Monday, June 11, 2012

යුද ගිනි නිවූ රණවිරුවෝ සාගිනි නිවන්න පෙරමුණේ

* වී-කුරහන්-උඳු-කව්පි බඩ ඉරිඟු අක්.8000යි
* කොන්ඩච්චි කැලෑවේ කජු අක්කර 7000 යි
* බළකායේ සුව සවියට රුපියල් කෝටි 17ක්

යුද්ධය අවසන් වීමෙන් පසු සිවිල් ආරක්ෂක බළකායේ රණවිරුවන් පසුගිය වසර දෙකහමාර තුළ කැලෑ ඉඩම් සහ පුරන් කුඹුරු අක්කර පහළොස් දහසක් පමණ වගා කර තිබේ. ඒ යටතේ කෘෂි ව්‍යාපෘති 621 ක්ද ඉදිකර ඇත.වසර තිහක් කොටි අණසකට යටව විනාශ වී තිබූ කොණ්ඩච්චි අක්කර හත්දහසේ කජු වගාව යළි වගා කිරීම මෙහිලා විශේෂත්වයකි.
මේ කජු අක්කර හත් දහසෙන් කජු පැළ ලක්ෂ විසි පහක් පැළ කෙරේ. දැනටමත් අක්කර දහසක කජු පැළ වගා කැර ඇති අතර වසර තුනකින් ඵලදාව අපේක්ෂා කරන බව සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා කීය. වී අක්කර තුන් දහසක් බඩඉරිඟු අක්කර තුන් දහසක්, කුරහන් අක්කර හැටක්, උඳු අක්කර 30 ක්, කව්පි අක්කර අසුහතක් සහ වෙනත් බෝග අක්කර 684 ක් ද වගා කර ඇත.
යුද්ධය අවසන් වීමෙන් පසු විසුරුවා හැරීමට සිටි සිවිල් ආරක්ෂක බළකාය ස්ථාපිත කර ඔවුන් සංවර්ධනයට යෙදවීම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත සිදුවිය. වගාකරන ලද කුඹුරුවල අස්වැන්න කැබිතිගොල්ලෑව පිහිටි වී මෝලකින් කොටා සහන මිලට රට පුරා සහල් යැවේ. බඩඉරිඟු අස්වැන්න එසේ යැවීමටද බලාපොරොත්තු වෙයි. සිවිල් ආරක්ෂක බළකාය කෘෂිකර්ම කටයුතුවලින් ලැබූ ආදායමෙන් ට්‍රැක්ටර් 30 ක් මිලදී ගෙන ඇත.
රුපියල් මිලියන 80 ක ස්ථාපිත මුදලක්ද එම බළකාය සතුව පවතී. එම බළකාය විසින්ම පිහිටුවා ගත් සුවසවිය සෞඛ්‍ය අරමුදල රුපියල් කෝටි 17 කින් ශක්තිමත් වී ඇත. මියයන සෙබළෙකු වෙනුවෙන් ලක්ෂයක් ගෙවනු ලබයි. දැනට පනස් දෙනකු වෙනුවෙන් ගෙවීම් කැර තිබේ. කොන්ත්‍රාත්කරුවන් හරහා මෙතෙක් කාලයක් කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘති, ආගමික කටයුතු, සුබසාධක, ඉදිකිරීම්, ආයතන ආරක්ෂාව ආදිය බළකායේ රණවිරුවන් යොදා සිදුකිරීමෙන් රජයට කෝටි ගණනක ආදායමක් ඉතිරිකර ගැනීමටද හැකිවී තිබේ.

විජයානි එදිරිසිංහ

3 comments:

  1. මෙන්න අශ්චර්යයට යනවනම් යන්න තියන පාරවල්.. +++ වැඩක්.. +++ ලිපියක්

    ReplyDelete
  2. අපේ හුඟදෙනෙක් හමුදාවෙන වෙලව්ලුකිරනවා.කානු ශුද්ද කරනවා කියලා කැත විදියටා අපහාස කරනවා .. ඒවගේ රටේ හිරවෙලා තියෙනා වැඩ කරනවාවගෙම එරටට ඕනැ කරන ආහාර ටිකටත් මේ වෙලාවේ හමුදාවේන් සහයෝගය අරගෙන සම්පුර්න කරගත්තොත් අපේ හමුදවට තවත් ගරු නම්ඹු ලැබෙනවාමයි.වැඩි පුර ඉන්න හමුදාවෙ අය ඒවගේ වැඩට යොදාගැනිමේ කිසිම වරදක් තියෙන්න බෑ.. ඒඅතින් ගෝටාභය ලේකම් තුමාට අපි ස්තුති කරන්න ඕන මේවගේ එතුමගේ හොඳ වැඩවලට. තවත් එකක් කියන්නම් අපිට මුහුදු මාලු මේ දවස් වල හුඟක් මිල වැඩියි.. හැමදම. මේ පුරුදු මාලු අල්ලන අයට විතරක් මාලු ඇල්ලිල ට ඉඩ දිලා තිබ්බම මලු මුදලාලිලා හිතූගනන් තියාගෙන මාලු විකුනනවා. පුලුවන්නම් අපේ නේවි එකේ තියෙන බෝඅට්ටු වලින් අලුත් ක්‍රමයට් නේවේ එක දාලා මූදු මාලු අල්ලා වෙදපොලට දානවානම් මාලු මිලත් අඩු කරන්න පුලුවන් . එතකොට ඉන්දියාවෙන් ඇවිත් හොරෙන් අපේ මාලු ටික අල්ලන එකත් නතර කර ගන්න පුලුවන් ..

    ReplyDelete
  3. තමන්ගේ රට වෙනුවෙන් හැකි උපරිමයෙන් සේවය කරන එක වටිනවා

    ReplyDelete