Monday, July 19, 2010

කව්ද මේ හෙන්රි පේදිරිස්?

ගාල්ලේ දන්ගෙදර ඩී.ඩී පේදිරිස් යුවලට දාව 1888 අගෝස්තු 16 වන දින උපත ලැබූ හෙන්රි පේදිරිස් අධයාපනය ලැබුවේ කොළඹ ඇකඩමිය හෙවත් රාජකීය විදුහලෙන් හා ශාන්ත තෝමස් විදුහලෙනි.පාසල් වියේදී ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය.
ධනවත් ව්‍යාපාරිකයන් වූ  පේදිරිස් යුවලට අවශය වූයේ තම පුතුට ඉහළ අධ්‍යාපනයක් ලබාදී තම සියලු ව්‍යාපාර ඔහුට පවරා දීමටය.එහෙත් ඔහු එකල පැවති නගරාරක්ෂක හමුදාවට ස්වේච්ඡා සේවකයෙකු ලෙස එක්විය.ඒ එහි පළමු ලාංකිකයා ලෙසය.ඔහුට අශ්ව විද්‍යාව පිළිබද තිබූ මනා හැකියාව නිසා ඔහු කෙටි කලකින්ම(අවුරුද්දක් ඇතුලත) එහි කැප්ටන් තනතුරට උසස් වීමක් ලබාගැනීමට හැකිවිය.එම නිසා ඔහු කෙරෙහි බොහෝ අය ඊෂ්‍යා කරන්න විය.
මේ අතරතුර 1915දී ගම්පොළ දී පෙරහැරක් පැවැත්වීමේ සිද්ධියක් මුල් කරගෙන බෞද්ධයන් හා මුස්ලිම්වරුන් අතර ආරවුලක් පැන නැග්ගේය.ගම්පොළින් ආරම්භ වූ මෙම සිද්ධිය නොබෝ දිනකින්ම කොළඹට ද ව්‍යාප්ත විය.වික්ටෝරියා පාලම(පෑලියගොඩ පාලම) අසලින්  කොළඹට පැමිනෙමින් තිබූ උද්ඝෝෂණ කණ්ඩායමක් පාලනය කිරීමට තරුණ කපිතාන් හෙන්රි පේදිරිස්ට පැවරිනි.අසුපිටින් මෙහි ගිය හෙන්රි උද්ඝෝෂකයන් සමග සාකච්ඡාකොට උද්ඝෝෂණය සාර්ථකව විසිරුවාහරින ලදී.නමුත් කටකථාවක් මගින් පැතිර ගියේ ඔහු අසු පිටින් ගොස් මෙම කණ්ඩායමට සහය වූ බවය.මෙය අසන්නට වූ සුද්දන් ඔහුව අත් අඩංගුවට ගත්හ.
1915 ජූලි 01 වැනි දින තුන්දෙනෙකුගෙන් සමන්විත යුධාධිකරණ විනිසුරු මඩුල්ල නියම කරේ හෙන්රි පේදිරිස් ව වෙඩිතබා ඝාතනය කළ යුතු බවය.පසු දින එනම් ජූලි 02 වෙනි දින වෙඩිතබා ඝාතනය කිරීමට කටයුතු සූදානම් කර තිබුනද දේෂීය ජනතාවගේ විසේසයෙන් ප්‍රභුන් හා උගතුන්ගේ විරෝධතා නිසා එය ජූලි 08 වන දිනට කල් දමන ලදී.මහජන උද්ඝෝෂණ වැඩිවන්නට වූ නිසා එය ජූලි 07 වන දිනට නියම කෙරිනි.
තමාගේ මරණය නියත  වශයෙන්ම දැනගත් ඔහු තමා ඝාතනය කිරීමට පෙර ඉලීම් 5 ඇති බව පාලකයන්ට දැන්වීය.එනම්
1.තම මව් පියන් අවසන් වරට බැහැදැකීමට අවසර ගැනීම.
2.මහා සංඝරත්නයට අටපිරිකර පූජා කොට ආගමික වතාවත් ඉටුකිරීම.
3.සුද්දන් ලවානොව පංජාබ් සොල්දාදුවන් ලවා තමාට වෙඩිතැබීම.
4.තම හමුදාවේ නිලධාරීන් සමග තේ පැන් සංග්‍රහයකට සහභගී වීම.
5.තම සිරුර පවුලේ සොහොන් භූමියේ මිහිදන් කිරීම.
යන ඒවාය.
නියමිත දින එනම් ජූලි 07 සුද්දන් ඔහුට මංචු දමා මුහුන ලේන්සුවකින් ආවරණය කීරීමට සුදානම් විය.එයට තරයේ විරුද්ධ වූ ඔහු කියා සිටියේ "මට උබලාගේ ලේන්සු වුවමනා නෑ.මම මරණයට බය නෑ"යන්නය.මොහොතකින් එල්ල වූ වෙඩි උන්ඩයකින් ඔහුගේ ළය සිදුරු වී ගියේය.
තම පුතුගේ මරණයෙන් අතිශය කම්පාවට පත්වූ පේදිරිස් යුවල තම පුතු බේරා ගැනීමට වියදම් කිරීමට සූදානම් සියලු මුදල් එක්කර කොළඹ හැවලොක් ටවුමේ ඉසිපතනාරාම විහාරය අංග සම්පූර්ණ විහාරයක් ලෙසින් කරවා පූජා කළහ

