Friday, June 1, 2012

ලෝක දුම්වැටි විරෝධී දිනය 2012

Ash trays with fresh flowers are a common symbol of World No Tobacco Day
ලෝක දුම්වැටි විරෝධී දිනය ඊයේ දිනට (31) යෙදී තිබුනි.
දුම් වැටියේ අන්තර්ගතය
"දුම්වැටි සමාගම් විසින් කරන මැදිහත්වීම් නවත්වමු"

මෙවර දුම්වැටි දිනයේ තේමාව වේ.

දුම්පානය නිසා ලෝක ජනගහනයෙන් මිලියන හයක් වාර්ෂිකව මියයන බව වාර්තා වේ. සෑම තත්පර හයකට වරක් ලෝකයේ කොතැනකදී හෝ එක් අයකු මරණයට පත්වේ. දුම්පානය නිසා සිදුවන මරණ වැළැක්විය හැකි මරණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

දුම්කොළ හා දුම්වැටි පිටු දැකීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී දුම්කොළ සමාගම් මඟින් එල්ල වන බලපෑම් පිළිබඳ සියලුම රාජ්‍යයන් අවධානයෙන් සිට මහජන සෞඛ්‍ය සුරැකෙන පරිදි කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළද දුම්කොළ භාවිතය නිසා දිනකට පුද්ගලයින් 50ත් - 60ත් ප්‍රමාණයක් මරණයට පත් වන බව වාර්තා වේ. තවද දුම්කොළ භාවිතය නිසා දිනකට මෙරට ආර්ථිකයට රුපියල් කෝටි 15 ක හානියක් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඔබ දුම් පානය කරනවා නම් මොහොතක් සිතන්න..
ඔබ මාසයක් තුල දුම්වැටි වෙනුවෙන් වැය කරන මුදලෙන් ඔබට සිතුවාට වඩා විශාල වැඩ කොටසක් සිදුකරන්න පුලුවන් බව..

ඒ මුදලෙන් තමන් හැදූ වැඩූ මවට , පියාට යමක් අරන් දෙන්න.. එවිට ඔවුන්ගේ උණුවන හදවත් වලින් නැගෙන ආදරය ඔබට එම දුම්වැටි බීමෙන් ඇතිවන ආශ්වාදයට වඩා අතිමහත්ය..

වැඩි විස්තර -http://en.wikipedia.org/wiki/World_No_Tobacco_Day 

1 comment:

  1. දුම්පානය පොතක් කියවලා දැන් පහසුවෙන් නතර කිරීමට පුළුවන්.ඒ පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් බොන්න හිතෙන්නේ නැහැ.පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ වෙබ් පිටුවට යන්න.
    you can stop smoking easily and permanently just by reading a magic book. after reading this book you feel no temptation to smoke again.To download this book visit
    http://www.facebook.com/easywaysrilanka

    ReplyDelete