Saturday, March 26, 2011

දවසේ සිදුවීම 2

ඊයේ දිනය සිකුරාදා දිනයක් බැවින් ගෙදර යෑම තරමක් අපහසුය.වාසනාවකට මෙන් සවස කලින් පිටත් වීමට අවස්තාව ලැබිනි.මිතුරන් කිහිප දෙනෙකුද සමග බස් නැවතුමට වී නියමිත බසය එන තෙක් බලා සිටියෙමු.වෙනදා 4.20ට පමන එන කුරුණෑගල බසය ටිකක් පමා වගේ,එවිට නුවර(17) බසයක් පැමින නැවැත්වීය.නුවර යෑමට බලාසිටි මිතුරන් බෑග් ජනෙල් වලින් ඇතුලේ සිටි අයට ලබාදී හැකි පමනින් බසයේ පාපුවරුවේ එල්ලුනි.අපිත් සමග සිටි මිතුරන් කිහිප දෙනෙක් ඔවුනට මමත් සමග ඊලග බසයේ යෑමට හැකි බැවින් නුවර බලායන මිතුරන්ට එල්ලීමට ඉඩ දීය.4.30 වන විට කුරුණෑගල දෙහිවල බසය පැමිනියේය.බසය තුලටම නැග ගත් අපිට මහත් අස්වැසිල්ලක් වූයේ අපේ බෑග් රාක්කයට දැමීමට හැකි වීම හා නුවර බසයට සාපේක්ෂව අපිට පහසුවෙන් හිටගෙන යාමට හැකි වීමයි.නමුත් කඩුවෙල නගරයේ තිබුනු මාර්ග තදබදය නිසා හා බසයේ බොහෝ මගීන් සිටි නිසා ගොඩාක් දාඩිය දැමීය.කඩුවෙල නැවතුමෙන් තවත් මගීන් නැගි නිසා අපි මැද පේලිය ඔස්සේ බසයේ මැදට ලාගා වීමු.සියබලාපේ හන්දියට එන විට අල්ලගෙන සිටි බටය අතහැර සීට් එක කින් අල්ලාගැනීමට පුලුවන් විය.වාසනාවට එම සීට් 1කේ සිටි තැනැත්තිය දෙල්ගොඩින් බැස නිසා,ඉදගෙන ඒමට හැකි විය.මිරිස්වත්තට එන විට බසයේ තිබූ තදබදය පහව ගියේය.බසය වේගයෙන් පැමිනියද තවත් විසාල මර්ග තදබදයක් නිට්ටබුවට ලගාවන විට තිබිනි.බොහෝ වේලා එම තදබදයේ පැමිනි අප සිතුවේ පාරේ රිය අනතුරක් වත් සිදුවී ඇතැයි කියාය නමුත් තදබදය ඇතිවී තිබුනේ නිට්ටබුව නගරයේ තිලකවර්ධන රෙදිකඩයේ සාකාවක් විවුර්ත කර තිබූ දසුනකි.රෙදි ගැනීමට කඩය තුලට ඇතුලු කර ගන්නේ කොටස් වසයෙනි.අනිකුත් අය පොලිම් සෑදී ඉන්  පිටත රැස්ව සිටියහ.එම කඩේ විවුර්ත කරන නැකතත් සිකුරාදාවකට වැටී තිබුනේ අපේම කරුමෙට තමා.ඉන් පසු බසය ඉතාමත් වේගයෙන් ගමන් කිරීය.අබේපුස්ස සිට කුරුණැගල දක්වා A6 මාර්ගය දැන් කල් ඉකුත් වී ඇත.පසුගිය සමයේ උතුරේ යුද්දය අවාසන වීමත් සමග මෙම මාර්ග බොහෝසේ බාවිතා වේ මන්ද මෙම මර්ගය කොලබ සමග උතුර නැගෙනහිර යාකරන ප්‍රධාන මාර්ගය වීමයි. සවස 7.15 පමන වන විට බසය වදුරාගල(කුරුණෑගලට km 4k 5k) අසන්නයට පැමින නැවතත් මාර්ග තදබදයකට මුහුන දුන්නේය.පැය බාගයක් විතර ගියේය බසය මීටර් 10ක් වත් ඉදිරියට නොගියේය.පසුව අපට දැන ගැනීමට වූයේ වැහැර ප්‍රදේසයේ විසාල රිය අනතුරක් සිදුවී ඇති බැවින් දෙපසටම වාහන් ධාවනය කිරීමට නොහැති බවකි.වාසනාවට මෙන් කුරුණෑගල නගරයට පිවිසීමට මෙම මාර්ගයට සමාන්තරව කුරුණෑගල මීගමුව මාර්ගය ඇත එබැවින් බසය නැවත හරවාගෙන මෙම මාර්ග දෙක යාවන අතුරු මාර්ගයක් වෙත ගියේය.එම මාර්ගයේ කිහිප දුරකි යන්න හැකි උනේ නැවත තදබදයකට මුහුන දීමට සිදු වුනේ එම මාර්ගයේ වාහන 2ක් මරුවීමට ඇති අපහසු තාවය නිසාය ඉතාම අමරුවෙන් ඉදිරියට ගියද පාරේ වාහන සියල්ල හිරවී ඇත,උත්ගත වී ඇති තත්වය සමතයකට පත් කිරීමට විජයබාහු රෙජිමේන්තුවේ යුධ හමුදා සෙබලුන්ගේ හා බස් රත වල පැමිනි මගීන් ගේ සහය ලැබුනි.අපට ඉදිරියෙන් පැමිනි සියලුම වාහන මීගමු පාර තෙක් ඉවත් කරන තුරු බලා සිටීමට සිදුවිය.3Km පමන  ඉදිරියෙන් වූ බස් ලොරි වැනි වාහන ඉවත් කල පසු ගමන් ඇරබූ බස් රතය 9.30 පමන වන විට කුරුණෑගලට පැමිනියේය.අපි අතුරු මාර්ගයේ හිර වී සිටි විට හිතුවේ දැන් පාර clear කර ඇතිව ඇතිකියාය.නමුත්  කොලබ පාරේ කුරුණෑගල නගරයේ සිටම වාහන තදබදයය.එම නිසා පයින් නිවස බලා පැමිනියෙමි මේවන විට පොලිසිස් රතවාහන ඒකකයේ පිරිස් නගරය පුරා යොදවා තිබුනි.මෙම රිය අනතුර නොතිබුනා නම් 7.30 වීමට පෙර නිවසට ඒමට හැකිවන අතර එන බසයේම නිවස අසලින් බැසගැනීමට හැකිවේ.අබේපුස්ස සිට කුරුණැගල දක්වා A6 මාර්ගය කුරුණැගල පොල්ගහවෙල අලව්ව නගර ආසන්නව අබලන් වී ඇති බැවින් කොලබ සමග උතුර නැගෙනහිර පොලොන්නරුව අනුරධපුර යාකරන මෙවැනි වැදගත් මාර්ග ඉක්මනින් පිලිසතර කිරීම ආණ්ඩුවේ වගකීමක් නොවෙද? මෙවන් වාහන තදබද ඉක්මනින් කලමනාකරනය කරගැනීමට නොහැකි තරම් පොලීසිය අසමත් ඇයි?

1 comment:

  1. සිරා... කඩුවෙල ගෙන නම් කතා කරලා වැඩක් නැ. පිටකොටුවෙවත් එච්චර traffic එකක් නැහැ

    ReplyDelete