Tuesday, December 4, 2012
Thursday, October 4, 2012
වැදගත් කියමන්
ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගතවේ නම් ළදකට එය වියදම් කිරීමට තත්පරයක් ප්රමාණවත්ය.
-ඩාවින්චි-
ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුනේ නම් අද ගුරුත්වාකර්ශනයක් නැත.
-අයිසැක් නිව්ටන්-
ළදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය.නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂවය.
-අයින්ස්ටයින්-
පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටුවිට එපා වේ.
-මැක්රෝනි-
ඔබත් කෙනෙකුට ආදරේ කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරා ගනු ඇත. මෙහි විලෝමය සත්‍ය වේ.
-මයිකල් -
ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන
ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම්
කිසිවක් නැතිවය.
-ඇන්ජෙලෝ-
ඔබගේ පෙම්වතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අතහරිනු ඇත.
-ශාරුක් කන්නන්ගර-
ඔබ ගස්ලබු, යෝගට්, පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම්, ඒවා ගෙදරට ගෙන
ඒමෙන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය
-රිතික් රෝෂාන්-
ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,
1. එහි ඇවාට ඇති බැවිනි.
2. තනියම දීප්තියක් විය නොහැකි බැවිනි.
3. හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි.
4. දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි.
5. සෑම මාසයක් පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි.
-බඩ්ලිව් බුෂ්-
විදුලි බුබුල නිවපවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි.
නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම් ගත් විට නැවත එකක් කිරීමට උත්සාහ
නොකලෙමි!
-තෝමස් අල්වා එඩිසන්-
ළදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය.නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂවය.
-අයින්ස්ටයින්-
පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටුවිට එපා වේ.
-මැක්රෝනි-
ඔබත් කෙනෙකුට ආදරේ කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරා ගනු ඇත. මෙහි විලෝමය සත්‍ය වේ.
-මයිකල් -
ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම් කිසිවක් නැතිවය.
-ඇන්ජෙලෝ-
ඔබගේ පෙම්වතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අතහරිනු ඇත.
-ශාරුක් කන්නන්ගර-
ඔබ ගස්ලබු, යෝගට්, පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම්, ඒවා ගෙදරට ගෙන ඒමෙන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය
-රිතික් රෝෂාන්-
ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,
1. එහි ඇවාට ඇති බැවිනි.
2. තනියම දීප්තියක් විය නොහැකි බැවිනි.
3. හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි.
4. දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි.
5. සෑම මාසයක් පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි.
-බඩ්ලිව් බුෂ්-
විදුලි බුබුල නිවපවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම් ගත් විට නැවත එකක් කිරීමට උත්සාහ නොකලෙමි!
-තෝමස් අල්වා එඩිසන්-
Saturday, September 29, 2012
Saturday, August 18, 2012
කැම්පස් කවි
මේ වන විට මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වහල මාස ගණනක් වෙනවා,මේ හේතුවෙන් ළමයි විවිද වූ කටයුතු වලට එම කාලය යොදවාගෙන තියනවා,මේ අතර කවි ලිවීමත් එක දෙයක්,මේ කවි ටික හම්බ උනේ මොරටුව කැම්පස් 1ක පැත්තෙන්,මිට වඩා හොද නිර්මාණ සංගීත,කලා විෂය ධාරාව හදාරන ළමයි ඉන්න කැම්පස් වලින් බිහි වෙනවා ඇති,කෙසේ නමුත් ගණිත අංශයෙන් කැම්පස් ගියත් තමා තුල තිබු කලා හැකියාව ඉස්මතු වූ මොහොතක් මේ,ඔබගේ රස වින්දනය උදෙසා ඉදිරිපත් කරමි.
Saturday, July 28, 2012
ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම සිංහල කථාව
1948 අද වගේ දවසක(1948-07-28) තමා ලංකාවේ පාර්ලිමේන්තුවේ පලවෙනි සිංහල කථාව පවත්වලා තියෙන්නේ, පාර්ලිමේන්තුවේ සිංහලෙන් කථාව පවත්වන්න එදා විශේෂ අවසරයක් ගන්න උනා,මේ කථාව කරේ එවකට ආණ්ඩු පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ(UNP) ඇමති වරයෙක් විසිනි.ඒ පළත් පාලන ඇමති වරයා හා සභා නායකතුමා උන ගරු S.W.R.D.බණ්ඩාරනායක තුමා විසිනි.ඒ එම ආණ්ඩුවේ මුදල් ඇමති වරයා වූ J Rජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද 1948-49 වර්ෂය සදහා ඉදිරිපත් කල අයවැය සදහා ආණ්ඩු පක්ෂ කතාවක් ලෙසටය.මෙම කථාව විනාඩි 20කට සීමාවිය.
මෙම කථාව මෙරට දේශපාලනයේ හැරවුම් සිදිදියක් ලෙස මම කිවොත් එය නිවැරදිය.මන්ද මෙරට දේශපාලනය එවකට පැවතියේ ඉංග්‍රීසි දත් ප්‍රබු පවුල් අතර පමණි.ඒ පාර්ලිමේන්තුව තුල භාවිතා වූ එකම භාෂාව වූයේ ඉංග්‍රීසි වීමය.මෙම කතාවෙන් පසු පාර්ලිමේන්තුව තුල සිංහල කතාකළ හැකි තත්වයක් තියන බව පෙනුම්කල නිසා පසුව පාර්ලිමේන්තුව සදහා ඉංග්‍රීසි නොදත් සිංහල දෙමල මුස්ලිම් වැසියන්ටද ඒමට හැකිවිය.නමුත් කනගාටුවට කරුණ නම් දැන් එය සිංහල නොව ශුද්ධ සිංහල දක්වා වර්ධනය වී ඇත.එකල පාර්ලිමේන්තුව තුල තුබූ ගාම්භීරත්වය,එහි තුබූ උතරිතත්වය දැන් මොකෝ වෙලා තියෙන්නේ කියල ටීවී එකේ පාර්ලිමෙන්තුවේ විවාද පෙන්නද්දී දැකල ඇතිනේ.සමහර විට බණ්ඩාරනායක මහත්තය දැන් හිටිය නම් ඒ කලේ මෝඩ වැඩක් කියලත් හිතන්න තිබ්බ,
කෙසේ නමුත් අපේ භෂාව අපේ රටේ උත්තරීතර ස්ථානයේ කතාකිරීමට පුළුවන් වීම ගැන අපි සිංහලයන් වශයෙන් සතුටු විය යුතුවේ.මොකද සිංහල රජ්‍ය භාෂාව වන එකම රට ලංකාව නිසාය.මේ නිසා මේ සදහා පුරෝගාමීව කටයුතු කල බණ්ඩාරනායක මැතිතුමාට ස්තුතිවන්ත විය යුතුය.
