Friday, May 25, 2012

සිරි දළදා හාමුදුරුවන් පිළිබද එක්‌ සත්‍ය කථාවක්‌

මේ කතාන්තරය මෙයින් වසර 90 කට පෙර එනම් 1921.05.12 වනිදා සිදු වූ අපූර්ව සිද්ධියකි.
එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්‌” මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර “ක්‌වීන්ස්‌” හෝටලයේය.
එදා වෙසක්‌ පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව “චාමස්‌” උඩුමහලේ සිට දැක්‌කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්‌තිමත් ගෞරවයක්‌ පැවතීම ගැන අග්‍රාණ්‌ඩුකාරයාට ඉවසිය නොහැකි විය. ශ්‍රී දන්තධාතූන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක්‌ සහ වෛරයක්‌ ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක්‌ සහ කුලුගෙඩියක්‌ සොයාගෙන එන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි.
ටික වේලාවකින් අග්‍රාණ්‌ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය කුලුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්‌ඩාර උයනේ එක්‌තැනක රඳවා මාළිගාවෙන් පිටතට ගත් දළදාවහන්සේ කිණිහිරය මත තැබීමට අග්‍රාණ්‌ඩුකාරයා නිsයම කෙරිණි.
සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක්‌ සපුරා සිටින මොරගොල්ලේ රංඑතනාද ඒ පිරිස අතර වූහ.
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කිණිහිරය මත තබා කුලුගෙඩියෙන් ගසා කුඩුකර දමන ලෙස අග්‍රාණ්‌aඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජනියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු (සමාවුව මැනවි දළදාහිමියනි) දළදා හිමියන් කිණිහිරය මැද තබා කුලුගෙඩිය ඔසවා වැරෙන් පහරක්‌ පහළට පාත් කළේය. නමුත් කුලුගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එතැන නොවීය. අනේ සාදු….. අනේ සාදු… අනේ සාදු…. කවුරුත් හඬනගන්නට වූහ. 
අග්‍රාණ්‌ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය….. ඉක්‌මනට හොයාපිය. නැත්තං තොටත් මරණය. සුද්දා ගෝලුගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතූන් වහන්සේ සෙවූහ. කොතැනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇද්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරයේ එවැනි කිසිදු ලකුණක්‌ නොවීය.
කෝ තොපේ බුද්ධා… හොයා පියව්….. නැත්තං තොපි ඔක්‌කොම මරණවා. සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොර සූරන වැස්‌ස පටන් ගත්තේය. දොඹගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. “වැස්‌ස නවතීවි” යන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක්‌ සිටි නමුත් වැස්‌ස නැවතුනේම නැත. සුද්දා සහ ඔහුqගේ සහචරයෝ තෙම තෙමීම ක්‌වීන්ස්‌ හෝටලයට දුව ගියහ.
එසේ පටන් ගත් වැස්‌ස නැවතුනේම නැත. රැස්‌ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්‌ස නොනැවතීම වහින්නේය.
එදා දවස පමණක්‌ නොව එදා රාත්‍රිය පමණක්‌ නොව ඊළඟ දවසේ පමණක්‌ නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මේ අන්දමට පුරා සති දෙකක්‌ ගෙවී යන තුරුත් වහින්නට විය.
මුළු මහනුවරම වැවක්‌ මෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද “නුවරවැව” බැමි පුපුරා කඩාගෙන යන්නට “ඔන්න මෙන්න” කියා තිබිණි.
අග්‍රාණ්‌ඩුකාරයා කලබල විය. එහෙ මෙහෙ දුවන්නට විය. කරගත හැකි කිසිවක්‌ම නැත. වැව පුපුරා ගියොත් ක්‌වීන්ස්‌ හෝටලයද ඉවර වෙයි. අග්‍රාණ්‌ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය.
දැන් දැන්… මේ දැන් ගිහිං කියාපියව්. අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බ වෙන්න කියල කියාපියව්. දුවපියව් දුවපියව් අග්‍රාණ්‌ඩුකාරයා අණ කළේය.
ටික වේලාවකින් වැස්‌සේ තෙමී ගෙන අහල පහල බෞද්ධයෝ ටික දෙනෙක්‌ පැමිණියහ.
“පරයි…… දැන් පලයව්. දැන්ම පලයව්. තොපේ බුද්ධා කොහොන් හරි හොයාගෙන වරෙව්. බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්‌කෝම මරල දානවා. දැන් පලයව්” අග්‍රාණ්‌ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය.
බෞaදධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුමබණ්‌ඩාර උයනේ තණ කොළ ගහක්‌ නෑර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේට වැඩ සිටි තැන බැලූහ.
කිසිදු අරෝවක්‌ ආපදාවක්‌ නැතිව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩිසිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්‍ෂ කළහ. අනේ සාදු සාදු…. ඔවුන්ට ඉබේටම කියවිණි. සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක්‌ තිස්‌සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා.
අපට අනුකම්පාකොට සහනයක්‌ ලබා දුන මැනවි. වරද කළේ සුද්දා වුනාට අපේ මිනිස්‌සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්‌සෙන් පිටිපස්‌සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්‌සේය.
වැස්‌ස මුළුමනින්ම නැවතී තිබිණි. එක පොදක්‌ වත් වැටෙන්නේ නැත. එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ.
ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය.
“ශ්‍රී දළදා හිමිපාණන්…… ඉස්‌සුවොත්…….. හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා” යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කි¹ බැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය.
අමාරුවෙන් තතන තතනා මේ පුවත හෙළකළ රංඑතනා මිත්තණියන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා.
එප්පාවල – රත්න බී. ඒකනායක

