Wednesday, July 4, 2012

මටෙලෝ කුළුණ

මටෙලෝ කුළුණ

හම්බන්තොට ධිවර වරාය පැත්තේ ගියපු කට්ටියගේ නම් මෙ කුළුණ නෙත ගැටිලා ඇති.මෙ කුළුණ හදල තියෙන්නේ ඉංග්‍රීසි කලේ.1801-1803 අවුරුදු වල මෙය ඉදිකරලා තියෙනේ කැප්ටන් ඩොපර් කියල කෙනෙක්, මෙය කුඩා බලකොටුවක් විදිහට සකස් කරපු විශාල කාලතුවක්කු  රදවනයක් මේවගේ කුළුණු කිහිපයක් ලොව පුරා ඇත.මෙ රුපයෙන් ඒවා තියන තැන් පෙන්වයි.

   අපේ රටේ මේවගේ කුළුණු 2 හදන්න එංගලනතේ ඉදල සුද්දෝ ඇවිත් තියෙන්නේ අනිත් එක ත්‍රිකුණාමලේ ඒ උනාට හදල තියෙන්නේ මේක විතරයි.මෙම කුළුණු හදල තියෙන්නේ ප්‍රංශයෙන් සතුරු ආක්‍රමණ එයි කියල.මෙය කුඩා ප්‍රමාණයේ බල කොටුවක් කියන්නත් පුළුවන් මොකෝ මේකේ 24 දෙනෙකුට විතර ඉන්න පුළුවන්ලු.මෙ මටෙලෝ කුළුණු හදල තියෙන්නේ පොදු සැලැස්මකට අනුවය මෙ තියෙන්නේ ඒ සැලැස්ම
  
මෙ  කුළුණ ආසන්නයේම තමා පැරණි ප්‍රදීපාගාරය පිහිටලා තියෙන්නේ.මෙම මටෙලෝ කුළුණ 1999 දී ප්‍රතිසංස්කරණය කරලා තියනවා දැනට මෙය පුරාවිද්‍යා සංරක්ෂිත ගොඩනැගිල්ලක් ලෙස පවතී.
පැරණි ප්‍රදීපාගාරය


ඔබත් හම්බන්තොට පැත්තේ සංචාරය කරනවානම් මෙ ස්ථානයත් බලන්න යන්න මෙන්න යන පාර,මෙ පාරේ නමත් ටවර් හිල් පාර.
මම  මටෙලෝ කුරුණු ගැන තිබ්බ විකි පිටුව එඩිට් කරා,ලෝකේ අනිත් ඒවා ගැන බලන්න පිවිසෙන්න.
  
  

2 comments:

  1. අපේ රටේ තියෙන අපි නොදන්න දේවල්. ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට. බ්‍රිතාන්‍යයන් තමන්ගේ අධිරාජ්‍ය පතුරවපු හුඟක් රටවල මේවා හදලා තියෙනවා වගේ. ත්‍රිකුණාමලයේ එක හදන්න වුනේ නැති හේතුවක් තියෙනවාද ?

    ReplyDelete
  2. හරියටම දන්නේ නෑ අන්තර්ජලයේ ලිපියක තිබ්බේ,මම හිතන්නේ ප්‍රංශ ආක්‍රමණ අඩුවෙන්න ඇති එහෙම නැත්නම් ඒ වැඩේ පැත්තක දල උඩරට අල්ලන වැඩේට මුලිකත්වය දෙන්න ඇති.

    ReplyDelete