එදා කල සම්පූර්ණ කථාව පහත ලින්ක් එකෙන් pdf 1ක ලබා ගන්න.කතාව ඔක්කොම කියවන්න.
සම්පූර්ණ කථාව - http://www.4shared.com/office/mT5vZ-Qu/1st_sinhala_speach_in_srilanka.html?refurl=d1url
මෙම කථාව මෙරට දේශපාලනයේ හැරවුම් සිදිදියක් ලෙස මම කිවොත් එය නිවැරදිය.මන්ද මෙරට දේශපාලනය එවකට පැවතියේ ඉංග්‍රීසි දත් ප්‍රබු පවුල් අතර පමණි.ඒ පාර්ලිමේන්තුව තුල භාවිතා වූ එකම භාෂාව වූයේ ඉංග්‍රීසි වීමය.මෙම කතාවෙන් පසු පාර්ලිමේන්තුව තුල සිංහල කතාකළ හැකි තත්වයක් තියන බව පෙනුම්කල නිසා පසුව පාර්ලිමේන්තුව සදහා ඉංග්‍රීසි නොදත් සිංහල දෙමල මුස්ලිම් වැසියන්ටද ඒමට හැකිවිය.නමුත් කනගාටුවට කරුණ නම් දැන් එය සිංහල නොව ශුද්ධ සිංහල දක්වා වර්ධනය වී ඇත.එකල පාර්ලිමේන්තුව තුල තුබූ ගාම්භීරත්වය,එහි තුබූ උතරිතත්වය දැන් මොකෝ වෙලා තියෙන්නේ කියල ටීවී එකේ පාර්ලිමෙන්තුවේ විවාද පෙන්නද්දී දැකල ඇතිනේ.සමහර විට බණ්ඩාරනායක මහත්තය දැන් හිටිය නම් ඒ කලේ මෝඩ වැඩක් කියලත් හිතන්න තිබ්බ,
කෙසේ නමුත් අපේ භෂාව අපේ රටේ උත්තරීතර ස්ථානයේ කතාකිරීමට පුළුවන් වීම ගැන අපි සිංහලයන් වශයෙන් සතුටු විය යුතුවේ.මොකද සිංහල රජ්‍ය භාෂාව වන එකම රට ලංකාව නිසාය.මේ නිසා මේ සදහා පුරෝගාමීව කටයුතු කල බණ්ඩාරනායක මැතිතුමාට ස්තුතිවන්ත විය යුතුය.
එදා කල සම්පූර්ණ කථාව පහත ලින්ක් එකෙන් pdf 1ක ලබා ගන්න.කතාව ඔක්කොම කියවන්න.
සම්පූර්ණ කථාව - http://www.4shared.com/office/mT5vZ-Qu/1st_sinhala_speach_in_srilanka.html?refurl=d1url
Wednesday, July 25, 2012
හදිසි ශල්‍යකර්මය
හදිසි
ශල්‍යකර්මයකට
රෝහලට
කැඳවුණු වෛද්‍යවරයා
ශල්‍යාගාරයට
ඇතුළුවුනේ
කඩිනමින්. සැත්කමට
භාජනය වීමට
නියමිත
දරුවාගේ පියා, වෛද්‍යවරයා
පැමිණෙන තුරු
නොඉවසිල්ලෙන්
බලා හිටියා.
වෛද්‍යවරයා
දුටු ගමන් එයා
වෛද්‍යවරයා
වෙත කඩා
පැන්නා. “ඇයි
ඔයා එන්න
මෙච්චර වෙලා
ගත්තේ? මගේ
පුතාගේ
ජීවිතය
අනතුරේ බව
දන්නෙ නැද්ද? කිසිම
වගකීමක් නැති හැටි!”
වෛද්‍යවරයා
සිනහමුසුව
මෙහෙම කිව්වා.
“මම
හිටියේ රෝහලේ
නෙවෙයි.
පණිවිඩේ
ලැබුණු ගමන් තමයි
මම ආවේ. දැන්
ඉතින් කලබල
නොවී ඉන්නකෝ…!”
“කලබල
නොවී ඉන්න?! කලබල
නොවී ඉන්නෙ
කොහොමද?! ඔයාගේ
පුතාට මෙහෙම
දෙය වුනොත්
ඔයා කලබල
නොවී ඉන්නවද?!”
පියා
තරහින් කෑ
ගහුවා.
තවමත්
සිනහමුසුව
ඉන්න වෛද්‍යවරයා
පියාට උත්තර
දුන්නේ මෙහෙම.
“මිනිස්සු
ඉපදෙනවා. ඒ
වගේම මැරෙනවා.
වෛද්‍යවරයෙකුට
ඒක නවත්තන්න
බැහැ. ඒත් ඔයා
ඔයාගේ පුතාට
කරදරයක් වෙන්න
එපා කියලා
අධිෂ්ඨාන
කරන්න. අපි
එයාව බේරගන්න
හැම දෙයක්ම
කරනවා.”
“මහ
ලොකුවට
උපදෙස් නම්
දෙනවා” පියා
තමාටම කියා
ගත්තා.
සැත්කමට
පැය කිහිපයක්
ගත් වුනා.
වෛද්‍යවරයා
ශල්‍යාගාරයෙන්
පිටතට ආවේ සතුටින්…
“ඔයාගේ පුතාගේ වෙලාව හොඳයි. එයාගේ ජීවිතය බේරුණා!” වෛද්‍යවරයා එයාගේ වාහනය වෙත දුවමින් කිව්වා. “ඔයට දැනගන්න දෙයක් තියනවා නම් නර්ස්ගෙන් අහන්න.” එහෙම කියලා වාහනයට නැගපු එයා හදිස්සියෙන් වගේ පිටත් වුණා.
“ඔයාගේ පුතාගේ වෙලාව හොඳයි. එයාගේ ජීවිතය බේරුණා!” වෛද්‍යවරයා එයාගේ වාහනය වෙත දුවමින් කිව්වා. “ඔයට දැනගන්න දෙයක් තියනවා නම් නර්ස්ගෙන් අහන්න.” එහෙම කියලා වාහනයට නැගපු එයා හදිස්සියෙන් වගේ පිටත් වුණා.
“ඇයි
එයා එච්චර
ආඩම්බර? මගේ
පුතාගේ තත්වය
ගැන
අහන්කන්වත්
ඉන්නේ නැතුව
එයා යන්න ගියා.”