13 comments:

  1. වහින කථාව අහලා තිබුනත් එයට මූලික වූ සිද්ධිය දැනගත්තෙ අදයි.
    ස්තුතියි!

    ReplyDelete
  2. අහල තිබුනෙ එක පාරක් ඇත්ත දළදා වහන්සේ පෙරහැරේ කරඬුවට වැඩම්මවූ නිසා ය වැස්සෙ කියලයි..

    ReplyDelete
  3. ස්තුතියි මේ සිදුවීම පල කලාට .. කවදාකවත් මෙහෙම සිද්දියක් අහලා තිබුනේ නෑ මම .

    ReplyDelete
  4. ස්තුතියි මේක පළ කලාට. හොඳ විස්තරයක්

    ReplyDelete
  5. මේ ලිපිය කියෙව්වාම ශ්‍රී දළදා හිමියන් ගැන තියෙන මගේ භක්තිය තවත් වැඩිවුණා. අර්ථවත් ලිපියක්.

    ReplyDelete
  6. මෙකතාව මම කොහෙදිහරි අහල තියෙනව, එත් හරියට මතක නැහැ, හොඳ ලිපියක්.....මැදැ සුද්දට වෙච්ච දේ පවුනේ සුද්දගෙ මොලේත් පිස්සු වැටෙන්න ඇති......රංඑතනාට අජරාමර නිර්වාණය පතමි, සියලු දෙනාටම "දලදා සමිඳු පිහිටයි"

    ReplyDelete
  7. මේ ෆොටෝ එකත් පෝස්ට් එකටම දැම්මොත් හොදයි කියලා හිතෙනවා.
    http://i722.photobucket.com/albums/ww228/hiranrulez/DaladaWathura.jpg

    ReplyDelete
  8. "මේ කතාන්තරය මෙයින් වසර 90 කට පෙර එනම් 1921.05.12 වනිදා සිදු වූ අපූර්ව සිද්ධියකි. එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්‌” මහතාය"

    මේ කතාවේ පරස්පරතා කීපයක්ම තියෙනවා. මුල්ම කාරණය තමා ඒ කාලයේ ලංකාව පාලනය කළේ අග්‍රාණ්ඩුකාරයෙක් නෙමේ. 1948 ලංකාවට ඩොමීනියන් තත්වයේ නිදහසක් ලැබීමත් එක්කයි ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධූරයක් ඇතිවුනේ. ඒ අග්‍රාණ්ඩුකාර ධූරය 1972 ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන තෙක්ම පැවතුණා.

    අනෙක් කාරණය තමා 1921 දී ලංකාවේ ආණ්ඩුකාරයා වෙලා හිටියේ චාමස් එහෙමත් නැත්නම් රොබට් චාමස් නොවෙන එක. චාමස් ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළේ 1913 ඉදන් 191 වෙනකම්. මේ සිද්ධිය සිදුවුණා කියන 1921 ආණ්ඩුකාරවරයා වුනේ ශ්‍රීමත් විලියම් එච්. මැනිං. ඔහු ආණ්ඩුකාරවරයා විදිහට 1918 ඉදන් 1925 වෙනකම් කටයුතු කරනවා.

