරතා නිසාය.නැවත බසය ගමන් අරබන විට දී අපිට කොන්දොස්තර මහතගෙන් ඇසුනේ ආව අය පමනක් නගින්න හා වෙනත් මගීන්ට එල්ලෙන්න එපාය කියාය.නමුත් එසේකියද්දී ද මිනිසුන් නැග ගත්හ,විටක රියදුරු මහතා සීට් එකට නැග රිය දෙස බලා අනිත් මිනිසුන් ගැන සිතා හැකි සෑම අයුරකින්ම ඉඩ දෙන්න කියා ඉල්ලීමක් කරේ,වැලිවේරිය නගර යේදී පොලිසියෙන් බසය නැවැත්තූ නිසාය.නමුත් පොලිස් මහතටද බසය පරක්කු වෙන නිසා විරොදතා එන බැවින් බසය ආරක්ෂිතව සෙමින් ගමන් කරන ලෙස රියදුරුට පවසා ඇග බේරා ගත්තේය,බසය දෙල් ගොඩ ප්‍රදේෂයට එන විට අපට කර ගදක්ද අවේය. ඒඅතර දෙල්ගොඩින් බහින මගියෙකුගෙන් මැසිවිල්ලක් අසන්න ලැබුනි එනම් ඔහු නිට්ටබුවෙන් නැග්ග අතර ඔහුගේ මල්ල රියදුරු අසුන අසලට දුන් අතර දැන් එය නොමැතිය යන්න.බෑග් එක සොයන්න උත්සාහ කරද එය අපහසු කරුනක් විය.කොන්දොස්තර මහතා මල්ලේ වටිනා බඩුතිබුනිද කියා විමසූ විට සිටි අයට සිනාව පිරි තරහා උපදවන දෙයක් කීවේය එනම් මල්ලේ ඇත්තේ කෑම 1ක පමනි කියාය.එවිට ඔහුට කොන්දොස්ත්ර මහතා විසින් මුදල් ලබාදී කෑම 1ක් කඩෙන් ගන්නා ලෙස කීය.බොහොම සෙමින් බසය බියගම කරා ලගා විය.ඉදිරියේ කඩුවෙලින් බහින්න සිටි මගීන් අපහසුවෙන් සීට් වලින් නැගිටීමට උත්සාහ කරා පමනි.මහ හඩක් නග්ගමින් බසයේ පිටුපස රෝද දෙක පුපුරා ගියේය,බසය පරෙන් ඉවත්කර නැවැත්තූ අතර අපට බසයෙන් බැසීමට විනාඩි 10ක් පන ගතවිය.එතැන බණ්ඩාර වත්ත බස්නැවතුම බව බසයෙන් බැස්ස පසු අපි දැක ගත්හ.කඩුවෙල පාලම ලගට එන විට අපට දැක ගන්න ලැබුනේ පිරී ඉතිරීගිය නුවර - පනදුර(17) බස් 2ක් න්වතා පොලිසියෙන් ඔවුන් ඇතුලට ඇතුල් කිරීමට උත්සාහ කරන දසුනකි.කඩුවෙල බස් නැවතුමේදී අපට දැක ගන්න ලැබුනේ,177 බස් වලටද බොහෝසෙනග ඉන්න බවයි.177 AC බසයක් පැමිනියද එහි සෑහෙන්න සෙනග බැවින් දොර වසා ගැනීමට මගීන් කීප දෙනෙකු බැස්ස වීය.අවසානයේ හෙම්බත්වී පමාවී උදෑසන දේසනය කරා පැමිනියෙමි.....‍රැකියාවලට යන හැමෝටම අද උදේවරුවම වැඩක් කිරීමට නොහැකය.බොහෝ දෙනෙකුට අද රතු ඉර, අසියාවේ ආෂ්චර්‍ය්‍ය යේ පොදු ප්‍රවාහන සේවයයි මේ(නොමැති බස් 2කම ctb)...මට නම් මෙවර චන්දය තිබ්බේ නෑ.බසයේ සිටි චන්දය පාවිචිකර අයට කුමක් සිතෙන්න ඇද්ද?

Thursday, March 17, 2011

මිනිසා

මිනිසුන් වර්ග දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත

ඉන් එක් කොටසක් වැඩ කරන අයයි
අනිත් කොටස ඒ සදහා ලකුනු දමා ගන්නා අයයි

මගේ පියා මට නිතර උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටසට වී සිටින ලෙසය

එයට හේතුව වැඩ කරන මිනිසුන් අතරේ තරගයක් නොමැති අතර
තරගය ඇත්තේ වැඩ නොකර ලකුනු දමාගන්න අය අතරේ බවිනි

                                                           -මහත්මා ගාන්ධි තුමන්-