පියා වෛද්‍යවරයා
ගැන හෙදියට
කිව්වේ එහෙම.
හෙදිය
ඔහුට
පිළිතුරු
දුන්නේ
හැඬුම්බර
මුහුණින්. “එයාගේ
පුතා ඊයේ
සිද්ද වෙච්ච ඇක්සිඩන්ට්
එකකින්
මැරුණා. ඒ
පුතාගේ අවසන්
කටයුතු අද.
ඔයාගේ පුතාගේ
ජීවිතේ
බේරගත්තට පස්සේ
එයා ඉක්මනට
ගියේ එයාගේ
පුතාගේ ආදාහන
කටයුතු ඉවර
කරන්න”
————
කවදාවත්
කිසිකෙනෙකුට
චෝදනා
කරන්නවත්
බණින්නවත්
උත්සුක වෙන්න
එපා. ඒ, ඔබ
ඒ පුද්ගලයාගේ
ජීවිතය ගැන හෝ
එයාගේ කරදර
බාධක ගැන
දන්නේ නැති
නිසා.
———–
- අන්තර්ජාලය
ඇසුරෙනි
Tuesday, July 24, 2012
අද වගේ දිනක 2
අද වගේ දිනක
අදින් වසර 16කට පෙර දිනක එනම් 1996-07-24දා මෙරට දුම්රිය ඉතිහාසයේ ඛේදජනකම සිද්දියක් වාර්තා උනි.දැන් අපි නිදහසේ දුම්රියේ බස් 1කේ ගියාට ඒ දවස් වල මෙරට වාසීන්ට ජිවිත අවදානම වැඩිවී තිබුණි.ඒ මෙරට ක්‍රියාත්මක උන බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය නිසාය.ඒකාලේ ජුලි මාසේ කියන්නේ බොහෝ කතාබහට ලක්වන මාසයක් ඒ ඇයි කියල අමුතුවන් කියන්න ඕන නෑ නේ.එදින සවස අලුත්ගම බලා ධාවනය උන බලවේග කට්ටල සහිත කාර්යාල දුම්රිය දෙහිවල ස්ටේෂන් 1කෙදි කොටි විසින් පුපුරවා හැරිය.මේ වෙනකොට දුම්රිය අද වගේම අතුරු සිදුරු නැතිව පිරි තිබුණි.මේ පිපිරීමෙන් ජිවිත 64 නැති වී 400ක් පමන තුවාල ලැබුවා.අද වෙනකොට මේ මියගිය අයගේ පවුල් වලට සදාකාලික රෝගාතුර උන අයට පමණක් මේ දිනය මතක ඇති.අක මැති මතක උනත් මේ අපේ රටේ ඉතිහාසය.නැවත ලක් දෙරණ තුල මෙවන් සුදු වීම් නොවේවායි කියල පතමු.
Wednesday, July 18, 2012
ජංගම දුරකතනයේ IMEI අංකය පැත්තකින් ලියල තියාගන්න
පාවිච්චි කරන ලද දුරකථන මිලදීල ගන්නවා නම් ගොඩක් සැලකිලි මත් වන්න.වහනයක් ගන්නවා වගේ විකුණුම්කරුගේ NID ඇතුලත් ලිපියක් ලබා ගන්න නැති නම් ඔබට නිකරුනේ පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙයි.හොදම දේ තමා තමන්ට ගැලපෙන ගානට අලුත්ම දුරකතනයක් වගකීමක් සහිතව මිලදීල ගන්න එක.
Wednesday, July 4, 2012
මටෙලෝ කුළුණ
මටෙලෝ කුළුණ
හම්බන්තොට ධිවර වරාය පැත්තේ ගියපු කට්ටියගේ නම් මෙ කුළුණ නෙත ගැටිලා ඇති.මෙ කුළුණ හදල තියෙන්නේ ඉංග්‍රීසි කලේ.1801-1803 අවුරුදු වල මෙය ඉදිකරලා තියෙනේ කැප්ටන් ඩොපර් කියල කෙනෙක්, මෙය කුඩා බලකොටුවක් විදිහට සකස් කරපු විශාල කාලතුවක්කු රදවනයක් මේවගේ කුළුණු කිහිපයක් ලොව පුරා ඇත.මෙ රුපයෙන් ඒවා තියන තැන් පෙන්වයි.
අපේ රටේ මේවගේ කුළුණු 2 හදන්න එංගලනතේ ඉදල සුද්දෝ ඇවිත් තියෙන්නේ අනිත් එක ත්‍රිකුණාමලේ ඒ උනාට හදල තියෙන්නේ මේක විතරයි.මෙම කුළුණු හදල තියෙන්නේ ප්‍රංශයෙන් සතුරු ආක්‍රමණ එයි කියල.මෙය කුඩා ප්‍රමාණයේ බල කොටුවක් කියන්නත් පුළුවන් මොකෝ මේකේ 24 දෙනෙකුට විතර ඉන්න පුළුවන්ලු.මෙ මටෙලෝ කුළුණු හදල තියෙන්නේ පොදු සැලැස්මකට අනුවය මෙ තියෙන්නේ ඒ සැලැස්ම
මෙ කුළුණ ආසන්නයේම තමා පැරණි ප්‍රදීපාගාරය පිහිටලා තියෙන්නේ.මෙම මටෙලෝ කුළුණ 1999 දී ප්‍රතිසංස්කරණය කරලා තියනවා දැනට මෙය පුරාවිද්‍යා සංරක්ෂිත ගොඩනැගිල්ලක් ලෙස පවතී.
පැරණි ප්‍රදීපාගාරය |
ඔබත් හම්බන්තොට පැත්තේ සංචාරය කරනවානම් මෙ ස්ථානයත් බලන්න යන්න මෙන්න යන පාර,මෙ පාරේ නමත් ටවර් හිල් පාර.
මම මටෙලෝ කුරුණු ගැන තිබ්බ විකි පිටුව එඩිට් කරා,ලෝකේ අනිත් ඒවා ගැන බලන්න පිවිසෙන්න.
