Saturday, July 28, 2012

ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම සිංහල කථාව

1948  අද වගේ දවසක(1948-07-28) තමා ලංකාවේ පාර්ලිමේන්තුවේ පලවෙනි සිංහල කථාව පවත්වලා තියෙන්නේ, පාර්ලිමේන්තුවේ සිංහලෙන් කථාව පවත්වන්න එදා විශේෂ අවසරයක් ගන්න උනා,මේ කථාව කරේ එවකට ආණ්ඩු පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ(UNP) ඇමති වරයෙක් විසිනි.ඒ පළත් පාලන ඇමති වරයා හා සභා නායකතුමා උන ගරු S.W.R.D.බණ්ඩාරනායක තුමා විසිනි.ඒ එම ආණ්ඩුවේ මුදල් ඇමති වරයා වූ J Rජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද 1948-49 වර්ෂය සදහා ඉදිරිපත් කල අයවැය සදහා ආණ්ඩු පක්ෂ කතාවක් ලෙසටය.මෙම කථාව විනාඩි 20කට සීමාවිය.
         මෙම කථාව මෙරට දේශපාලනයේ හැරවුම් සිදිදියක් ලෙස මම කිවොත් එය නිවැරදිය.මන්ද මෙරට දේශපාලනය එවකට පැවතියේ ඉංග්‍රීසි දත් ප්‍රබු පවුල් අතර පමණි.ඒ පාර්ලිමේන්තුව තුල භාවිතා වූ එකම භාෂාව වූයේ ඉංග්‍රීසි වීමය.මෙම කතාවෙන් පසු පාර්ලිමේන්තුව තුල සිංහල කතාකළ හැකි තත්වයක් තියන බව පෙනුම්කල නිසා පසුව පාර්ලිමේන්තුව සදහා ඉංග්‍රීසි නොදත් සිංහල දෙමල මුස්ලිම් වැසියන්ටද ඒමට හැකිවිය.නමුත් කනගාටුවට කරුණ නම් දැන් එය සිංහල නොව ශුද්ධ සිංහල දක්වා වර්ධනය වී ඇත.එකල පාර්ලිමේන්තුව තුල තුබූ ගාම්භීරත්වය,එහි තුබූ උතරිතත්වය දැන් මොකෝ වෙලා තියෙන්නේ කියල ටීවී එකේ පාර්ලිමෙන්තුවේ විවාද පෙන්නද්දී දැකල ඇතිනේ.සමහර විට බණ්ඩාරනායක මහත්තය දැන් හිටිය නම් ඒ කලේ මෝඩ වැඩක් කියලත් හිතන්න තිබ්බ,      
              කෙසේ නමුත් අපේ භෂාව අපේ රටේ උත්තරීතර ස්ථානයේ කතාකිරීමට පුළුවන් වීම ගැන අපි සිංහලයන් වශයෙන් සතුටු විය යුතුවේ.මොකද සිංහල රජ්‍ය භාෂාව වන එකම රට ලංකාව නිසාය.මේ නිසා මේ සදහා පුරෝගාමීව කටයුතු කල බණ්ඩාරනායක මැතිතුමාට ස්තුතිවන්ත විය යුතුය.

එදා කල සම්පූර්ණ කථාව පහත ලින්ක් එකෙන් pdf 1ක ලබා ගන්න.කතාව ඔක්කොම කියවන්න.    

සම්පූර්ණ කථාව - http://www.4shared.com/office/mT5vZ-Qu/1st_sinhala_speach_in_srilanka.html?refurl=d1url

5 comments:

  1. ෂාහ්! අපූරු විස්තරයක් සහෝ.. :)

    ReplyDelete
  2. ස්තුතියි විස්තරයට.. හැබැයි මට නම් හිතෙනවා ඒ දවස්වල වගේ ප්‍රභූ පවුල්වල අය විතරක් හිටියානම් හොඳයි කියලා..

    ReplyDelete
  3. නියම විස්තරයක් නොවැ මේක :)

    ReplyDelete
  4. ස්තුතියි,හරීගේ අදහසට බොහෝදුරට එකග වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. හරි සමග එකඟ වෙමි!!
    ජය වේවා!!

    ReplyDelete