Tuesday, July 24, 2012

අද වගේ දිනක 2

මෙය පෙර ලිපියේම කොටසක් ලෙස ගත හැක. 2001-07-24 කියන දිනෙත් මෙරට ඉතිහසයේ කළු පැල්ලමක් එක්කල දිනයක් විය.එනම් අදින් වසර 11කට පෙර. එදින මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයක් ජාතික ආර්ථිකයේ තවත් වැදගත් ස්ථානයක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපටල හා කටුනායක ගුවන් හමුදා කදවුරට එල්ල උන.එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා 2ක්,මිග් වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක්,MI 17 වර්ගයේ හෙලිකොප්ටරයක්,MI 24 වර්ගයේ ප්‍රහාරක හෙලිපොප්ටරයක්.K8 වර්ගයේ ගුවන් යනා 3ක් විනාශ විය.ශ්‍රී ලන්කන් ගුවන්සේවයට අයත් A330s එයාර් බස්2ක්,A330s එයාර් බස් 1ක්,A320s එයාර් බස්1ක් විනාශ වූ අතර යානා කිහිපයකට දැඩි අලාභ හානි සිදුවිය.මෙහිදී ජිවිත හානි 20 ක් සිදුවූ අතර මරාගෙන මැරෙන කොටි 13 දෙනෙකුගේ මල සිරුරු හමු විය.ප්‍රහාරයෙන් සිදු වූ පාඩුව කොටි 400 කට වඩා වැඩිවිය. ඉන් පසු ගුවන් තොටුපලේ කටයුතු සියල්ල නතර විය.සියලුම ගුවන් යානා සිංගප්පුරුව හා ඉන්දියාවේ ගුවන්තොටුපල කරා යොමු කළේය.දහස් ගණනක් මගින් මෙරට අතර මන් විය.ලොව ගුවන් සිතියමෙන් ලංකාව තාවකාලිකව ඉවත් විය.ඒ සියලුම ගුවන් සමාගම් මෙහෙයුම් කටයුතු නැවැත්විය.ඒ වෙලාවේ තමා පාලකයින්ට විකල්ප ගුවන් තොටුපලක වැදගත් කම ඔලුවට ආවේ.ඒ වෙද්දීදිත් බලයේ හිටියේ මේ ආණ්ඩුව නිසාම වසර 11ක් ගතවී විකල්ප ගුවන් තොටුපලක් ජන ශුන්‍ය කලාපයක උවද නුදුරු දවසක මෙහෙයුම් කටයුතු ආරම්භ වෙන 1 ක ගැන සතුටු විය හැක.කෙසේ වෙතත් මේ ප්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය රින අගයකට වැටුණි.එ‍කට රාජ්‍ය නායකයාව සිටි ජනාධිපතිනිය හා රජය මෙයට විසදුම් හොයනවා වෙනුවට අද වගේම එදත් චන්ද ලබා දුන්න, පාර්ලිමේන්තුව විසුරුවාහැර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්තුවා. රටටම කෙලවෙලා තිබ්බ වෙලාවේ පාර්ලිමේන්තුවේ බලය විපක්ෂය සතුවිය.බලයට පත් නව රජයේ ප්‍රධානම කටයුත්ත උනේ මෙරට ආර්ථිකය නැවත ගොඩ ගැනීමය.ඒ සදහා ශ්‍රී ලංකාව නැවත ලෝක ගුවන් සිතියමට ඇතුළු කල යුතු විය.ඒ සදහා ප්‍රධානම බාධකය උනේ රට ත්‍රස්ත වදය විසින් ගිලගෙන පැවතීමයි.රජයේ අනවශ්‍ය වියදම් සියල්ල කප්පාදු කළේය.තාවකාලිකව රජයේ රුකියා දීම නැවැත්විය.රජයට අකමැත්තෙන් උවද දේශපාලන වාසි අතහැර පොහොර සහනාධාරය පවා අහිමි කළේය.ඒ වන විට හමුදාවද භෞතික අතින් ශක්තිය අඩුවෙලා තුබුණේ උදාහරණ ලෙස මේ ප්‍රහරයම ගත හැක.එහි ප්‍රතිපලයක් ලෙස තමා සටන් විරාම ගිවිසුම ඇතිවන්නේ.එය රටේ සේනාධිනායිකව පවා අනුමත කළේය(සටන් විරාම ගිවිසුම පිළිබද වගකීම ඇත්තේ ජනාධිපතිතුමියටය.ඒ රටේ නායකයා වන බැවිනි).ඉන් පසු රට ටිකින් ටික ස්ථාවරවී ආර්ථිකය යහපත් අතට හැරුණි,ගුවන් සමාගම් නැවත මෙරට තුල මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.විදේශ අයෝජය මෙරටට ගල ආවේය.අපි කුමන දේශපාලන මත දරුවත් සටන් විරාම ගිවිසුම හරහා හොද හා නරක ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවිය.ලිදේ සිටි ගෙම්බන් සේ සිටි කොටි සාමාජිකයින් හා උතුරේ දෙමල වැසියන් සත්‍ය ලෝකය දකින්නට විය,දකුණ ගැන යහපත් ආකල්ප ඇතිවිය,කොටි ඇතුලත අභියන්තර මතභේද ඇතිවිය,එහි ප්‍රතිපලයක් ලෙස සංව්දනයේ නැගෙනහිර බලය බිදී ගියේය.කොටි නැවත යුද්දයකට යානොහැකිව ජාත්‍යන්තරව උගුලක පටලැවිණි.රටේ නායකයාව සිටි ජනදිපතිතුමියගේ අරමුණ මේවන විට සිදුවී අවසානය ඒ රට නැවත යථා තතවයට පැමිණ ආර්ථික වර්ධනය ඉහල ධන අගයකය.දැන් බලලුන් කොස් ඇට බා අහවරය.(වසර 2ක් වැනි කෙටි කාලයක් තුල) කොස් ඇට අනුභව කිරීමට නැවත පාර්ලිමේන්තුව විසුරුවා හැර විධායකය විසින් නැවත බලය ශක්තිමත් කර ගත්තේය.මේ නිසා අදින් වසර 11 කට පෙර සිදු වුනු මේ සිද්දිය කොටින්ගේ ඉරණම තීරණය කල සිදුවීමක් ලෙස ඇතැමෙකුට  කිව හැක.                                                                         

4 comments:

  1. මතක් කලාට ස්තුතියි.

    ReplyDelete
  2. ඡේද වෙන්කරලා ලියන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.. කියවන්න අමාරුයි.

    ReplyDelete
  3. @ හරි ස්තුතියි උප දෙසට

    ReplyDelete