Sunday, July 1, 2012
සුපිරි වෙළදසල් වලින් බඩු ගද්දි සැලකිලිමත් වන්න 2
මේ සිදුවිම උනේ ඊයේ මෙහි වැරැද්ද තනිකරම මගේය.මෙවන් වැරදි ඔබ අතින් සිදු නොවන්න වග බලාගන්න,අම්ම කඩේට ගිහින් බඩු වගයක් ගේන්න කිව,සමහර දවස් වල මට ඔහොම ගේන්න කිවම 1ක් 2ක් ගේන්න අමතක වෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ගේන්න ඕන ඒවා ටික ප්‍රමානත් එක්ක කොලේක ලියල දෙනවා.ඊයෙත් ඔන්න ඔහොම බඩු ලිස්ට් 1ක් ලියල දුන්න. ලගපාත ඒ බඩු ගන්න තියෙන්නෙ සුපිරි වෙළදසල් 2ක් පමණි.ඉන් 1ක් සතොස(මේකේ බිලින් සිස්ටම් 1 තිබ්බ අවුලක් මිට ඉහත පොස්ට් 1ක දල ඇති )මම ගියේ මම ගියේ අඩුම මිලටත් වඩා අඩුවෙන් කියන සුපිරි වෙළද සලට මගේ ලිස්ට් 1 කේ තිබ්බ පරිප්පු 2kg කියල මම පරිප්පු තියන තැනට ගිහින් කිරන්න ඉන්න කෙනාට කිව කිලෝ 2ක් කියල.එයා කිරන වෙලාවේ මගේ කරුමෙට ඒ ස්ථානයට අවා පාසල් කලේ යාලුවෙක් එයත් එක්ක පොඩ්ඩක් කතාකර එතකොටම අර පරිප්පු කිරපු කෙනා ආ මහත්තය කියල මල්ල ගැට ගහල අර මල්ලේ අලවන ඉස්ටිකරෙත් අලවල දුන්න මගේ කුඩේට, මම මගේ යාලුවත් ඉක්මනට යන්න ඕන පස්සේ හම්බෙමු කියල ගියා කවුන්ටරේට
"කවුන්ටර්න් -__ පොයිට් කාඩ් 1ක් තියනවද?"
"මම - ඔවු මෙන්න"
මම බිල ගෙවල ඉක්මනට ගෙදර අවා.කතාවේ හොදම හරිය එතකොට, අම්ම මම ගෙනාපු බදු මල්ලේ තියන ඒවා කුස්සියේ අස් කරනවා ටිකකින් "චුටි පුතා"මම කුස්සියට ගිය.
අම්ම - මම මෙච්චර කොලේක ලියල දීලත් අඩුවෙන්නේ ගෙනල්ල තියෙන්නේ
මම - කොලේ ලියල තිබ්බ ඔක්කොම ගේනවා.
අම්ම- ඔක්කොම ගෙනල්ල තියනවා
මම - එහෙ නම් එතින්
අම්ම - හොදට අස් ඇරලා බලන්න මම දීපු කොලේ පරිප්පු 2kg කියල ලොකුවට ලියල තියනවා
මම - ඔවු ඉතින් මම 2 kg ගේනවා.
අම්ම - මෙතන කොහෙද 2kg?
මම - දැන් 2kg වලට ඔච්චරයි වෙන්න ඇති මේ තියෙන්නේ ඉස්ටිකරෙකුත් අලවල 2 kg කියල.
අම්ම - අවරුදු ගණක තිස්සේ පරිප්පු උයපු මම දන්නේ නැද්ද 2kg ප්‍රමාණය,
කියල කබඩ් 1ක් ඇරලා ගත්ත කේක් හදද්දී සිනි පිටි වගේ ඒවා කිරන්න ගන්න තරදිය අරන් 1 කේ පරිප්පු මල්ල තියල
අම්ම- මේ බලන්න කියාද කියල,
මාර කෙස් 1ක තරාදියේ 1kg.මම ගිහින් බිල බැලුව එකෙත් 2 kg.දැන් ඉතින් මොන කරන්නද ගිහින් දුන්නට උන් පිලි ගන්නේ නෑනේ.උන් කියයි අපි 1kg අයින් කරලා ගේනවා කියල.
අම්ම - කිරල දෙනකොට පෙනුන්නේ නැද්ද මෙතන 2kg නෑ කියල?
එතකොටයි මට හිතුනේ කිරපු 1කා මම යාලුවත් එක්ක කතාකරපු ටිකට 1 kg 2 kg කියල ලියල හිනා වෙලා කුඩේ ටත් දල දුන්නේ මොකෝ කියල.ඉතින් මේක බිල දාද්දි කවුටරේ හිටපු කෙල්ලට වත් හිතුනේ නෑනේ,මේකට ගිහිල්ල රණ්ඩු වෙන්න බෑනේ වැරැද්ද මගෙ නේ, අපිට පරිප්පු 1kg පාඩුව විද ගන්න 1ක තමා කරන්න උනේ.මේ සිද්දිය ලිවේ මේකෙන් පාඩමක් ඉගෙන ගන්න. ඔයාලත් බඩු කිරල ගද්දි තරාදිය දිහා බලන් ඉන්න ඒ වගේම ප්‍රමාණය ගැන දල අදහසක් තියාගෙන යන්න.
"කවුන්ටර්න් -__ පොයිට් කාඩ් 1ක් තියනවද?"
"මම - ඔවු මෙන්න"
මම බිල ගෙවල ඉක්මනට ගෙදර අවා.කතාවේ හොදම හරිය එතකොට, අම්ම මම ගෙනාපු බදු මල්ලේ තියන ඒවා කුස්සියේ අස් කරනවා ටිකකින් "චුටි පුතා"මම කුස්සියට ගිය.
අම්ම - මම මෙච්චර කොලේක ලියල දීලත් අඩුවෙන්නේ ගෙනල්ල තියෙන්නේ
මම - කොලේ ලියල තිබ්බ ඔක්කොම ගේනවා.
අම්ම- ඔක්කොම ගෙනල්ල තියනවා
මම - එහෙ නම් එතින්
අම්ම - හොදට අස් ඇරලා බලන්න මම දීපු කොලේ පරිප්පු 2kg කියල ලොකුවට ලියල තියනවා
මම - ඔවු ඉතින් මම 2 kg ගේනවා.
අම්ම - මෙතන කොහෙද 2kg?
මම - දැන් 2kg වලට ඔච්චරයි වෙන්න ඇති මේ තියෙන්නේ ඉස්ටිකරෙකුත් අලවල 2 kg කියල.
අම්ම - අවරුදු ගණක තිස්සේ පරිප්පු උයපු මම දන්නේ නැද්ද 2kg ප්‍රමාණය,
කියල කබඩ් 1ක් ඇරලා ගත්ත කේක් හදද්දී සිනි පිටි වගේ ඒවා කිරන්න ගන්න තරදිය අරන් 1 කේ පරිප්පු මල්ල තියල
අම්ම- මේ බලන්න කියාද කියල,
මාර කෙස් 1ක තරාදියේ 1kg.මම ගිහින් බිල බැලුව එකෙත් 2 kg.දැන් ඉතින් මොන කරන්නද ගිහින් දුන්නට උන් පිලි ගන්නේ නෑනේ.උන් කියයි අපි 1kg අයින් කරලා ගේනවා කියල.
