Monday, March 21, 2011

අද දවසේ සිදුවීම

අද සදුදා දිනයක් බැවින් වෙනදාටත් වඩා කලින් අවදිවී බස් නැවතුම් පොල වෙත ගියේ අද උදෑසන බස් වල සෙනග වැඩි බැවිනි මන්ද චන්දය නිසා පසු ගිය සති අන්තයේ ගම් බිම් කරා ගිය පිරිස් වෙන දාටත් වඩා වැඩි බැවිනි.බස් නැවතුම් පොලට කලින් පැමිනි බැවින් පානදුර(17) බස් රියේ ඉදගෙන ඒමට වරම් ලැබුනි,පොඩි නින්දක් දාගෙන බසයේ පැමිනියද ඉදගෙන ඒමට තරම් වාසනාවක් නොතිබිය,බස් රිය අබේපුස්ස මන්සන්දි යේදී පාර මැද බ්රේක් හිර වී කැඩිනි,බස් රියේ ආ පිරිස බැස බසය පාරෙන් ඉවත් කිරීමට උත්සාහ කරද බ්රේක් හිර වී ඇති බැවින් එය කිරීමට නොහැකි විය,පසුව කොන් දොස්තර මහතා විසින් පැමිනි අයගේ මුදල් ආපසු දෙන ලදී. ඊලගට එම මාර්ගයේ පැමිනෙන(17 ගල්කිස්ස) බසයට අපි සිටියෙමු.අවාසනාවක මහත, එම රිය ඩිපෝව(අලව්ව) තුල දීම කැඩී ඇති බැවින් අද දින එම බස් රිය ධාවනය නොවීය,ඊගට ඒමට නියමිතව තිබුනේ 17 කුරුණෑගල - බත්තරමුල්ල බස් රියයි,අපි එහි එන මිතුරෙක් හා දුරකතනයෙන් සම්බන්ධ විට ඔහු පැවසුවේ අද ගල්කිස්ස බස් 1ක නැති නිසා සෙනග බොහෝ වැඩිය කියාය.එම නිසා අපි නැවතුමෙන් ඉදිරියට පැමින බොහෝම අපහසුවෙන් බසයට ඇතුලු විය.බස් රිය තුල හුස්ම ගන්නවත් ඉඩ නැත,ඉද ගෙන ආයට අපේ බෑග් ගොඩවල් බාර දීම නිසා ඔවුනුත් දැඩිසේ අපහසු වෙනි,බස් රිය වරකාපොලට එන විට තවත් අසුභ අරන්චියක් ලැබිනි,මන්ද අද දින වරකාපොලින් ධාවනය වන 17 මොරටුව බසයද නොමැතිය කියාය,එහෙයින් එම මගීන්ද හැකි සෑම අයුරකින්ම මෙම බසයට ගොඩවිය සෑමදාම මෙම බසයේ යන රියදුරු මහතා ගේ හිතවතු රියදුරු දොරෙන් පවා ඇතුලු කර ගත්තේය.හුස්මක් වත් ගන්න නොහැකිව පැමිනි අපට බොහොසේ බස් නැවතුම් වල රැදෙන්න උනේ මගීන්ට බැසීමට තිබූ දුෂ්කරතා නිසාය.නැවත බසය ගමන් අරබන විට දී අපිට කොන්දොස්තර මහතගෙන් ඇසුනේ ආව අය පමනක් නගින්න හා වෙනත් මගීන්ට එල්ලෙන්න එපාය කියාය.නමුත් එසේකියද්දී ද මිනිසුන් නැග ගත්හ,විටක රියදුරු මහතා සීට් එකට නැග රිය දෙස බලා අනිත් මිනිසුන් ගැන සිතා හැකි සෑම අයුරකින්ම ඉඩ දෙන්න කියා ඉල්ලීමක් කරේ,වැලිවේරිය නගර යේදී පොලිසියෙන් බසය නැවැත්තූ නිසාය.