Sunday, July 1, 2012

සුපිරි වෙළදසල් වලින් බඩු ගද්දි සැලකිලිමත් වන්න 2

මේ සිදුවිම උනේ ඊයේ මෙහි වැරැද්ද තනිකරම මගේය.මෙවන් වැරදි ඔබ අතින් සිදු නොවන්න වග බලාගන්න,අම්ම කඩේට ගිහින් බඩු වගයක් ගේන්න කිව,සමහර දවස් වල මට ඔහොම ගේන්න කිවම 1ක් 2ක් ගේන්න අමතක වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ගේන්න ඕන ඒවා ටික ප්‍රමානත් එක්ක කොලේක ලියල දෙනවා.ඊයෙත් ඔන්න ඔහොම බඩු ලිස්ට් 1ක් ලියල දුන්න. ලගපාත ඒ බඩු ගන්න තියෙන්නෙ සුපිරි වෙළදසල් 2ක් පමණි.ඉන් 1ක් සතොස(මේකේ බිලින් සිස්ටම් 1 තිබ්බ අවුලක් මිට ඉහත පොස්ට් 1ක දල ඇති )මම ගියේ මම ගියේ අඩුම මිලටත් වඩා අඩුවෙන් කියන සුපිරි වෙළද සලට මගේ ලිස්ට් 1 කේ තිබ්බ පරිප්පු 2kg කියල මම පරිප්පු තියන තැනට ගිහින් කිරන්න ඉන්න කෙනාට කිව කිලෝ 2ක් කියල.එයා කිරන වෙලාවේ මගේ කරුමෙට ඒ ස්ථානයට අවා පාසල් කලේ යාලුවෙක් එයත් එක්ක පොඩ්ඩක් කතාකර එතකොටම අර පරිප්පු කිරපු කෙනා ආ මහත්තය කියල මල්ල ගැට ගහල අර මල්ලේ අලවන ඉස්ටිකරෙත් අලවල දුන්න මගේ කුඩේට, මම මගේ යාලුවත් ඉක්මනට යන්න ඕන පස්සේ හම්බෙමු කියල ගියා කවුන්ටරේට
"කවුන්ටර්න් -__ පොයිට් කාඩ් 1ක් තියනවද?"
"මම - ඔවු මෙන්න"
මම බිල ගෙවල ඉක්මනට ගෙදර අවා.කතාවේ හොදම හරිය එතකොට, අම්ම මම ගෙනාපු බදු මල්ලේ තියන ඒවා කුස්සියේ අස් කරනවා ටිකකින් "චුටි පුතා"මම කුස්සියට ගිය.
අම්ම - මම මෙච්චර කොලේක ලියල දීලත් අඩුවෙන්නේ ගෙනල්ල තියෙන්නේ
මම - කොලේ ලියල තිබ්බ ඔක්කොම ගේනවා.
අම්ම- ඔක්කොම ගෙනල්ල තියනවා
මම - එහෙ නම් එතින්
අම්ම - හොදට අස් ඇරලා බලන්න මම දීපු කොලේ පරිප්පු 2kg කියල ලොකුවට ලියල තියනවා
මම - ඔවු ඉතින් මම 2 kg ගේනවා.
අම්ම - මෙතන කොහෙද 2kg?
මම - දැන් 2kg වලට ඔච්චරයි වෙන්න ඇති මේ තියෙන්නේ ඉස්ටිකරෙකුත් අලවල 2 kg කියල.
අම්ම - අවරුදු ගණක තිස්සේ පරිප්පු උයපු මම දන්නේ නැද්ද 2kg ප්‍රමාණය,
කියල කබඩ් 1ක් ඇරලා ගත්ත කේක් හදද්දී සිනි පිටි වගේ ඒවා කිරන්න ගන්න තරදිය අරන් 1 කේ පරිප්පු මල්ල තියල
අම්ම- මේ බලන්න කියාද කියල,
මාර කෙස් 1ක තරාදියේ 1kg.මම ගිහින් බිල බැලුව එකෙත් 2 kg.දැන් ඉතින් මොන කරන්නද ගිහින් දුන්නට උන් පිලි ගන්නේ නෑනේ.උන් කියයි අපි 1kg අයින් කරලා ගේනවා කියල.
අම්ම - කිරල දෙනකොට පෙනුන්නේ නැද්ද මෙතන 2kg නෑ කියල?
එතකොටයි මට හිතුනේ කිරපු 1කා මම යාලුවත් එක්ක කතාකරපු ටිකට 1 kg 2 kg කියල ලියල හිනා වෙලා කුඩේ ටත් දල දුන්නේ මොකෝ කියල.ඉතින් මේක බිල දාද්දි කවුටරේ හිටපු කෙල්ලට වත් හිතුනේ නෑනේ,මේකට ගිහිල්ල රණ්ඩු වෙන්න බෑනේ වැරැද්ද මගෙ නේ, අපිට පරිප්පු 1kg පාඩුව විද ගන්න 1ක තමා කරන්න උනේ.මේ සිද්දිය ලිවේ මේකෙන් පාඩමක් ඉගෙන ගන්න. ඔයාලත් බඩු කිරල ගද්දි තරාදිය දිහා බලන් ඉන්න ඒ වගේම ප්‍රමාණය ගැන දල අදහසක් තියාගෙන යන්න.                                               