අම්ම - කිරල දෙනකොට පෙනුන්නේ නැද්ද මෙතන 2kg නෑ කියල?
එතකොටයි මට හිතුනේ කිරපු 1කා මම යාලුවත් එක්ක කතාකරපු ටිකට 1 kg 2 kg කියල ලියල හිනා වෙලා කුඩේ ටත් දල දුන්නේ මොකෝ කියල.ඉතින් මේක බිල දාද්දි කවුටරේ හිටපු කෙල්ලට වත් හිතුනේ නෑනේ,මේකට ගිහිල්ල රණ්ඩු වෙන්න බෑනේ වැරැද්ද මගෙ නේ, අපිට පරිප්පු 1kg පාඩුව විද ගන්න 1ක තමා කරන්න උනේ.මේ සිද්දිය ලිවේ මේකෙන් පාඩමක් ඉගෙන ගන්න. ඔයාලත් බඩු කිරල ගද්දි තරාදිය දිහා බලන් ඉන්න ඒ වගේම ප්‍රමාණය ගැන දල අදහසක් තියාගෙන යන්න.
Thursday, June 14, 2012
Dengue Mosquitoes are being used as a biological weapon!
Dengue Mosquitoes are
being used as a biological weapon!
Not
many would think or accept that the AIDS virus was a man-made creation.
Similarly, the swine flu, anthrax and various other pandemic flus have their
origins in laboratories meaning they have been created by man. We are slowly
witnessing another epidemic of sorts in the dengue fever which causes flu-like
symptoms but eventually leads to death if not treated in time. Unfortunately,
there is no real treatment for dengue. When other flus and virus’s have been
created it should come as no surprise to treat dengue as a biowar weapon as
well. Whether it is a man-made virus or not, dengue has become a threat to
people around the world.
To
justify the reasoning that dengue is more than just a natural virus a look at
declassified documents is the best option. Declassified documents in 1956 and
1958 reveal that the US army let loose swarms of specially bred mosquitoes in Savannah, Georgia and Avon Park, Florida (Carver Village was
exclusively Black populated) to
check whether these insects could be used as a biological weapon. The residents
suffered from fevers, bronchitis, typhoid, encephalitis, stillbirths and even
death. The Aedes Aegypti type is a perfect carrier of dengue fever. Is it a
surprise that Cuba accuses US of targeting tobacco
crops using blue mold, sugar cane crops using cane smut, livestock using
African swine fever and Cuban population through dengue fever. In Nicaragua too in 1985 dengue fever
struck affecting half of Managua and not surprisingly it was the first epidemic
in the country.
Ironically, the US in
1972 signed the Biological Weapons Convention and President Nixon had ordered
Pentagon to stop producing biological weapons in 1969 – obviously the
Presidential directive was not followed. Despite signing the Convention the US
or rather its intelligence has been toying with different types of bio-chemical
“weaponry” – Ebola, Sarin VX nerve gas, Mandrax, deadly lethal injection drugs
– scoline and tubarine, paratyphoid, salmonella, cholera, anthrax, smallpox,
highly potent CR tear gas and dengue fever.
The ugly truth is that
the powerful Governments of the world are all connected with global multinational
companies and invisible people who fund the atrocities that take place around
the world. Every time a health epidemic arises it means big business for the
world’s pharmaceutical companies – they get to profit from the
drugs/vaccines/injections etc used to counter the epidemic. It’s an ugly circle
and not many would like to reveal the truth of how things actually work.
A
UK lab (Oxitec) has released large numbers of genetically modified mosquitoes
to combat dengue fever. In 2009, the first set
of genetically modified mosquitoes were released on Grand Cayman, an island in
the Caribbean. In 2010, 3million genetically modified mosquitoes were released.
The catch is that the release was done in secret. This certainly raises the
question as to what right scientists have to release creatures into the air
that feed upon humans? The GM-mosquitoes have already been released in
Malaysia, Brazil, Panama, Singapore, India,
Thailand and Vietnam.
But concerns have been raised as to how the Living Modified
Organism has been created, about the sources of the molecular marker and the
“lethal” gene that will make the offspring of the LMO and female Aedes aegypti
die? The concerns also cover the environmental and health consequences arising
from horizontal gene transfer as well as concerns related to fogging after the
release which means spraying communities and environment with poisonous
pesticides which is likely to result in various health hazards for humans.
What is never answered
is that the genetically modified female mosquito can still bite humans which
means that the proteins meant to kill their own larvae might get injected to
human bodies and what would that mean to the human organism?
Returning to the
involvement of US in biological war-fare and low-tech experiments, the
following list shows exactly what the US has been upto.
The US has a history of
experimenting with humans.
1931 – Humans infected with
cancer cells as well as radiation exposure experiments on US soldiers and
civilian patients in hospitals.
1932 – Tuskegee Syphilis
Study on 200 black men diagnosed with syphilis and used as guinea pigs.
1935 – Pellagra incident
where millions of blacks died from Pellagra over 2 decades though US public
health service director admits they knew that Pallegra was caused by niacin
deficiency.
1940 – Prisoners in
Chicago infected with malaria to study effects of experimental drugs to combat
disease.
1942 – Chemical Warfare –
Mustard gas experiments on 4000 servicemen and Seventh Day Adventists made
human guinea pigs
1943 – US commences
biological weapons at Fort Detrick, MD
1944 – US Navy uses humans
to test gas masks and clothing exposing to mustard gas and lewisite.
1945 – Project Paperclip. Nazi
scientists given immunity to work on US secret projects.
1945 – Program F – study
on health effects of fluoride, a key chemical component in atomic bomb
production. Fluoride causes adverse effects to central nervous system.
1947 – US Atomic Energy
Commission issues secret document (07075001) that it will administer
intravenous doses of radioactive substances to humans.
1950 – To determine how
susceptible a US city would be to biological attacks, US Navy sprays cloud of
bacteria from ships over San Francisco. Residents become ill with
pneumonia-like symptoms.
1951 to
1969
– Dept of Defense begins open air tests using disease-producing bacteria and
viruses.
1953 – US military
releases clouds of zinc cadmium sulfide gas over Winnipeg, St. Louis,
Minneapolis, Fort Wayne, Maryland, Virginia to see how efficiently they could
disperse chemical agents.