9 comments:

  1. මුලින්ම දෙමව්පියන් කියන දේ ඇහුවනම් මෙහෙම වෙන්නෙ නෑ නේද?

    ReplyDelete
  2. ම්ම්.. වැදගත්..

    ReplyDelete
  3. "ඩී.ඩී පේදිරිස් යුවලට දාව 1988 අගෝස්තු 16 වන දින උපත ලැබූ හෙන්රි පේදිරිස්"
    මේකේ මොකක් හරි අවුලක් නේ???

    ReplyDelete
  4. වැදගත් ලිපියක්
    උපන් දිනේ අවුලක් තියෙනව වගේ

    ReplyDelete
  5. හම්ම්.. කට්ටිය අවදානයෙන් කියවල තියනව වගේ.ඒක 1888 වෙන්න ඕනා;වරදට සමාවනු මැනවි,ඒක පෙන්නලා දුන්නාට ස්තූතියි.

    ReplyDelete
  6. පොත් පත් වල හෙන්රි පේදිරිස් ජාතික වීරයෙක් කියල තියනව,එහෙම වෙන්න මොකක්ද හේතුව?ඔහු එකල ධනපති පැලැන්තියේ නිසාද?මට හිතෙන විදිහට ඔහු සුද්ද්න්ගේ කීකරු කුලීහේවායෙකි.මරණයට අභීතව මුහුණ දෙන අය හැමෝම ජාතික වීරයෝද?යුධ අධිකරණයෙන් වරද කරුවන් වන සැවොම ජාතික වීරයෝද?එලෙස බැලුවොත් මෙකල ජෙනරල් සරත් පොන්සේකාද යුධ අධිකරණයෙන් වරදකරු වී දඩුවම් නියම වුවොත් ඔහුද ජාතික වීරයෙක් වේ,නමුත් ඔවුන් දෙදෙනාගේ වෙනස වන්නේ පේදිරිස් සින්හලයන්ට එරෙහි සුද්දන්ගේ හමුදාවේ වීමත් පොන්සේකා කොටින්ට එරෙහි සින්හල හමුදාවේ වීමත් ය.හෙන්රි පේදිරිස්ගේ නම ජාතික වීරයන් ගේ ගොඩට එකතු වීම මට පැහැදිලි නැත.

    ReplyDelete
  7. බ්ලොග් එකට නොමිලේ ප්‍රචාරයක් ඕනෙ නම් මෙන්න මේක බලන්ඩ : http://freeaddsorg.blogspot.com/

    ReplyDelete