    …අනෙක් අතට දළදා පුරාණය ගැන විමසද්දී මේ හා සමානම කතාවක් දඹදිවත් වුණු නිසා ඒ කතාවේ ආකෘතියක් දෝ කියලාත් සැක පහළ වෙනවා...

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. පරස්පරතා තියෙන්න පුළුවන් කෙසේ නමුත් කතාව නම් ඇත්ත
    මේ පුවත හෙළකළ රංඑතනා මිත්තණිය බොරුවක් කිව වෙන්න අමාරුයි(එයා ඇසින් දුටු දෙයක් නේ),මමත් අහල තියනවා ඉස්සර ඔය පේරාදෙණිය,කටුගස්තොට තිබිල තියෙන්නේ බුරුත ලී පළම් 2ක් ලු,ඔය වැස්සට ඒ පළම් 2කම කැඩිලා ගියාලු ඊට පස්සේ තමා අද අපිට දකින්න ලැබෙන යකඩ පළම් 2ක ඉදිකරලා තියෙන්නේ.නුවර යන වෙලාවක බලන්න ඕන ඔය පාලම් ඉදිකරලා තියෙන්නේ මොන අවුරුද්දේද කියල,කටුගස්තොට පාලම ගැන යමක කියනවා නම් අවස්ථා 3 කදී හිටපු ජනාධිපති තුමිය විසින් අබලන් වී ඇති යකඩ පාලම වෙනුවට නව පුළුල් පාලමක් ඉදිකිරීමට මුල්ගල් තිබුවද ඒවා තාවකාලික චන්ද පොරොන්දු විය,පසුව බලයට පත්වුණ ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තැබූ මුල්ගල ක්‍රියාත්මක වී අද පවතින පාලම ඉදිවූ නිසා තමා නුවර වාහන තදබදය යම්තාක් දුරකට වත් අඩු උනේ,පාට පක්ෂ මොනා උනත් ඒ දේ නම් අගය කරන්න ඕන,

    ReplyDelete
    Replies
    1. දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය සම්බන්ධව මට ගැටළුවක් නැහැ... මොකද මමත් දළදා වහන්සේගේ පෙළහර සම්බන්ධව විශ්වාස කරන කෙනෙක් නිසා. ඒ වගේමයි පාලම් කැඩුණු සිද්ධිය ගැන ගත්තොත් ඒක සිදුවුණාය කියන්නේ මේ විදිහට. එක් වසරක දලදා පෙරහැර ඉංග්‍රීසි රජය විසින් නවතා දැමීමත් සමඟම නියං සහගත තත්වයක් ඇතිවීමත් එක්ක මේකට හේතුව දළදා පෙරහැර නොපැවැත්වීම කියලා සිංහල ප්‍රධානීන් කීමත් එක්ක දළදාව වැඩම කරවලා සිදුකරන පිරිත් පිංකම අවසානයේදී තමා මහ වැසි ඇද හැලෙන්නේ....

      අනික් පරස්පරතාවය තියෙන කරුණ තමා මේක
      "එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ.
      ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය"

      මේ සිද්ධ්ය වුණේ 1921 නම් ඒ කාලයේ හිටිය ආණ්ඩුකාරයා වුණු මැනිං විශ්‍රාම යන්නේ 1925. ඒ කියන්නේ මේ සිද්ධිය වෙලාත් අවුරුදු 4 ක් එයා සේවය කරලා තියෙනවා. මේ කතාවේ මුල සහ අග තැන් දෙකේම පරස්පරතාවයක් තියෙන නිසා කතාවේ මැද සම්බන්ධව ප්‍රශ්නාර්ථයක් තමා ඉතුරු වෙන්නේ..... ඔබ මේ කතාව උපුටා ගත්තේ කොහෙන්ද ???

      Delete
  11. ඉරිදා ලංකාදීප පත්තරෙන් වෙන්න ඕන,ලිපිය ලියපු කෙනාගේ නම ඉහත සදහන් කර තිබේ.

    ReplyDelete
    Replies
    1. @ රනා

      මේ දවස්වල ලංකාවේ ජනමාධ්‍යවේදීන් කරන සෙල්ලම් එක්ක මේ කතාවේ සත්‍යතාවය ගැන මට නම් තියෙන්නේ ලොකු ගැටළුවක්

      Delete