1953 – Joint efforts on
thousands in New York and San Francisco exposed to airborne germs – Serratia
marcescens and Bacillus glogigii.
1953 – Project Mkultra, a
11 year research to test drugs and biological agents to be used for mind
control and behavior modification.
1955 – Experiment to test
ability to infect humans with biological agents by releasing bacteria over
Tampa Bay, Florida
1956 – US military releases
mosquitoes infected with Yellow Fever over Savannah, Georgia and Avon Park,
Florida.
1960 – Field testing of
LSD authorized in Europe and Far East
1965 – Project MKSearch to
manipulate behavior through use of mind-altering drugs
1965 – Prisoners in
Philadelphia are subject to dioxin (toxic chemical component of Agent Orange
used in Vietnam). Agent Orange is a carcinogen.
1966 – Project MKOften
tests toxicological effects of drugs on humans and animals
1968 – Experiments on
poisoning drinking water by injecting chemicals into water supply
1969 – Dept of Defense
requests $10m from Congress to develop a synthetic biological agent that has no
natural immunity.
1970 – Funding is given.
Speculation that molecular biology techniques were used to produce AIDS-like
retroviruses.
1975 – Fort Detricks
Center for Biological Warfare Research renamed Fredrick Cancer Research
Facility. Develops cancer-causing viruses. They also create a virus named HTLV
(Human T-cell Leukemia virus)
1981 – First AIDS cases
confirmed in homosexual men in New York, Los Angeles and San Francisco,
speculations that AIDS may have been introduced via Hepatitis B vaccine.
1981 – Science journal
reveals similarity in HTLV and VISNA a fatal sheep virus
1986 – National Academy of
Sciences reveal HIV and VISNA share all structural elements and that VISNA and
HTLV are identical and likely to have been used to produce retrovirus that have
no natural immunity.
1986 – Report to Congress
reveals that biological agents (modified viruses, toxins, agents etc) have been
altered through genetic engineering to change immunological character and
prevent treatment by all existing vaccines.
1987 – US Dept of Defense
admits to operating 127 research facilities and universities developing biological
agents though it has signed a treating banning such research.
1900 – Over 1500 black and
Hispanic babies (6month) in Los Angeles given “experimental” measles vaccine
(not licensed) in the US and parents are not informed of the experiment.
1994 – “gene tracking”
technique discovers that Desert Storm veterans are infected with Mycoplasma
incognitus.
1994 – Senator John. D.
Rockefeller issues report that for over 50years the Dept of Defense has used
thousands of military personnel as human experiments/intentional exposure to
dangerous substances (mustard and nerve gas, ionizing radiation,
psychochemicals, hallucinogens…) during the Gulf War.
1996 – Dept of Defense
admits that Desert Storm soldiers were exposed to chemical agents.
1997 – 88members of US Congress
demand investigation into bio-weapons use and Gulf War Syndrome.
With
such a colorful record of experimenting with bio-chemicals the US used the
excuse of WMD to invade Iraq and continues to accuse countries when its own
record should make the US ashamed of its actions.
We should not be surprised or shrug
aside the possibility that insects can be used as weapons to spread terror and
panic. Therefore dengue or aedes aegypti is something to be truly concerned
about. It affects 2.5billion people
globally.
DENGUE FACTS:
Dengue Fever
Caused by 1 of 4 viruses (DENV 1,
DENV 2, DENV 3, DENV 4) transmitted to humans via Aedes aegypti mosquito. Dengue is spread by the bite of an
infected female mosquito Aedes aegypti.
The mosquito gets the virus by biting the infected persons. Aedes mosquitoes are easily identified by the black and white stripes
found on their bodies and legs. Once the mosquito bites an individual who has
Dengue, the mosquito itself becomes infected and will infect other people by
its subsequent bites.
Symptoms
High Fever lasting 5-7days, body
aches, pain behind eyes, rash, nausea, vomiting (one or all)
Dengue Hemorrhagic Fever (DHF)
Is a severe form of dengue
infection. Patient may bleed from nose, gums, skin. If patient has black stool
it indicates bleeding in gastro intestinal tracts and this is serious.
What is the treatment for
dengue?
There is no specific medication for treatment of a dengue
infection. Persons who think they have dengue should use analgesics (pain
relievers) with acetaminophen and avoid those containing aspirin. They should
also rest, drink plenty of fluids, and consult a physician. If they develop
vomiting and severe abdominal pain in the first 24 hours after the fever
declines, they should go immediately to the hospital for evaluation.
Prevention
·
Use
mosquito repellants that contains DEET, picaridin, oil of lemon eucalyptus or
IR3535. Read labels carefully.
·
Cover
skin with appropriate clothing.
·
Remove
standing water/empty and clean all water holding containers. Mosquitos
transmitting dengue lay eggs in vegetation or containers around home. Eggs
develop into flying mosquitos within a week
·
Remove
water from old tires, buckets, garbage cans – anything that collects water.
Keep lids/covers on to prevent mosquitoes from laying eggs.
·
Empty
birdbaths, bowls, plant
pots at least once a week.
Home Remedy for dengue fever.
Orange juice has been found
effective during dengue fever, as it helps in digest and increases urinary
output. It also promotes antibodies for quick healing and recovery. It provides
energy and vitamins.
Squeeze and pound two pieces of raw
papaya leaves with a filter cloth (you can get only one tablespoon per leaf). A
patient could take two tablespoon per serving daily. Note, do not boil, cook or
rinse it with hot water. This will help control dengue fever.
Additional Reading:
·
James Bamford’s book
on the National Security Agency, Body of Secrets
·
In Biological Warfare
in the 21st Century, Malcolm Dando refers
to the U.S. bio-attacks against Cuba
We will never know
what goes on in secret labs under the name of R&D. What we do know is that
as humans we end up being guinea pigs for which we pay to be cured and that
cure ends up worse than the ailment. All that’s left for us to do really is to
use our commonsense and live close to nature and as far as possible use natural
elements.
Something that the males will be happy to
read…..Males do not bite or spread disease (in
fact males cannot bite!).
Shenali
Waduge
Wednesday, June 13, 2012
How to fly an airplane
One day Jonso an aeroplane cleaner was cleaning the cockpit when he saw a book there: “How to fly an aeroplane for beginners. Volume One”.
He opened the first page which said, “To start the engine, press the red button.”.
He did so and the airplane engine started.
He was happy and opened the next page. “To set airplane moving press the blue button.”
He did so and the aeroplane started moving at an amazing speed.
He wanted to fly so he opened the third page which read, “To make the aeroplane fly, press the green button.”