නමුත් පොලිස් මහතටද බසය පරක්කු වෙන නිසා විරොදතා එන බැවින් බසය ආරක්ෂිතව සෙමින් ගමන් කරන ලෙස රියදුරුට පවසා ඇග බේරා ගත්තේය,බසය දෙල් ගොඩ ප්‍රදේෂයට එන විට අපට කර ගදක්ද අවේය. ඒඅතර දෙල්ගොඩින් බහින මගියෙකුගෙන් මැසිවිල්ලක් අසන්න ලැබුනි එනම් ඔහු නිට්ටබුවෙන් නැග්ග අතර ඔහුගේ මල්ල රියදුරු අසුන අසලට දුන් අතර දැන් එය නොමැතිය යන්න.බෑග් එක සොයන්න උත්සාහ කරද එය අපහසු කරුනක් විය.කොන්දොස්තර මහතා මල්ලේ වටිනා බඩුතිබුනිද කියා විමසූ විට සිටි අයට සිනාව පිරි තරහා උපදවන දෙයක් කීවේය එනම් මල්ලේ ඇත්තේ කෑම 1ක පමනි කියාය.එවිට ඔහුට කොන්දොස්ත්ර මහතා විසින් මුදල් ලබාදී කෑම 1ක් කඩෙන් ගන්නා ලෙස කීය.බොහොම සෙමින් බසය බියගම කරා ලගා විය.ඉදිරියේ කඩුවෙලින් බහින්න සිටි මගීන් අපහසුවෙන් සීට් වලින් නැගිටීමට උත්සාහ කරා පමනි.මහ හඩක් නග්ගමින් බසයේ පිටුපස රෝද දෙක පුපුරා ගියේය,බසය පරෙන් ඉවත්කර නැවැත්තූ අතර අපට බසයෙන් බැසීමට විනාඩි 10ක් පන ගතවිය.එතැන බණ්ඩාර වත්ත බස්නැවතුම බව බසයෙන් බැස්ස පසු අපි දැක ගත්හ.කඩුවෙල පාලම ලගට එන විට අපට දැක ගන්න ලැබුනේ පිරී ඉතිරීගිය නුවර - පනදුර(17) බස් 2ක් න්වතා පොලිසියෙන් ඔවුන් ඇතුලට ඇතුල් කිරීමට උත්සාහ කරන දසුනකි.කඩුවෙල බස් නැවතුමේදී අපට දැක ගන්න ලැබුනේ,177 බස් වලටද බොහෝසෙනග ඉන්න බවයි.177 AC බසයක් පැමිනියද එහි සෑහෙන්න සෙනග බැවින් දොර වසා ගැනීමට මගීන් කීප දෙනෙකු බැස්ස වීය.අවසානයේ හෙම්බත්වී පමාවී උදෑසන දේසනය කරා පැමිනියෙමි.....‍රැකියාවලට යන හැමෝටම අද උදේවරුවම වැඩක් කිරීමට නොහැකය.බොහෝ දෙනෙකුට අද රතු ඉර, අසියාවේ ආෂ්චර්‍ය්‍ය යේ පොදු ප්‍රවාහන සේවයයි මේ(නොමැති බස් 2කම ctb)...මට නම් මෙවර චන්දය තිබ්බේ නෑ.බසයේ සිටි චන්දය පාවිචිකර අයට කුමක් සිතෙන්න ඇද්ද?

4 comments:

  1. පුදුම කට්ටක් නේ අප්පා කාලා තියෙන්නේ.... පොදු ප්‍රවාහන සේවය...නමට පමණක්..

    ReplyDelete
  2. අනේ අප්පේ මාත් අවුරුදු 10ක් ම ඔය කට්ට කැවා...
    මක් කරන්නද...

    ReplyDelete
  3. මේවා යටි අරමුණකින් ලියන ලිපි.... මම නොදන්න රනිල් මල්ලි......

    ReplyDelete
  4. මොකකද යටි අරමුණ?රට යන විදිහ හොදයි කියල මේරටේ බහුතරය අනුමත කරනව අපි නොකෙරුවාට

    ReplyDelete