14 comments:

  1. ඕක අපේ අම්මාත් කියනවා.. බඩුවක් ගනිද්දි ගොඩක් සැලකිල්ලෙන් ගන්න කියලා..එ වගේම සල්ලි දෙද්දි උනත් ගණන් කරලා ගන්නම කියනවා..අපේ අම්මා එක්ක බඩු ගන්න යද්දි හරි වදයක් කියලා හිතුවාට එයලා දන්නවා හැමදේම පාලනය කරන්න. .එයාලා සල්ලි හම්බ කරන්නේ ඉතින් මහන්සි වෙලානේ.අනික ඔහොම වෙලා ගෙදර ආයේ ආයේ යද්දි එතන අයටත් එක ප්‍රශ්නයක්.අනික අපේ නොසැලිකිලිමත් කම නේ.

    ReplyDelete
  2. හාල්, සීනි, පිටි, පරිප්පු වගේ දේවල් කිරන කොට කඬේ මුදලාලි ග‍්‍රෑම් එකක් වත් අඩු කරයි කියල තරාදියෙ කටුව දිහා දෑස දල්වාගෙන බලාගෙන ඉන්න අපේ මිනිස්සු කිසිම වගක් විභාගයක් නැතුව සක්විති, දඬුවම් මුදලාලි ඇතුලූ ඕනම කෙනෙක් ගාව මුදල් ආයෝජනය කරන්න පසුබට නොවෙන්නෙ ඇයි.........

    ReplyDelete
  3. පුදුම වැඩේ කියන්නෙ කවදාවත් සුපර්මාකට් එකට අවාසියක් වෙන්නෙ නැති එකනෙ.ඒ කියන්නෙ කිලෝ දෙකක් දාල එකකට බිල වැටෙන්නෙ නැති එක.මටත් ගොඩක් ඔය වාගෙ සීන් වෙලා තියනව.හැබැයි හැම වෙලාවෙම පාඩු උනේ මට.

    ReplyDelete
  4. මෙතැනදී ඔබ දෙවැනි වරදකුත් කරනවා. ඔබ ඔවුන්ට මේ පිලිබඳ පැමිණිලි නොකිරීම තමයි ඒ වරද. මාගේ අත්දැකීමේ හැටියට මෙවන් පැමිනිල්ලකදී ඔය කියන වෙළඳ සල පාරිභෝගිකයාට හොඳින් සලකනු ලබනවා. කෙසේ නමුත් දෙන ලද බිලේ තිබෙන අංකයට දැන් හෝ කතා කර බලන්න. බොහෝ දුරට ඔබට හොඳ ප්‍රතිචාරයක් ලැබේවි. මා හට ඒ පිළිබඳව සතික විය නොහැක.