He did this and the plane started to fly.
He was excited!!!
After 20 minutes of flying around, he was happy and wanted to land so he webt to the fourth page.
It read, “To learn how to land buy Volume Two at the nearest bookshop"
Monday, June 11, 2012
යුද ගිනි නිවූ රණවිරුවෝ සාගිනි නිවන්න පෙරමුණේ
* වී-කුරහන්-උඳු-කව්පි බඩ ඉරිඟු අක්.8000යි
* කොන්ඩච්චි කැලෑවේ කජු අක්කර 7000 යි
* බළකායේ සුව සවියට රුපියල් කෝටි 17ක්
යුද්ධය
අවසන් වීමෙන් පසු සිවිල් ආරක්ෂක බළකායේ රණවිරුවන් පසුගිය වසර දෙකහමාර තුළ
කැලෑ ඉඩම් සහ පුරන් කුඹුරු අක්කර පහළොස් දහසක් පමණ වගා කර තිබේ. ඒ යටතේ
කෘෂි ව්‍යාපෘති 621 ක්ද ඉදිකර ඇත.වසර තිහක් කොටි අණසකට යටව විනාශ වී තිබූ කොණ්ඩච්චි අක්කර හත්දහසේ කජු වගාව යළි වගා කිරීම මෙහිලා විශේෂත්වයකි.
මේ
කජු අක්කර හත් දහසෙන් කජු පැළ ලක්ෂ විසි පහක් පැළ කෙරේ. දැනටමත් අක්කර
දහසක කජු පැළ වගා කැර ඇති අතර වසර තුනකින් ඵලදාව අපේක්ෂා කරන බව සිවිල්
ආරක්ෂක බළකායේ අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා කීය. වී
අක්කර තුන් දහසක් බඩඉරිඟු අක්කර තුන් දහසක්, කුරහන් අක්කර හැටක්, උඳු අක්කර 30 ක්, කව්පි අක්කර අසුහතක් සහ වෙනත් බෝග අක්කර 684 ක් ද වගා කර ඇත.
යුද්ධය
අවසන් වීමෙන් පසු විසුරුවා හැරීමට සිටි සිවිල් ආරක්ෂක බළකාය ස්ථාපිත කර
ඔවුන් සංවර්ධනයට යෙදවීම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත
සිදුවිය. වගාකරන ලද කුඹුරුවල අස්වැන්න කැබිතිගොල්ලෑව පිහිටි වී මෝලකින්
කොටා සහන මිලට රට පුරා සහල් යැවේ. බඩඉරිඟු අස්වැන්න එසේ යැවීමටද
බලාපොරොත්තු වෙයි. සිවිල් ආරක්ෂක බළකාය කෘෂිකර්ම කටයුතුවලින් ලැබූ ආදායමෙන්
ට්‍රැක්ටර් 30 ක් මිලදී ගෙන ඇත.
රුපියල් මිලියන 80 ක ස්ථාපිත මුදලක්ද එම බළකාය සතුව පවතී. එම බළකාය විසින්ම පිහිටුවා ගත් සුවසවිය සෞඛ්‍ය අරමුදල රුපියල් කෝටි 17
කින් ශක්තිමත් වී ඇත. මියයන සෙබළෙකු වෙනුවෙන් ලක්ෂයක් ගෙවනු ලබයි. දැනට
පනස් දෙනකු වෙනුවෙන් ගෙවීම් කැර තිබේ. කොන්ත්‍රාත්කරුවන් හරහා මෙතෙක්
කාලයක් කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘති, ආගමික කටයුතු, සුබසාධක, ඉදිකිරීම්, ආයතන ආරක්ෂාව ආදිය බළකායේ රණවිරුවන් යොදා සිදුකිරීමෙන් රජයට කෝටි ගණනක ආදායමක් ඉතිරිකර ගැනීමටද හැකිවී තිබේ.විජයානි එදිරිසිංහ
Thursday, June 7, 2012
බදුල්ල රෝහලම හඬවා අවසන් ගමන් ගිය "දොස්තර නෝනා"
පොසොන් සඳ මෝදු වෙමින් තිබිණි. පොසොන් පොහොය සමරන්න මුළු රටම පෙළ ගැසෙද්දී කාර්ය බහුල සේවාවන් අතරතුර බදුල්ල රෝහල් කාර්ය මණ්ඩලයද පොසොන් පෝදා උදෑසනින්ම රෝහලට ආවේ බල්බයකින්, පහන් කූඩුවකින් හෝ රෝහල අලංකාර කරන්නටය.
එහෙත් පොසොන් පෝ දින ඔවුන්ට කරන්නට සිදු වූයේ අනෙකකි. ඒ හිටි හැටියේම මියගිය බව කියන එම රෝහලේම වෛද්‍යවරියක වූ ප්‍රියංගිකා කුමාරි මෙනවියගේ මළගම වෙනුවෙන් රෝහල් භූමිය සුදු කොඩිවලින් සරසන්නටය.
"ඩොක්ටර් ප්‍රියංගිකා මැරිලලු. මරණෙ සැකයිලු. කාමරේ සිහි නැතිව ඉඳල තියෙන්නේ. අනේ සීදේවී දොස්තර නෝනා. හරිම අහිංසකයි. නංගි තමයි ඉස්සර වෙලා දැකල තියෙන්නේ" රෝහල පුරා මෙන්ම බදුල්ල හා ඒ අවට ප්‍රදේශය පුරාද වෛද්‍යවරිය මියගිය පුවත ලැව් ගින්නක් සේ පැතිර ගියේ එසේය.
වෛද්‍ය ප්‍රියංගිකා කුමාරි ගුණසේකර බදුල්ල මහ රෝහලේ පළමු වාට්ටුවේ සේවය කළ දක්ෂ කාරුණික වෛද්‍යවරියක වූවාය. තවමත් කෙළිලොල් වියේ පසුවූ ඇය 28 හැවිරිදිය. අවිවාහකය. ඇගේ මිතුරියක වූ තවත් වෛද්‍යවරියක සහ උසස් අධ්‍යාපනය ලබන නැඟණිය සමග ඇය ජීවත් වූයේ රෝහල් වෛද්‍ය නිල නිවසේ කාමරයකය.
ඇය සේවය කළ රෝහලට කිලෝමීටර් 25-30 මෑතින් පිහිටි මීගහකිවුල, කිවුල ගම්මානයේ ඇගේ දෙමාපියෝ පදිංචිව සිටියහ. දෙමාපියන් මෙන්ම තම සහෝදරයන් සහෝදරියන් සමග මනා සම්බන්ධතාවක් පවත්වාගෙන සිටි ඇය ඉඩ ලද හැම විටම නිවසට දුව ආවේ දෙමාපියන් දැක බලා ගන්නටය. ඔවුන්ගේ උණුසුම ලබන්නටය.
