Saturday, December 17, 2011

මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..?



1.ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය

සෑම ...යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.
2. ඇන්තනිගේ කම්මල් නියමය
ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.

3. කොවෑක්ගේ න්‍යාය
වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.

4. කැනන්ගේ කර්මවාදය
අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.

5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.

6. බෙල්ගේ නියමය
ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.

7. රූබිගේ සමාසද සිද්ධාන්තය
ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.

8. විලොබීගේ නියමය
ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.

9. සැඩ්‍රාගේ ජීවමිති නියමය
කැසීමේ සැරබව අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.

10. බ්‍රෙඩාගේ නීතිය
සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය.

11. ඕවන්ගේ නියමය
උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.

12. වූලිගේ නියමය
ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.

3 comments:

  1. මේ බ්ලොග් එකට 'මිනිස්සු' එනවට කැමති නම් අර ඔටෝ ප්ලේ වෙන සින්දු අයින් කරපන් ...... උදේ පාන්දර .... අමතක වෙලා ස්පීකර්ස් දාල තිබිල .... ගෙදර මිනිස්සු ඔක්කොම ඇහැරුනා ..... බැනුම් කෝටියය්........ :(

    ReplyDelete
  2. ayye mage computere sindu oni tharam tynwa. e nsa kruna krla e sinduwa iwath krla dmnwda

    ReplyDelete
  3. ලිපිය නම් සිරා.... අර කීවත් වගේ මේ සිංදුව තමා ජල්ටොං එක

    ReplyDelete