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය ආයතනයේ වැඩකරන අයෙකු වියයුතුයි... මගේ අත්දැකීමක් තියනවා ඒදා වෙලාව ට මම දැක්කේ...
      මම ගත බාන්ඩය ට විකිණුම් මිලවල් 2ක් තිබ්බ 850,945... මම ගතේ පරණ මිල සදහන් එක...
      නමුත් ඔව්න් මිල නියම කරේ 945 ට මම එ‍ක දැක්ක නිසා ඒ වෙලාවේම කියල ඒ වරද පෙනුව... නමුත් ගොඩක් වෙලාවට අපි ඒ වෙලාවට නියම මිලම ඔව්න් සදහන් කරනවද කියල අවදානයෙන් ඉන්නවා අඩුයි නේ.. ඒ වරද ට ඔව්න් මගෙන් සමව ගන්න තරම් නිහතමානී නොඋන බවත් කියන්න ඕන... මේක උනේ වැලිවිට කාගිල්ස් අයතනේයේ

      Delete
  5. මටත් හිතෙන්නේ ඒ වෙලාවේම පැමිණිලි කරානම් හොඳයි කියල.

    ReplyDelete
  6. මමත් හිතන්නේ ඒ ගැන පැමිණිලි කිරීම තමයි හරි. කොහොමත් පාඩුව විඳ ගනිමින්ම ඔවුන්ට ඒ බව පැවසූ විට ඔවුන් ඔබව තේරුම ගැනීමට ඉඩ ඇත. වරක් කල් ඉකුත් වූ දන්න්තාලේප වගයක් මම මිලදී ගත්තා. ඔවුන් එය රැගෙන යන්නට මගේ නිවසට පැමිණෙන්න පවා සූදානම් වූවා.

    ReplyDelete
  7. එවන් වැරදි නිවැරැදී කිරීමේ හැකියාවක් ඔවුන් සතුව නැතිබව කිව.

    ReplyDelete
  8. ඔය කියල තියෙන තැනට නිකන් හරි complain කරන්න තිබ්බේ. මගේ යාලුවෙක් ගේ ගෙදරකට ඔකේන් ගෙනාපු මාළු වල අවුලක් තිබිලා කෝල් කරලා කියලා නිකන්. ටික වෙලාවකින් එකෙන් අයෙත් කෝල් කරලා ගෙදර ඇඩ්රස් එක අහලා අලි පත පලතුරු කූඩේකුයි , තව එක එක ජාතියි ගොඩක් ගෙනල්ලා දීලා "We are really sorry for the trouble sir! " කියලා මාළු ටිකත් ඉල්ලගෙන ගිහින් තිබ්බා.

    ReplyDelete
  9. ඒ අපරාදෙ බන් උඹටත් පලතුරු මල්ල ගන්න තිබ්බෙ ටෝක් එකක් දාල.

    ReplyDelete
  10. මට අමතක උන නේ මේක උනේ රනිල් ට කියල.... ඕක ට ඔයහැටි අම්ම උනත් කලබල වෙන්නේ නැතුව ඇති පුතණ්ඩියා ගැන අම්ම දානවා නේ...
    ගොඩක් හොදි රනිල් දිගටම ලියන්න සුබ පැතුම්

    ReplyDelete
  11. මට මතක් වුණේ නස්රුදීන් පූසව කිරලා මස් රාත්තල් ගණන හොයපු කතාව :D

    ReplyDelete
  12. @Hasitha,ඒ කතාව මොකක්ද? මම දන්නේ නෑ දැන ගන්න කියන්න.

    ReplyDelete
    Replies
    1. නස්රුදීන් දවසක් මස් රාත්තලක් ගෙනවිත් හාමිනේට දුන්නලු උයන්න කියලා. ඉතින් ඒක ඉව්වාට පස්සේ ආපු සුවඳට හාමිනේ එක මස් කෑල්ලක් කෑවලු. එහෙම කොහොම හරි ඔක්කොම මස් කෑලි ටිකට හාමිනේ වැඩේ දුන්නලු.

      දැන් මස් රාත්තලම මෙයා කාලලු. පස්සේ නස්රුදීන් ඇවිත් කෝ මස් කියලා අහපුවාම කිව්වලු පූසා කෑවා කියලා.

      නස්රුදීන් ඉක්මණටම පූසව බෙල්ලෙන් අල්ලලා තරාදියේ දාලා කිරලා බැලුවලු. පූසගේ බර රාත්තලයිලු.

      පස්සේ නස්රුදීන් ඇහුවලු මේ පූස නම් කෝ මස් රාත්තල, මේ මස් රාත්තල නම් කෝ පූසා කියලා :D

      Delete