පහුගිය සිකුරාදත් දුව නුවර ඉස්පිරිතාලෙට ලෙඩෙක් අරගෙන ගිහිං එන ගමන් ගෙදර ආවා. එයා රෑත් ගෙදර ඉඳල උදේ තමයි ගියේ. කිසිම අමුත්තක් පෙන්නුවෙ නෑ. රෑ කෑම කාල අපිත් එක්ක කතා කර කර හිටියා. එයාට කිසිම ලෙඩක් තිබුණෙත් නෑ" වෛද්‍ය ප්‍රියංගිකාගේ පියා වන ගුණසේකර මහතා කියා සිටියේය.
ප්‍රියංගිකාගේ පියා ගුණසේකර මහතා මෙන්ම මව නන්දාවතී කුමාරි මහත්මියද විශ්‍රාමික ගුරුවරුන්ය. දියණිය වෛද්‍යවරියක් වීම නිසාම ඔවුන් පසුවූයේ අපමණ සතුටකිනි. වෛද්‍ය ප්රියංගිකාද ඒ සතුට අහිමි කරන්නට කිසි විටෙකත් කටයුතු නොකළාය. බොහෝ නිහඬ චරිතයක් වූ ඇය රාජකාරිය දිවි දෙවැනිකොට සැලකුවාය.
තම තනි නොතනියට ඇය බදුල්ල මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන එකම නැඟණිය තම කාමරයේම නවතා ගත්තාය.
නංගී ඔයා එනකොට කෑම දෙකක්ම අරං එන්න. ටිකක් වැඩිය ගේන්න. අපි තුන්දෙනාටම දවල්ටයි රෑටයි එක්ක" ඒ නිවසට පැමිණ සිටි නැඟණියට වෛද්‍ය ප්‍රියංගිකා දුරකථනයෙන් කීවාය.
ඉන් එහා සිදුවූ බොහෝ දේ දන්නේ වෛද්‍ය ප්රියංගිකාත් කෑමත් රැගෙන අක්කා සිටි නේවාසිකාගාරයට ගිය නංගී සාරංගිකා හර්ෂණී කුමාරිත් පමණි. අපි සාරංගිකාට සවන් දුනිමු.
"මම දවල් 12.45 ට විතර රෝහලට ආවා. අක්ක එහි හිටියෙ නෑ. මම ඊට පස්සෙ එයාගෙ කාමරයට ගියා. යනකොට අක්ක සිහි නැතිව හිටියා. කටින් සෙම පිටවුණා. මම හයියෙන් කෑගහල රෝහලේ අයත් එක්ක එකතුවෙලා අක්ක රෝහලට ගෙනාව. ඒත් හවස 5.30 ට විතර අක්ක මියගියා කියල ආරංචි වුණා.
මම ඉගෙන ගන්නේ උසස් පෙළ කලා අංශයේ. මට හොඳට තේරෙනවා. කවුරු කොහොම කීවත් අක්කගෙ මරණේ මට සැකයි. අපේ අම්මටත් තාත්තටත් සැකයි. අපි සාධාරණයක් බලාපොරොත්තු වෙනවා" යි ප්‍රියංගිකාගේ නැඟණිය ශෝකයෙන් කියා සිටියාය.
ප්‍රියංගිකා කුඩා කල පටන්ම නිහඬ චරිතයක් වූවාය. ඉගෙනුම හැර අන් යමක් ඇයට නොවීය. මීගහකිවුල ඉතා දුෂ්කර ප්‍රදේශයක් වුවත් එහි කුඩා පාසලක ඉගෙනගත් ඇය ඌව පළාතේ ඉහළම ශිෂ්‍යත්ව ලකුණු ලැබූ ශිෂ්‍යාව බවට පත්වෙමින් මහනුවර මහාමායා බාලිකා විදුහලට ඇතුළු වූයේ උසස් අධ්‍යාපනය හමාර කරන්නටය.
දෙමාපියන් ඇතුළු බොහෝ දෙනකුගේ බලාපොරොත්තු මල්පල ගැන්වූ ඇය මීට මාස හයකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය නිමාකර බදුල්ල මහ රෝහල වෙත පැමිණියේ සුවහසක් දෙනා සුවපත් කරන්නටය.
"දුව ගමට ආදරෙයි. ගමේ මිනිස්සුන්ට ආදරෙයි. ගමේ කෙනෙක් කීවොත් එයා උපරිමෙන් සලකනව" ප්‍රියංගිකාගේ ආදරණීය තාත්තා කී කතාව එහි රැස්වී සිටි බොහෝ දෙනෙක් අනුමත කළහ.
වෛද්‍ය ප්‍රියංගිකාගේ අකල් වියෝව දරාගත නොහැකිව බදුල්ල රෝහල් කාර්ය මණ්ඩලයද වික්ෂිප්තව බලා හිඳිති. කුරා කුහුඹුවකුටවත් වරදක් නොකළ වෛද්‍ය ප්‍රියංගිකා මේ වන විටත් සිය දෙමාපියන් හිත මිතුරන් හැර ගොසිනි. මේ වන විට ඇගේ ශරීරයේ කොටස් රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර ඇත.
මරණයේ තීන්දුව තවමත් ප්‍රකාශයට පත්වී නැත. මරණයට පැහැදිලි හේතුවක් ද ඉදිරිපත් වී නැත. රටක් සුවපත් කරන්නට වෛද්‍යවරියක ලෙස සිය ජීවිතය ආරම්භ කළ වෛද්‍ය ප්‍රියංගිකාගේ මරණය අබිරහසක් බව ඔවුන්ගේ දෙමාපියෝ සහ සොහොයුරිය පුන පුනා කියති. ඇය වෙනුවෙන් සාධාරණය ඉටුවිය යුතු යෑයිද ඔවුහු පවසති. වෛද්‍ය ප්‍රියංගිකා මැරුවාද? හදිසි රෝගී තත්ත්වයකින් මියගියාද? මැරුවා නම් එසේ මැරුවේ ඇයි? ඒ කවුරුන්ද? හෙට දිනයේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇත. අපි කාලය එන තුරු බලා හිඳිමු. ප්‍රියංගිකා දියණියනි, වෛද්‍යතුමියනි, ඔබට නිවන් සුව!
උපුටා ගැනීම -Sri Lankan Doctors
Subscribe to:
Posts (Atom)